Mallum

May 25, 2023
232.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • රණවරා කොළ,
  • රතුළූණු,
  • අමුමිරිස්,
  • ලුණු,
  • ගාගත් පොල්

සාදන ක්‍රමය

  • රණවරා කොළ ටික හීනියට ලියාගන්න. රතුළූණු ටිකයි අමුමිරිස් ටිකයි හීනියට කපාගෙන ඒවා ගාගත් පොල් එක්ක මිශ්‍ර කරගන්න. ලුණු අවශ්‍ය පමණින් එකතු කරගන්න.
  • ඊට පස්සේ මේ මිශ්‍රණයට මැල්ලුම් කොළ ටික දාලා මලවා ගන්නයි තියෙන්නේ. පස්සේ රහ වැඩි කරගන්න දෙහි චුට්ටක් දාන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
231-1280x720.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ගොටුකොළ,
  • රතුළූණු,
  • සුදුළූණු,
  • අමුමිරිස්,
  • ගාගත් පොල්,
  • උම්බලකඩ,
  • ලුණු,
  • කහ

සාදන ක්‍රමය

  • ගොටුකොළ ටික හීනියට කපාගන්න ඕනි ඉස්සෙල්ලාම. ඊට පස්සේ ගාගත්තු පොල් ටික අරගෙන ඒකට රතුළූණු, සුදුළූණු, අමුමිරිස්, කහ සහ රස අනුව ලුණු දානවා.
  • ඊටත් පස්සේ මේ දෙක එක්කහු කරලා මලවා ගන්නයි තියෙන්නේ. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
230.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • මඤ්ඤොක්කා කොළ,
  • තිබ්බටු,
  • රතුළූණු,
  • වියළි මිරිස්,
  • ගාගත් පොල්,
  • ලුණු,
  • තෙල්

සාදන ක්‍රමය

  • මුලින් ම කෙටිල්ලක් තියෙන්නේ. හොඳින් පිරිසිදු කරගත්තු මඤ්ඤොක්කා කොළ වතුර ටික බේරුණාට පස්සේ වංගෙඩියේ දාලා කොටන්න ඕනි. ටිකකින් මේකට තිබ්බටු එකතු කරලා කොටාගන්න. මේ වෙලාවෙම කොච්චි කරල් කීපයක් එකතු කරොත් රහ වැඩි වෙනවා.
  • ටිකකින් ගාගත්තු පොල් ටික දාලා කොටන්න. හොඳින් කෙටුණාට පස්සේ මේ මිශ්‍රණයට වතුරයි ලුණුයි දාලා පොඩ්ඩක් තැම්බෙන්න අරින්න ඕනි. වෙන මොකටවත් නෙවෙයි කොළ එකේ අමු ගතිය නැති කරන්න. ගොඩක් වෙලා තැම්බෙන්න තියන්න අවශ්‍ය නැහැ.
  • වතුර ටික හිඳුන ගමන් කොළ මිශ්‍රණය වෙනත් භාජනයකට දමා ගන්න ඕනි. ඊට පස්සේ භාජනයක් ලිප තියලා, තෙල් ටිකක් දාලා, ළූණුයි වියළි මිරිසුයි දාලා බැදෙන්න අරින්න. ඊට පස්සේ කොළ මිශ්‍රණය දාලා මලවගන්නයි තියෙන්නේ. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
229.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කතුරුමුරුංගා කොළ,
  • රතුළූණු,
  • අමුමිරිස්,
  • ගාගත් පොල්,
  • උම්බලකඩ,
  • ලුණු,
  • තෙල්

සාදන ක්‍රමය

  • කොළ ටික හොඳින් හෝදලා වතුර බේරුණාට පස්සේ හීනියට ලියාගන්න ඕනි (පෑනෙන් නෙවේ පිහියෙන්). ඒකට කපාගත්තු රතුළූණුයි අමුමිරිසුයි උම්බලකඩයි එකතු කරනවා.
  • ඊට පස්සේ පෑන් එකක් අරන් තෙල් චුට්ටම චුට්ටක් දාලා, රත්වෙනකොට ඒකට ගාගත්තු පොලුයි ලුණුයි දාන්න තියෙන්නේ. පොල් ටික මැලවේගෙන එනකොටම අපේ කොළ මිශ්‍රණය දාලා මද ගින්නේ මලවගන්න.
  • රහ වැඩි කරන්න කහ කුඩු චුට්ටකුයි කුරුඳු කුඩුයි එකතු කරන්න පුළුවන්. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
110.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • නොමේරූ කන්කුන් මිටි 1 යි,
  • රතුළූණු ගෙඩි 10 යි (තීරු කපාගන්න),
  • අමු මිරිස් කරල් 3 යි (සිහින්ව ලියාගන්න),
  • කහ ස්වල්පයක්,
  • ලුණු ස්වල්පයක්,
  • මිරිස් කුඩු තේ හැඳි 1 යි,
  • උම්බලකඩ කුඩු මේස හැඳි 1 යි,
  • වතුර කෝප්ප 1/2 යි,
  • තෙල් ස්වල්පයක්

සාදන ක්‍රමය

  • කන්කුන් කුඩා තරමක් කුඩා කර කපාගන්න. කපාගත් කන්කුන් රතුළූණු, අමු මිරිස්, ලුණු, කහ, මිරිස් කුඩු, උම්බලකඩ කුඩු සමග අනාගන්න.
  • සියල්ල ඇතිළීයකට දමා වතුර කෝප්ප 1/2 ක් එකතු කරමින් හොඳින් පිසගන්න. පසුව ඇතිළියකට තෙල් දමා රත්වූ පස් එම තෙලට කලින් පිසගත් කන්කුන් එකතු කර තෙම්පරාදු කරගන්න.

ඔබට මෙය මෙසේද හැදිය හැක

  • තෙල් ටිකක් ලිප තබා කපාගත් කන්කුන් රතුළූණු, අමු මිරිස්, කහ, මිරිස් කුඩු, උම්බලකඩ කුඩු සමග අනාගත් සියල්ල තෙලෙන් ස්වල්ප මොහොතක් තම්බා එයට වතුර කෝප්ප භාගයක් හෝ කාලක් දමා පිස ගන්න. යන්තම් ඉස්ම හිදීගෙන එනවිට ලුණු බලා ලිපෙන් බා ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!