අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් බතල අල හතරක්,
- පාන් පිටි කප් 2,
- පොල් කප් 1/2 (අත්‍යාවශ්‍ය නෑ),
- රස අනුව ලුණු,
- චොප් කරගත් ළූණු,
- අමුමිරිස්,
- වතුර අවශ්‍ය නම්
සාදන ක්‍රමය
- බතල ටික කෑලි නොහිටින්න පොඩි කරගන්න. ඒකට පිටි හැර අනෙක් දේවල් සේරම එකතු කරල හොඳින් අනාගෙන පිටි ටිකත් එකතු කරගෙන නැවත අනාගන්න.
- රොටි පදමට අනාගන්න අවශ්‍ය නම් විතරක් වතුර ස්වල්පයක් එකතු කරගන්න. කොටස් හයකට වෙන් කරන්, බටර් හෝ පොල් තෙල් ගාගත් පිඟානක තබා තුනී කර දෙපැත්තම පුච්චගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.





