Sauce / Jam / Chutney

May 24, 2023
95-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

දිවුල් ගෙඩි 2 ක් ,

සීනි මේස හැඳි 2 ක් ,

ගම්මිරිස් ඇට කෑලි දෙකට තුනට සිටිනසේ ,

තේ හැදි1 ක් ,

ලුනු තේ හැදි 2 ක් ,

සිහින්ව කපා බැදගත් කරපිංචා තේ හැඳි  2 ක් ,

කෑලි මිරිස් තේ හැඳි 1 ක් 

සාදන ක්‍රමය 

  • දිවුල් ටික දෙතුන් වරක් පොඩි කළ සෝදා පෙරා ගන්න.

  • ලිපේ තබා හිදින්නට හරින්න.හිඳෙන විට උඩට මතුවන පෙන ඉවත් කරන්න.

  • අනෙකුත් සියල්ල එකට දමා මදගින්නේ උකු වන විට ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හැර සෝස් එකක් වශයෙන් පාවිච්චි කරන්න .

May 24, 2023
94-1-1280x960.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

තක්කාලි ග්‍රෑම් 250 ක්,

විනාකිරි මේස හැදි 4 ක්,

මිරිස් කුඩු තේ හැඳි 1 ½ ක්,

සිහින් ව ලියා ගත් සුදුළූණු තේ හැඳි ½ ක්,

සීනි මේස හැඳි 5 ක් ,

කෝන් පිටි මේස හැදි 1 ක් 

සාදන ක්‍රමය 

  • තක්කාලි උණු වතුර දමා පිටපොත්ත හැලෙන තෙක් තම්බන්න.

  • ඉන්පසු තක්කාලිවල තක්කාලි වල පොතවල පොත්ත ඉවත් කර පොඩි කර හොඳින් පෙරා ගන්න .

  • එයට සියලුම ද්‍රව්‍ය එකතුකර එකතු කර ලිප තබා උකුවන තෙක් පිසගන්න.එය උකු වේගන එන විට කෝන්පිටි මේස හැන්දක් ඇල් වතුරෙ දියකර එයට එක්කරන්න.

  •  සෝස් ප්‍රමාණයට එනවිට ලිපෙන් ඉවතට ගත යුතුය.

  • එයට ලුණු තේ හැඳි එකක් එක් කරන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
93-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

බිත්තර කහමද 2 ක්,

විනාකිරි තේ හැඳි ½ ක්,

ලුණු ,

ගම්මිරිස් ,

අබ ක්‍රීම්,

එළවළු තෙල්

සාදන ක්‍රමය 

  • කෝප්පයක් සෝදා පිසදාගෙන මාත්තු කරගන්න.

  • එයට බිත්තර කහමද එකක් ලුණු ගම්මිරිස් ටිකක් අබ ක්‍රීම්  ස්වල්පයක් විනාකිරි තේ හැඳි ½ ක් මිශ්‍ර කළ ගමන් එළවළු තෙල් බින්දුව බැගින් එකතු කර ක්‍රීම් වනතෙක් සකසන්න.

  • මෙසේ සකසා ගත් ක්‍රීම් එක පළමුව සකස්කරගත් එළවළු සලාදය උඩින්ම දමන්න.

May 24, 2023
92-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

හතර දෙනෙක් සඳහා ,

අඹරාගත් බැටලු මස් ග්‍රෑම් 500 යි 

කුඩා වට චොප් කරන ලද  බී ළූණු ග්‍රෑම් 50 යි 

ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු රස පදමට ,

කුඩාවට චොප් කරන ලද පාස්ලි මේ හැඳි 2 ක් ,

කර සූදුරු ඇට මේ සැදී 2 ක්

මිරිස් කුඩු තේ හැඳි 1 ක්,

සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 2 ක් 

සාදන ක්‍රමය 

  • අඹරාගත් මත් මාත් සමග සඳහන් කළ සියලුම ද්‍රව්‍ය එකට එක්කර එහි රස පදමට ලුණු, ගම්මිරිස් එක්කර එක් කර හොඳට කලවම් කරගන්න. මෙය ඔබ කැමති හැඩයකට කේක් එකක් ලෙස සාදා ගන්න .
  • දැන් හොඳට රත් වූ ඩ්‍රිල් එකක් මත තබා එක පැත්තක් විනාඩි දෙකක් අතර කාලයක් නැවත අනෙක් පැත්ත හරවා ඉහත කාලයම පිස දුඹුරු පැහැයට හැරුන පසු බා ගන්න.
  • මෙය නැවතත් තක්කාලි සෝස් එක මත බහා විනාඩි දහයක් පමණ කාලයක් පිස අරාබි පතක් හෝ අරාබි පාන් සමඟ උණුසුම්ව කෑම මේසයට යවන්න.

May 24, 2023
25-1-1280x855.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සීනි 250g
  • තක්කාලි 500g
  • කරදමුංගු කුඩු ස්වල්පයක්

සාදන ක්‍රමය

  • තක්කාලි වලට උණු වතුර දමා ස්වල්ප වෙලාවක් වසා තබා පොඩිකර ඉස්ම ලිප තබා එයට සීනි හා කරදමුංගු කුඩු දමා හොඳින් උකුවන තුරු උයාගන්න .

May 24, 2023
24-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • ඉදුණු නොවි 500g
  • සීනි 500g
  • කරදමුංගු කුඩු තේ හැඳි 1/4
  • වැනිලා ස්වල්පයක් 

සාදන ක්‍රමය

  • ලොවි උණු වතුරේ දමා පෙඟුණු පසු ලෙලි ඉවත් කර අතින් හොඳ හැටි පොඩි කරගන්න . 
  • භාජනයකට වතුර ස්වල්පයක් දමා සීනි එක් කරන්න.
  • සීනි දිය වූ  පසු ලොවි කරදමුංගු  කරාබුනැටි කුඩු ආදිය දමා උණුකර පදමට ආපසු බෝතල් වල අසුරා ගන්න.

May 24, 2023
23-1-1280x1280.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • රට ඉදි 500g  
  • සීනි 250g
  • වතුර බෝතල්1/2 
  • සාදික්කා කුඩු තේ හැඳි 1/2 
  • දෙහි යුෂ ස්වල්පයක් 
  • බටර් ස්වල්පයක් 

සාදන ක්‍රමය 

  • රට ඉඳිවල ඇට ඉවත් කර කුඩා කැබලිවලට කපා භාජනයකට වතුර එක්කර මද ගින්නේ තම්බා ගන්න
  • තැම්බීගෙන එන විට සීනි හා බටර් දමා ගන්න. ඊට පසු ටිකකින්  සාදික්කා කුඩු ස්වල්පයක් එකතු කර මිශ්‍රණය ඝන වූ පසු ලිපෙන් බා ගන්න .

May 24, 2023
22.jpeg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • ඉදුණු අන්නාසි ගෙඩියක් 
  • සිනි කිලෝ 1/2

සාදන ක්‍රමය

  • ඉතුරු අන්නාසි ගෙඩිය ගෙන දෙකට කපා හිරමනයකින් සිහින්ව ගා ගන්න.
  • එලෙස ගාගත් අන්නාසි සහ සීනි භාජනයකට දමා ලිපේ තියා කලවම් කරමින් උකු වෙනතුරු තම්බා ගන්න.
  • ඉන්පසු එය ලිපෙන් ඉවත් කර ගෙන නිවෙන්නට හැර සුවඳ ජාති දමා බෝතලයක අසුරා ගන්න.

May 24, 2023
21-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • ඉදුණු දිවුල්ගෙඩි හතරක මද
  • සීනි රාත්තල් 1/2
  • වතුර කෝප්ප
  • ලුණු ස්වල්පයක් 

සාදන ක්‍රමය 

  • ඉදුණු දිවුල් ගෙඩි හතරෙ මද භාජනයකට දමා පොඩි කරන්න. 
  • පසුව වතුර කෝප්ප 3 ක්ද එයට දමා ලුණු ස්වල්පයක් එක් කරන්න. 
  • දැන් පැය තුන්කාලක් පමණ තබා තම්බන්න. පසුව තුනී රෙද්දකින් පෙරා එයට සීනි දමා ලිප තබා පැණි වනතෙක් උණු කරන්න පසුව භාජනයකට දමන්න.

May 24, 2023
20-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිනි ජම්බු /රතු ජම්බු 
  • සීනි 
  • කරද මුංගු ඇට 2ක් 
  • කරාබු නැටි 2ක් 
  • වතුර 
  • අවශ්‍ය නම් රෝස වතුර

සාදන ආකාරය

  • රතු ජම්බු වඩාත් සුදුසුය ජම්බු දෙකට පලා සෝදා දිය බේරෙන්නට හැර සිහින්ව කපාගන්න
  • මේ සියල්ල එකට දමා මදගින්නේ  ගින්නේ උයා යන්තමින් ඝන වී ගෙන එන විට ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හැර බෝතල් වල දමා ගන්න .

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!