Salads Lunch

June 7, 2023
332.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

ලපටි නෙළුම් අල ,

බී ළුණු ගෙඩි 1 ක්,

අමු මිරිස් කරල් කිහිපයක් ,

මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්,

රටකජු ස්වල්පයක්,

සීනි ස්වල්පයක් ,

ලුණු (රස අනුව),

ලුණු දෙහි ස්වල්පයක්

සාදන ක්‍රමය 

  • පළමුව නෙළුම් අල ගෙන සුද්ද කර සිහින් පෙති කපා ගැඹුරු තෙලේ බැදගන්න. බී ළූණු, අමුමිරිස් සිහින් කැබලි වලට කපා ගන්න. 
  • ඉන්පසු කට පළල මැටි බඳුනක් හෝ දීසියක් ගෙන කපාගත් බී ළූණු, අමුමිරිස්, මිරිස්කුඩු එයට එක්කර හොඳින් අනාගන්න.
  • අනතුරුව ලුණුදෙහි, සීනි, ලුණු රස අනුව එකතු කර අවසානයේ බැදගත් නෙළුම් අල, රටකජු මද ද මිශ්‍ර කර නැවතත් අනාගන්න. (නෙළුම් අල වෙනුවට කොහිල අල ද භාවිතයට ගත හැකිය. සුදු කැකුළු බත සමඟ කදිම එකතුවකි.) 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
121.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • තක්කාලි ගෙඩි 4 යි,
  • දෙහි බෑවක්,
  • බී ළූණු ගෙඩි 2 යි,
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්,
  • ලුණු කුඩු ස්වල්පයක්

සාදන ක්‍රමය

  • භාජනයකට මිරිකා ගත් දෙහි, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, අවශ්‍ය පරිදි දමා කළවම් කරන්න. 
  • පෙති කපාගත් තක්කාලි හා බී ළූණු වලට මේ මිශ්‍රණය පොඩි නොවන සේ කළවම් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
116-1280x957.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • බීට්රූට් ග්‍රෑම් 100 යි,
  • කැරට් ග්‍රෑම් 100 යි,
  • ලොකු ළූණු ගෙඩි 2 යි,
  • තක්කාලි ගෙඩි 2 යි,
  • දෙහි ස්වල්පයක්,
  • අබ ස්වල්පයක්,
  • ලුණු ස්වල්පයක්,
  • සීනි ස්වල්පයක්,
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්,
  • විනාකිරි මේස හැඳි 1 ක්

සාදන ක්‍රමය

  • බීට්රූට් හා කැරට් වෙන වෙනම තම්බා පොතු ඉවත්කර කුඩා හතරැස් කැබලි වලට කපාගන්න. ලුනු හා තක්කාලි ද කුඩා හතරැස් කැබලි වලට කපාගන්න.
  • බීට්රූට්, කැරට්, ලොකු ළූණු, තක්කාලි හැර අනෙක් සියළුම ද්‍රව්‍ය බඳුනකට දමා මිශ්‍රණය සාදා ගන්න. ඉන්පසුව බීට්රූට් ඇතුළු අනෙක් ද්‍රව්‍යද කළවම් කරන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
104.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • මයෝනිස් 3 හැදි (44 ml),
  • ලෙමන් යුෂ තේ හැඳි 2 ක් (9.9 ml),
  • සුදුළුනු කැඩුණු කැබලි 1 තේ හැදි (3g),
  • තද බිත්තර 6 ක්,
  • අලිගැට පේර 1 යි,
  • රස කිරීමට ලුණු හා කළු ගම්මිරිස්

සාදන ක්‍රමය

  • මධ්‍යම ප්‍රමාණයේ බඳුනකට මයෝනිස් මේස හැඳි 3 ක් (මිලි ලීටර් 44) සහ ලෙමන් යුෂ තේ හැඳි 2 ක් (මිලි ලීටර් 9.9) දමන්න. අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කරන්න. ඔබ කැමති නම්, රසයට ලුණු ස්වල්පයක් සහ ගම්මිරිස් එකතු කළ හැකිය.
  • තැම්බූ බිත්තර 6 ක් කපා දමන්න. අලිගැට පේර කියුබ් කරන්න. 
  • අලිගැට පේර, බිත්තර, මයෝනිස්  ලෙමන් යුෂ මිශ්‍ර කර බඳුනක තබන්න. 
  • අමුද්‍රව්‍ය මෘදු  ලෙස මිශ්‍ර කරන්න. 
  • ඔබේ රසවත් බිත්තර සලාද භුක්ති විඳින්න.

May 24, 2023
85-1280x717.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • සිහින්ව දිගටියට කපා ගත් ඇපල් ගෙඩි කිහිපයක් 3ක් ,
  • කුඩාවට කපාගත් බී ලූණු ගෙඩියක්,
  • සිහින්ව දිගටියට කපාගත් රතු කොළකහ බෙල්පෙපර් 30g පමණ,
  • සිහින්ව කපාගත් ලූණු කොළ කිහිපයක්,
  • මිරිස් කුඩු තේ හැදි 1/2 (අවශ්‍ය පමණට රස අනුව),
  • අන්නාසි යුෂ මේස හැදි කාලක් හෝ බාගයක්,
  • ඔලිව් ඔයිල් තේ හැදි 1,
  • ලුණු අවශ්‍ය පමණට,
  • ගම්මිරිස් කුඩු රස අනුව

සාදන ක්‍රමය

  • ඇපල්, බී ලූණූ, බෙල්පෙපර්, ලූණු කොළ භාජනයකට දමා ගන්න.
  • එයට මිරිස් කුඩු, අන්නාසි යුෂ, ඔලිව් ඔයිල්, ගම්මිරිස් කුඩු හා ලුණු දමා කලවම් කරන්න.
  • ශීතකරණයේ මද වේලාවක් තබන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!