අවශ්‍ය ද්‍රව්‍ය
- කඩල (තම්බා ගත්) ග්‍රෑම් 250 ක්,
- මිරිස් කුඩු තේ හැඳි 1ක්,
- කහ තේ හැදි 1/2,
- උලුහාල් තේ හැදි 1/2 ,
- රම්පෙ, කරපිංචා ,
- බී ළූණු ගෙඩි එකක් ,
- වියළි මිරිස් කරල් 4 ක් ,
- බැදපු තුන පහ කුඩු තේ හැන්දක් ,
- මිටි කිරි කෝප්ප 2ක්– 3ක්,
- පොඩි තක්කාලි ගෙඩියක් ,
- අබ ඇට තේ හැදි බාගයයි
සාදන ක්‍රමය
- බෙරි නොවන සේ හොඳින් තම්බා ගත් කඩල වලට පොල් කිරි හා ලුණු දමා පසෙකින් තබන්න. තෙල් ස්වල්පයක් අඩු ගින්දර රස්නයට ලිප තබා ඒ රත් වී එන විට රම්පෙ, කරපිංචා හා අබ ඇට දමා බැදගන්න.අබ ඇට පුපුරා එන විට කපාගත් බීලූනු, අමුමිරිස්, තක්කාලි, වියලි මිරිස්, තෙලට එක්කර ගත යුතුයි.
- මිරිස් කුඩු හා අමු තුන පහ කුඩු ද එකතු කර කරගත් පසුව මිශ්‍රණයේ රන්වන් පැහැවන තුරු බැද ගත් පසුව කඩල මිශ්‍රණයට එකතු කරගන්න. ව්‍යංජනය හොඳින් උතුරා එන විට බැදපු තුන පහ කුඩු එකතු කර ලිපෙන් ඉවතට ගන්න .
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.










