Mutton Curry

අවශ්‍ය ද්‍රව්‍ය
- එළු මස් 1kg,
- තක්කාලී ගෙඩි 2,
- ලුනු ගෙඩියක් ,
- අමු තුනපහ තේ හැදි 1 ක්,
- බැදපු තුනපහ තේ හැදි 1 ක්,
- කහ කුඩු තේ හැදි 1 ක්,
- මිරිස් කුඩු තේ හැදි 3 ක්,
- ගරම්මාසාලා කුඩු තේ හැදි 2 ක්,
- ගම්මිරිස් කුඩු තේ හැදි 1 ක්,
- දුරු ඇට හා අබ ස්වල්පයක් ,
- කිරි හෝ යෝගට් කප් 1 ක්,
- වතුර ස්වල්පයක් ,
- තෙල් ස්වල්පයක්
සාදන ක්‍රමය
- වියළී මිරිස් කරල් කිහිපයක් ,කුරුදු පොතු කැබැල්ලක් ,කරාබු නැටි කිහිපයක් ,එනසාල් ඇට කිහිපයක් ,ඉගුරු ,සුදු ළුණූ ,රස අනුව ලුණු බෙලෙන්ඩර් කප් එකකට දමා බෙලෙන්ඩර් කරගන්න,එයටම විනාකිරි සහ පොල් කිරි කෝප්ප භාගයක් දමා ගන්න.
- මස් කපා සෝදා පිරිසිදු කර භාජනයකට දමා එයට මෙම පේස්ට් එක දමා හොදින් තවරා ගන්න.සීසන් වෙන්න විනාඩි 20-30 තබාගන්න.
- භාජනයක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත් වන විට අබ,ලුනු දමා පසුව තක්කාලී දමන්න.
- මිනිත්තු තුනකට පසුව පේස්ට් එක දමා ගත් මස් ගෙන එයට මිරිස් කුඩු , තුනපහ කුඩු , දුරු ඇට , හා කහ කුඩු , ගම්මිරිස් , ග්‍රැරැම් මසාලා සහ ලුනු එක්කර කලවම් කරගන්න.එය තෙල් භාජනයට දමා ගන්න,එයට යෝගට් ද දමා කලවම් කරගන්න.
- වතුර කෝප්ප 2 පමණ දමා පියනකින් වසා මද ගින්න්නේ විනාඩි 40 පමණ පිසගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
