Bakery food

June 16, 2023
126-1280x1600.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කිලෝ 1ක් ,

ඊස්ට් ග්‍රෑම් 15 ක් (මේස හැඳි 1 1/2 ක්),

ලුණු ග්‍රෑම් 15 ක්,

සීනි ග්‍රෑම් 50 ක්,

බටර් හෝ මාගරින් ග්‍රෑම් 50 ක් ,

කිරිපිටි ග්‍රෑම් 50 ක්,

අයිස් වතුර මිලිලීටර් 500 ක්

සාදන ආකාරය

  • බදුනකට පිටි, සීනි ,ලුණු, ඊස්ට්, කිරි පිටි දමා මිශ්‍ර කරන්න. ඊට වතුර එකතු කර අතේ නොඇලෙන ප්‍රමාණයට අනා අවසානයේ බටර් දමා අනන්න.
  • අත්තේ ඇලේ නම් තෙල් ටිකක් ගා මිශ්‍රණය විනාඩි 10ක් පමණ අතින් අනන්න. එය විනාඩි 45ක් පිපෙන්න තබන්න .
  • මෙම මිශ්‍රණය තෙත රෙදි කැබැල්ලකින් වසන්න. දැන් මෙම මිශ්‍රණය ග්‍රෑම් 75 බර කොටස් වලට කපා එය රෝල් කර විනාඩි 10ක් තබන්න.
  • ඉන්පසු කිඹුලා බනිස් හැඩේට සාදාගෙන උඩින් වතුර ටිකක් ගාන්න.
  • සීනි කොලයකට එක දමා එය බනිස් ගෙඩිය උඩ තවරා පිපීමට විනාඩි 15ක් සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයකින් විනාඩි 15ක් බේක් කරන්න.

June 6, 2023
133.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

පාන් පිටි කිලෝ 1යි ,

ඊස්ට් ග්‍රෑම් 15යි,

ලුණු ග්‍රෑම් 15යි,

සීනි ග්‍රෑම් 50 යි ,

මාජරින් ග්‍රෑම් 50 යි ,

කිරි පිටි ග්‍රෑම් 50 ,

අයිස් වතුර මිලිලීටර් 500, 

පාන්පිටි ග්‍රෑම් 10ක්,

 දුන් තෙල් මේස හැඳි 2ක් 

සාදන ක්‍රමය 

  • පාන් පිටි ,සීනි, ලුණු ,ඊස්ට් කිරිපිටි එකට මිශ්‍ර කර වතුර දමා අතේ නොඇලෙන සේ අනා  ආවසානය මාගරින් දමා අනා විනාඩි  10 ක් පමණක් අනා විනාඩි 45 ක් පමණ තෙත රෙදි කැබැල්ලකින් වසන්න.
  • දැන් 500g කොටස් වලට කඩන්න. එය රෝල් කර විනාඩි 10 ක් තබන්න. කොටස් තුනී කර දික් අතට රෝල් කරන්න.
  • පාන් පිටි සහ දුන් තෙල් එකට මිශ්‍ර කර තැටියක් ගෙන එයට  දිගට  සාදාගත් පාන් තබා දුන්තෙල් මිශ්‍රණය එහි ආලේප කරන්න. ඉන්පසු අනිත් පාන් කොටස තබාගන්න.
  • මේ ආකාරයට දුන්තෙල් මිශ්‍රණයේ ගා තබා ගන්න. මෙය විනාඩි 15ක්  තැබූ විට පිපේ. එය අවන් එකේ  සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයට විනාඩි 20ක් බේක් කරගන්න.
  • මේ නිවෙන්නට හැර ගලවන්න තැටියේ උඩට දුන්තෙල් මිශ්‍රණය දුන්තෙල් මිශ්‍රණය ගාපන් ටික පැතිලි අතට තබා උඩටද දුන්තෙල් පිටි මිශ්‍රණය ගා සෙල්සියස් අංශක 150 තුළ විනාඩි 15ක් රෝස්ට් කර ගන්න.

May 29, 2023
139.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

පාන් පිටි කිලෝ 1 ක්,

ලූනු ග්‍රෑම් 15 ක්,

යීස්ට්  ග්‍රෑම් 20ක් ,

බටර් ග්‍රෑම් 100 ක් ,

බිත්තර 3 ක් ,

පිටිකිරි ග්‍රෑම් 100 ක් ,

අයිස් වතුර මිලිලීටර් 500 ක් ,

බටර් ග්‍රෑම් 500 ක්,

සීනි ග්‍රෑම් 75ක්,

කස්ටඩ් මිශ්‍රණය, 

කිරි ලීටර් 1 ක් ,

සීනි ග්‍රෑම් 150 ක් ,

කස්ටඩ් පවුඩර් මේස හැදි 3 ක් 

සාදන ක්‍රමය 

  • බඳුනකට පාන් පිටි පාන් පිටි, ලූනු ,යීස්ට්සීනි, කිරිපිටි වතුර දමා අනන්න.
  • එයට බටර් එක්කර නැවතත් අනා පැය 1/2 ක් තබාගන්න.
  • බටර් ග්‍රෑම් 500 තුනී කරගන්න.
  • මෝලිය තුනීකර අධිශීතකරණය කොටසේ තබා පැය 1/2 කින් ඉවතට ගන්න .
  • දැන් මෝලිය මත තුනී කරගත් බටර් තබා බටර් නොපෙනෙන ලෙස වසන්න.
  • ඉන්පසු රෝලින් පින් එකකින්  කරන්න .
  • එය නැවතත් දෙකට නමා නැවත සැරයක් දෙකට නමන්න.
  • තුනීකර අනිත් පැත්ත හරවා හතරට නමා විනාඩි 10 ක් තබා ශීතකරණය යට තට්ටුවේ තබා තුනීකර 4 නමන්න.
  • ඉන්පසු එය ශීතකරණයේ තබා පැයකින් ඉවතට ගෙන තුනී තුනීකර හතරැස් කොටු කපන්න. එහි මැදට ජෑම් හෝ කස්ටඩ් දමන්න.
  • එහි මුළු හතර නම බිත්තර සාරු ගා තැටියක තබා පැය භාගයක් 200C උෂ්ණත්වයකට විනාඩි 15 බේක් කරන්න.

කස්ටඩ් මිශ්‍රණය 

සාදන ක්‍රමය 

  • බඳුනකට කිරි සීනි දමා දියකර ලිප තබන්න.
  • උතුරන විට වතුර ටිකකින් දියකරගත් කස්ටර්ඩ් මිශ්‍රණය දමා ඝන වන විට ලිපෙන් ඉවතට ගන්න .
  • මෙම කස්ටඩ් මිශ්‍රණයේ ප්‍රේස්ට්ය පිරුමක් ලෙස එක් කරන්න.

May 24, 2023
124.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

පාන් පිටි කිලෝ 1ක් ,

සීනි ග්‍රෑම් 75 ක් ,

කිරිපිටි ග්‍රෑම් 100ක් ,

බිත්තර 2ක් ,

ලුණු ග්‍රෑම් 15ක් 

ක්ෂණික යීස්ට් ග්‍රෑම් 15ක්

බටර් ග්‍රෑම් 100ක් ,

අයිස් වතුර මිලිලීටර්  450-500 ත් අතර ,

ලූණු තෙලට පිරුම,

ලොකු ළූණු ග්‍රෑම් 500ක් ,

මිරිස් කෑලි තේ හැඳි 2ක් ,

රසඅනුව ලුණු ,

කරපිංචා ඉත්තක් ,

රම්පෙ කැබැල්ලක් ,

දෙහි යුෂ,

උම්බලකඩ මේස හැඳි 1, 

තෙල් මේස හැඳි 2ක් ,

කහ ස්වල්පයක් 

සාදන ක්‍රමය 

  • බඳුනක් ගෙන එයට හලාගත් පාන් පිටි, සීනි, කිරි, බිත්තර, ලුණු සහ වතුර දමා අත් ගසන්න.
  • මෙය අවසානයට බටර් දමා අනන්න. පාන් වලට වඩා තරමක් බුරුලට අනන්න. මෙම මිශ්‍රණය විනාඩි 45ක් තෙත රෙදි කැබැල්ලකින් වසා තබන්න.
  • ඉන්පසු මිශ්‍රණය කුඩා කොටස් ග්‍රෑම් 50 පමණ බර කඩා බෝල විනාඩි 10-15 තබන්න. ඉන්පසු තුනී කරන්න.
  • මේ සඳහා මාළු ලූනු අල ගෝවා වැනි පිරුමක් සකස් කර ගත හැක .

සාදන ක්‍රමය 

  • බඳුනකට තෙල් දමා රත් කරන්න. රත්වනවිට  විට කරපිංචා, රම්පේ බැදෙන අතර කෑලි මිරිස් සහ උම්බලකඩ, ලුණු සහ ලියාගත් ළූණු දමා රන්වන් පැහැයට බැදගන්න.
  • ලූනු මිශ්‍රණය සාදා ගත් පසු මාළු බනිස් වලට පිරුම දමාගන්නතුනී කරගත් කොටස් ගෙන එහි මැදට ලුණු වලින් ටිකක් තබා කොනකින් නමන්න.
  • ඉන්පසු අනෙක් කොන නමා අනෙක් පැත්ත හරවන්න. එවිට කොන් ටික එකට යාවේ. මත බිත්තර සාරු ගාන්න.
  • එය නැවතත් විනාඩි 15 ක් පිපෙන්න තබා සෙන්ටි ග්‍රේට් 200 උෂ්ණත්වයකින් විනාඩි  15ක් බේක් කරන්න.

May 24, 2023
123-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කිලෝ 1 ,

ඊස්ට් ග්‍රෑම් 20 ( තේ හැඳි 2 ක්) ,

සීනි ග්‍රෑම් 50ක් ,

ලුණු ග්‍රෑම් 15 ක් ,

බටර් හෝ මාජරින් ග්‍රෑම් 500 ක්,

කිරිපිටි ග්‍රෑම් 5 0ක් ,

අයිස් වතුර මිලිලීටර් 500ක් 

සාදන ආකාරය

  • පාන් පිටි, සීනි, ලුණු, ඊස්ට්, කිරිපිටි එකම බඳුනකට දමා මිශ්‍ර කරන්න. එයට වතුර දමා අතේ තරමක් අනා අවසානයේ බටර් දමා අනන්න.
  • අතේ ඇලේ නම් තෙල් ටිකක් ගා මිශ්‍රණය විනාඩි 10ක් අතේ අනන්න. නැතිනම් මැෂිමෙන් විනාඩි 10ක් පමණක් ගසා ගන්න. මෙය විනාඩි 45ක් පිපෙන්න තබන්න.
  • මෙම මිශ්‍රණය තෙත රෙදි කැබැල්ලකින් වසා තබන්න. අවසානය මෝලීයෙන් ග්‍රෑම් 500 බර ප්‍රමාණයට හෝ හෝ 650 බර ප්‍රමාණයට කඩන්න.
  • ඉන්පසු මෙහි බර කිරා විනාඩි දහයක් තබන්න. දැන් පාන් ටින් එකක් ගෙන එහි අඩිය වටේට මාජරින් ගාන්න.
  • නැත්නම් එළවළු තෙල් ගාන්න විනාඩි 10 කින් පසු මිශ්‍රණය අතින් තලා පාන්පිටි එකේ ප්‍රමාණයට දෙපැත්ත නවා රෝල් කර පාන් අච්චුවල දමා විනාඩි 15 – 20 පමණ අච්චුවේ 3/4 කට පිපෙන තුරු උණුසුම් තැනක තබන්න.
  • ඉන්පසු 200’c විනාඩි 20ක් බේක් කරන්න.

May 24, 2023
237.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි කෝප්ප 3 1/2ක්,
  • කිරි මේස හැඳි 1ක්,
  • සීනි මේස හැඳි 1 1/2ක්,
  • යීස්ට් තේ හැඳි 1/2ක්, 
  • ලුණු තේ හැඳි 1/2ක්,
  • වතුර කෝප්ප 1 1/2ක්,

පිරවීමට ,

  • අඹරාගත් මස් කෝප්ප 3 ,
  • ලියා ගත් තක්කාලි  කෝප්ප 1,
  • ලියාගත් ළූණු කෝප්ප 1/2,
  • ඔලිව්තෙල්කෝප්ප 1/4 ලියාගත් පාස්ලි මේස හැඳි 1/2 ,
  • දෙහි යුෂ මේස හැඳි 3, 
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ,
  • ලුණු තේ හැඳි 1/2ක්,
  • කුරුදු කුඩු තේ හැඳි 1/2ක්,
  • තක්කාලිපේස්ට්මේසහැඳි 1

සාදන ක්‍රමය 

  • පිටි,කිරි , යීස්ට් හා ලුණු මිශ්‍ර කරන්න.වතුර හා තෙල් සමග හොඳින් අනා ගන්න ඉන්පසු ප්‍රමාණය දෙගුණ වන තුරු වසා තබන්න. එය කුඩා බෝල හැඩයට සාදා ගන්න. 
  • පිරවුම සාදා ගෙන කුඩා පිටි බෝල තූනී කර, හතරැස් හැඩයට කපා එකකට එක මේස හැන්දක් බැගින් පුරවා , කොන් වලින නවා බෝට්ටුවක් ආකාරයකට සකසා ගන්න. 
  • ඉන්පසු තෙල් තැවරූ තැටියකට 200° උණුසුම්න් විනාඩි 15ක් බේක් කරන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
236.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පාන්පිටි කෝප්ප 3යි,
  • සීනි මේස හැඳි 4යි,
  • කිරි මේස හැඳි 1යි,
  • යිස්ට් මේස හැඳි 1/2යි , 
  • ලුණු තේ හැඳි  1/2යි, 
  • වතුර කෝප්ප 1 1/2යි,

පිරවීමට ,

  • කොටේජ් චීස් ,
  • පෙති කපාගත් ඔලිව් ,
  • තක්කාලි පෙති ,
  • බැදගත් අල 

සාදන ක්‍රමය 

  • පාන් ,පිටි, සීනි ,කිරි ,ලුණු මිශ්‍රකර වතුර හා තෙල්වලින් හොඳින් අනාගන්න එයින් කුඩා බෝල සාදා විනාඩි දහයක් වසා තබන්න.
  • ඉන්පසුඑමබෝලතුනීතුනීකරනකුඩාරවුම්කපාගන්න.
  • එකදමාදෙපැත්තබේක්කරගන්නඑමරවුම්  මතට මිශ්‍රණය පුරවා  සිලින්ඩරාකව රවුම් කර කොටස් දෙකකට කපා පිළිගන්වන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
235.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • උණු වතුර කෝප්ප 01ක්,
  • යීස්ට් 7g,
  • සීනි තේ හැඳි 1ක් ,
  • පාන් පිටි කෝප්ප 1/2ක්,
  • දියකරගත් බටර් 30g,
  • පැණිමේසහැඳි 1ක්,  
  • කුරුඳු කුඩු තේ හැඳි 2ක්

 

සාදන ක්‍රමය

  • බඳුනකට උණු වතුර කෝප්ප 01ක් (ඇඟිල්ල දැමිය හැකි) තරමක් රස්නය ඇති දමා එයට යීස්ට් හා සීනි එකතු කර විනාඩි 5ක් තබන්න. 
  • පාන් පිටි කුරුදු කුඩු බඳුනකට දමා කලවම් කරන්න. දැන් එයට දියකරගත් බටර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. පසුව ඊස්ට් මිශ්‍රණය එකතු කර විනාඩි හතරක් හොඳින් අනාගන්න. බටර් තවරාගත් බඳුනකට මිශ්‍රණය දමා තෙත රෙදි කැබැල්ලකින් වසා රස්නය ඇති ස්ථානයක පැයක් තබන්න පැයකට පසුව ගෙන නැවත විනාඩි තුනක් පමණ අනන්‍න. 
  • පාන් තැටියකට බටර් තවරා සාදා ගත් පිටි මිශ්‍රණය දමා නැවත විනාඩි 40ක් විතර තෙත රෙදි කැබැල්ලකින් වසා තබන්න. පසුව උඩින් පැණි තවරා 180° උෂ්ණත්වය තුළ විනාඩි 40ක් බේක් කරගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
234.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි කප් 2,
  • ලුණු තේ හැඳි 1/2,
  • බටර් මේස හැඳි 3 1/2,
  • ෆ්‍රෙශ් මිල්ක් කප් 3/4

 

සාදන ක්‍රමය

  • බටර් සහ කිරි එකට එක් කර ලිප තබා බටර් දිය වෙන තෙක් යන්තමට රත් කරගෙන ලිපෙන් ඉවත් කරගන්න. කිරි සහ බටර් මිශ්‍රණය පිටි වලට එක් කර එයට ලුණු එක් කර පිටි ටික අනාගන්න.
  • ඇලෙන සුළු නම් තව පිටි ස්වල්පයක් එක් කර අනාගන්න. ලන්ච් ශීට් එකකින් ඔතා පැය භාගයක් පසෙකින් තියාගන්න.
  • ඩෝ එක කොටස් හතරකට කඩාගෙන, පිටි ඉස ගත් ලෑල්ලක තුනී කරගෙන, නන්ස්ටික් තැටියක දමා එක පැත්තක් භාගෙට පුලුස්සා ගෙන අනෙක් පස හරවාගන්න.
  • හරවාගත් පසු පැතලි හැන්දකින් තැනින් තැන තද කරගන්න. බුබුළු මතු වී පිම්බී ඒ පැත්ත සම්පූර්ණයෙන් පිච්චුන පසු නැවත පළමු පැත්ත හරවා සම්පූර්ණයෙන් පුලුස්සා ගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
79.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් 400 ml,

බිත්තර 01,

පිටි 500g ,

කැටි ගැසුණු  සීනි 40g,

01 ෆොස්ෆේට් ෙබ්කිං සෝඩා

01tsp – ලුණු

70g, සීතල, කැටබටර්

150g – මුද්දරප්පලම්

උපදෙස්

1.       උඳුන 20 ° C දක්වා රත් කරන්න. පාච්මන්ට් කඩදාසි සමඟ ෙබ්කිං පත්රයක් රේඛා කරන්න

2.       බටර් සහ බිත්තර එකට සුදුළුනු. ඔබට බටර් නොමැති නම්, කිරි කෝප්පයක් සඳහා දෙහි යුස් හෝ සුදු විනාකිරි එක් tablespoon භාවිතා කරන්න. පසෙකට දමා කිරි en ණී වීමට ඉඩ දෙන්න.

3.       පිටි, සීනි, ෙබ්කිං සෝඩා සහ ලුණු එකට සුදුළුනු. බටර් කපා ඇනූ ගොරෝසු කෑල්ලක් බවට වැඩ කරන්න. මුද්දරප්පලම් බීට් කරන්න.

4.       බටර් / බිත්තර මිශ්රණයට වත් කරන්න. ඇනූ කලවම් කිරීමට තරම් තද වන තුරු ඇනූ මෘදු ලෙස එකට බැඳ තබන්න. සැහැල්ලුවෙන් පිටි ගසන ලද මතුපිටක් මත ඇනූ අඟල් 8 ක් හෝ 9 ක් වටකුරු රොටියක් තුළට පිටි කළ දෑතින් වැඩ කරන්න. පිටි තෙතමනය තෙක් තත්පර 30 ක් ඇනූ ඇනූ. ඇනූ වැඩිපුර ඇලෙන සුළු නම්, තවත් පිටි ටිකක් එකතු කරන්න.

5.       සකස් කළ පෑන් වෙත ඇනූ මාරු කරන්න. ඉතා තියුණු පිහියක් භාවිතා කරමින් ඉහළට X ලකුණු කරන්න. පාන් රන්වන් දුඹුරු වන තෙක් පිළිස්සීම. මෙය විනාඩි 45 ක් පමණ ගත වේ. ඉනොටිස් අධික දුඹුරු පැහැයක් ගනී නම් මම සාමාන්‍යයෙන් පාන් ඇලුමිනියම් තීරු වලින් ආවරණය කරමි. මෙය මම සාමාන්‍යයෙන් කරන්නේ පිළිස්සීමේ වේලාවෙන් අඩක් පමණයි.

6.       උඳුනෙන් ඉවත් කර පාන් විනාඩි 10 ක් සිසිල් කිරීමට ඉඩ දෙන්න, ඉන්පසු කම්බි රාක්කයකට මාරු කරන්න. උණුසුම් හෝ සේවය කරන්න.


WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!