අවශ්‍ය ද්‍රව්‍ය
- ඔළුව කඩල ඉවත් කරගත්ත හාල්මැස්සො කප් 1,
- හීනියට කපාගත්ත ළූණු ගෙඩියක් හෝ දෙකක් කැමැත්ත අනුව,
- සුදුළූණු, රම්පෙ, කරපිංචා, අමුමිරිස්
- කෑලි මිරිස් සැර අනුව,
- කහ චුට්ටක්,
- ලුණු,
- සියඹලා ඉස්ම හෝ දෙහි ඇඹුල්,
- තෙල්
සාදන ක්‍රමය
- හාල්මැස්සො ටික විනාඩි දහයක් විතර පෙඟෙන්න තියල හොඳට සෝදගන්න. වතුර බේරෙන්න පැත්තකින් තියන් ඒ අතරතුර ළූණු ටිකට තෙල් හැර අනෙක් සියළුම දේවල් දාල අනාගන්න.
- සියඹලා වෙනුවට දෙහි ගන්නව නම් දෙහි ටික දාගන්න එපා.
- තෙල් ටික රත් වෙන්න තියල ඒකට වතුර බේරගත්ත හාල්මැස්සො ටික එකතු කරගන්න. ටිකක් බැදෙන්න ඇරල ළූණු මිශ්‍රණය එකතු කරගන්න. ළූණු ටික මැලවිලා දුඹුරු පාටට එනකොට ලිප නිවල ටිකකින් දෙහි ඇඹුල් එක් කරගන්න සියඹල නොදානව නම්.
- කරවල තෙල් දාන්නෙත් මේ විදියටමයි. හාල් මැස්සො වෙනුවට කරවල ගන්න. හැබැයි කරවල ගනිද්දි දාන ලුණු ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න. කරවල කොහොමත් ලුණු රසයි.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.









