Hoppers & Pittu

July 3, 2023
249.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • උදු ඇට ග්‍රෑම් 300ක්,
  • සුදු කැකුළු හාල් ග්‍රෑම් 300ක්,
  • ආප්ප සෝඩා ස්වල්පයක්,
  • ලුණු අවශ්‍ය පමණ 

සාදන ක්‍රමය 

  • උදු ඇට සහ සහල් වෙනුවෙන්ම පෙගෙන්නට දමා පියලි ඉවත් කර හොඳින් අඹරා ගන්න .ආප්ප සෝඩා හා වතුර මෙයට දමා හොඳින් අනා ගන්න .
  • අනාගත උඳු සහල් පිටි සුළං නොවදින ලෙස භාජනයකින් ආවරණය කොට පැය 12ක් පිපෙන්නට හරින්න .
  • සාදාගත් පිටි මිශ්‍රණයට අවශ්‍ය තරමට ලුණු එක් කොට මිශ්‍රණය ඝනවට සාදා ගන්න .
  • තැටියක තෙල් තවරා එය රත්වෙන්නට තබා පිටි මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් දමා තෝසේ සාදා ගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 26, 2023
295.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • තරමක් කෑලි හිටින්න කුඩු කරගත් ඕට්ස් 200g,
  • හාල් පිටි 50g,
  • කුරක්කන් පිටි 50g,
  • පොල් කප් 3,
  • ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

  • මේ සියල්ලම හොඳින් මිශ්‍ර කරගෙන වතුර හෝ පොල් කිරි ටික ටික ඉසිමින් සාමාන්‍ය පිට්ටු විදියටම ඇඟිලි තුඩින් කැට කරගන්න. 
  • පිට්ටු බම්බුවක දමා තම්බාගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 19, 2023
191.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

කුරක්කන් පිටි ග්‍රෑම් 100 ක්,

රතු කැකුළු හාල් පිටි ග්‍රෑම් 50 ක්,

පොල් ග්‍රෑම් 80 ක්,

ලුණු ස්වල්පයක් 

සාදන ක්‍රමය 

  • පිටි දෙවර්ගයම එකට කලවම් කරන්න.
  • පොල් වලට ලුණු හිස පිටි සමග කලවම් කරන්න.
  • ස්ටීමරය ලිප තබා උතුරන විට පිට්ටු සාදාගන්න.

June 12, 2023
247.webp

අවශ්‍ය ද්‍රව්‍ය 

  • උඳු ඇට ග්‍රෑම් 500 යක්,
  • සහල් කිලෝ 1ක් ,
  • බේකින් පවුඩර් ග්‍රෑම් 20ක්,
  • ලුණු ස්වල්පයක්,
  • ජලය ස්වල්පයක් 

සාදන ක්‍රමය 

  • උදු ඇට සහ සහල් වෙන වෙනම ගෙන පැය 12 ක් පමණ පොඟවා ගන්න. උදුපියලි ඉවත් කරගන්න. 
  • ජලය ඉතා ස්වල්පයක් එක් කොට උදු ඇට සහල් වෙන වෙනම ඉතා සිහින් අඹරා ගන්න .
  • පසුව ඉහත මිශ්‍රණ දෙක සමග මිශ්‍ර කොට පැය හයක් අටක් පසෙක තබා ඉට්ලි  තැටියට මිශ්‍රණය එක්කොට තම්බා ගන්න .පසුව උණුසුම්ව චට්නි, සාම්බාරු , අල ව්‍යංජනය සමග පිළිගන්වන්න . 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 8, 2023
290.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉඳිආප්ප 50ක් විතර,
  • තම්බා කැබලි කරගත් චිකන්,
  • තම්බාගත් ග්‍රීන් පීස්,
  • ගරම් මසාලා තේ හැන්දක්,
  • මිරිස් කුඩු තේ හැන්දක්,
  • කහ ටිකක්,
  • කරදමුංගු 5,
  • කරාබුනැටි 6,
  • කුරුඳු පොතු කෑල්ලක්,
  • ස්ටාර් අනීස් (තියෙනව නම්),
  • බේ ලීෆ් එකක්,
  • ෆ්‍රෙශ් මිල්ක් කප් 1/4,
  • චොප් කරගත් ළූණු,
  • ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැන්දක්,
  • කොත්තමල්ලි කොළ මිටක්,
  • බැදගත් කජු,
  • බැදගත් ළූණු

සාදන ක්‍රමය

  • ඉඳිආප්ප ටික පොඩියට කඩාගෙන ෆ්‍රෙශ් මිල්ක් ටික ඉඳිආප්ප වලට ඉස ගෙන පැත්තකින් තියාගන්න.
  • ගී ටිකක් රත් වෙන්න තියල ඒකට ඉඳිආප්ප, කජු, කොත්තමල්ලි කොළ සහ බැදගත් ළූණු හැර අනික් සියළු ද්‍රව්‍ය එකතු කරන්න. 
  • සුවඳ එනතුරු තෙම්පරාදු කරගෙන මේ මිශ්‍රණයට ඉඳිආප්ප ටික එකතු කරගන්න.
  • හොඳින් මිශ්‍ර කර කජු, ළූණු සහ කොත්තමල්ලි කොළ උඩින් ඉස පිළිගන්වන්න.

May 30, 2023
248.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • උදු ඇට ග්‍රෑම් 50ක් ,
  • අමුමිරිස් හෝ කොච්චි මිරිස් ග්‍රෑම් 50ක් ,
  • ලුණු ග්‍රෑම් 50ක්,
  • ගම් මිරිස්, 
  • රම්පෙ, 
  • කරපිංචා ස්වල්පයක් බැගින් ,
  • බැද ගැනීමට තෙල් 

සාදන ක්‍රමය 

  • උළුදු ඇට දිනක් පෙඟෙන්නට හරින්න .එහි පියලි ඉවත් කරන්න .වතුර සියල්ල බේරා හොඳින් අඹරන්න.
  • ලුනු, රම්පෙ, කරපිංචා කුඩාවට කපා ගන්න .
  • අඹරාගත් උළිඳු වලට කපාගත් ල ගත් ළූණු, රම්පෙ, කරපිංචා ද ගම්බිරිස් හා ලුණු ද එක්කර කලවම් කරගන්න .කුඩා බෝල සාදා මැද සිදුරක් තනා රන්වන් පැහැය වන තෙක් බැදගන්න.
  • වඩේ 15ක් – 20ක් පමණ සෑදිය හැකිය.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
183.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් පිටි ග්‍රෑම් 100ක්, 

සිහින්ව ගාගත් පොල් ග්‍රෑම් 80ක් ,

ලුණු ස්වල්පයක් 

සාදන ක්‍රමය

  • පොල්වලට  ලුණු ඉස පිටි සමඟ හොඳින් කලවම් කරන්න. 
  • මෙය පිට්ටු බම්බුවට හෝ  ස්ටීමරයට දමා හොදින් හුමාලයෙන් තම්බා ගන්න.

May 24, 2023
163-1280x1066.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

රුලං කෝප්ප 1 ක්,

දිය කිරි කෝප්ප 1 ක්,

කුඩාවට කපාගත් කැරට් ග්‍රෑම් 50 ක්,

කුඩාවට කපාගත් බොංචි ග්‍රෑම් 50 ක්,

කුඩාවට කපාගත් ලීක්ස් ග්‍රෑම් 50 ක්,,

කපාගත් ළූණු ග්‍රෑම් 30 ක් ,

හීනියට කපාගත් කරපිංචා ටිකක් ,

වියළි මිරිස් කරල් 2 ක් ,

තලාගත් ඉඟුරු තේ හැඳි 1/2 ක් ,

තලාගත් සුදු ළූණු තේ හැඳි 1/2 ක්,

කපාගත් අමු මිරිස් කරල් 2 ක් ,

අබ ඇට ටිකක් ,

අවශ්‍ය පමණ ලුණු ,

එළවළු තෙල් හෝ එළඟිතෙල් මේස හැදි 1 ක් 

සාදන ක්‍රමය

  • රුලං ටික රන්වන් වන්නට බැදගන්න. භාජනයක් ලිපේ තබා එළඟි තෙල් රත් කරන්න . අබ ඇට ටික දමා පුපුරවා ගන්න ඉන්පසු ළූණු, අමු මිරිස් , කරපිංචා ,ඉඟුරු , සුදුළූණු, වියළි මිරිස් කෑලි දමා බැද ගන්න.
  • ඉන්පසු එයට කැරට්, ලීක්ස්, බෝංචි ටික එක්කරන්න.
  • මේවා හොඳින් බැදී ගෙන එන විට දිය කිරි වලට ලුණු කලවම් කර මෙයට එක් කරන්න.
  • ඉන්පසු මෙය උතුරාගෙන එන විට ගින්දර අඩුකර රුලං ටික හෙමින් ටික ටික දමමින් හැඳිගාන්න.
  • එසේ හැඳි ගාන විට හැදුනු ලිහිල්  වූ අපූරු පිටුවක් සාදා ගත හැක.
  • අවශ්‍ය නම් මිරිස් කුඩු ටිකක් දෙහි ටිකක් එක්කර ගත හැක.

May 24, 2023
161.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

බැදගත් පිටි ග්‍රෑම් 500, 

ගාගත් හකුරු ග්‍රෑම් 250 ,

ලුණු තේ හැඳි කාලක් ,

වතුර

සාදන ක්‍රමය 

  • හාල් පිටි බැදගන්න. එයට හකුරු කලවම් කර ලුණු එකතු කර මිශ්‍ර කරන්න. වතුරෙන් පිට්ටු මල් කරන්න.
  • අච්චුවට දමා ඉතිරි හාල්පිටි දවටා ගන්න.
  • ස්ටීමරය ලිප තබා උතුරන විට පිට්ටු සාදාගන්න.

May 24, 2023
155.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

හාල් පිටි  හුණ්ඩු 1/2 බැදගත් ,

බඩඉරිඟු පිටි හුන්ඩු 1/2 යි,

පොල් කෝප්ප 1/2 යි,

අවශ්‍ය තරමට ලුණු වතුර හෝ පොල්කිරි

සාදන ක්‍රමය 

  • පිටි වර්ග දෙක එක් කර හොඳින් හලාගන්න . 
  • භාජනයක් ගෙන පොල් කෝප්ප 1 හමාර , 1 හමාර දමා එයට ලුණු මිශ්‍රකර හලාගත් පිටි මිශ්‍රණය ටිකෙන් ටික දමමින් පොල් කිරි හෝ වතුරෙන් පිට්ටු මල් කරන්න.
  • පිට්ටු පොල් බෝල්කන් අනා ගත් විට මෘදු බවක් මෙන් රසය වැඩිවේ.
  • පිට්ටු තම්බා ගෙන පොල්කිරි ටිකක් ඉස කෑලි කපා ගෙන ආහාරයට ගන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!