Sweets

June 20, 2023
181.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • බැදගත් කොස් ඇට 30,
  • ගා ගත් පොල් කෝප්ප 1,
  • සීනි 100g,
  • ලුණු,
  • ගම්මිරිස්,
  • වතුර,
  • කොස් ඇට 30කට වඩා ඕනි නම් සීනි ප්‍රමාණ වෙනස් කරගන්න වෙනවා

 

සාදන ක්‍රමය

  • ඉස්සෙල්ලා ම කොස්ඇට ටික  වංගෙඩියකට දාලා කොටාගන්නවා. ඊට පස්සේ පොල් කෝප්පය දාලා ආයෙත් කොටාගන්නවා. 
  • මේ මිශ්‍රණය භාජනයකට දාලා ඒකට අවශ්‍ය පමණට ලුණු, ගම්මිරිස් කුඩු සහ වතුර එකතු කර හොඳට අනාගෙන අග්ගලා ගුලි හදාගන්නවා.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 12, 2023
100.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 5 යි (සුදු මදය පමනක්),
  • සීනි ග්‍රෑම් 200 යි,
  • වැනිලා ස්වල්පයක්,
  • නොසල් එකක්,
  • (නොසල් එකක් නැතිනම් හැන්දක් හෝ තෙල් කඩදාසියකින් සාදා ගත් ගොටුවක් භාවිතා කරන්න.)

සාදන ක්‍රමය

  • මුලින්ම බිත්තර සුදු මද (කහ මදය නොගෑවෙන සේ ඉවත් කර ගන්න) දීසියකට දමා බීටරයකින් හිම මෙන් පෙණ නගින තුරු ගසාගන්න.(බීට් කරන්න)[ඔබ හොදින් බීට් කර ඇත්නම් භාජනය අනික් පැත්ත හැරෙව්වත් මිශ්‍රනය නොසැලේ.]
  • ඊටම සීනි ටික ටික එකතු කරමින් ගසාගන්න. වැනිලා ස්වල්පයක්ද එකතු කරන්න.
  • ඔබට අවශ්‍ය නම් මෙයට ඔබ කැමති වර්න රසකාරකයක් (කලරින්) එකතුකර ගත හැක.
  • දැන් තෙල් කඩදාසියක් තැටියක අතුරා එහි බටර් සුවල්පයක් ගාගන්න.
  • ඒ මත නොසල් එකක් ආධාරයෙන් සාදා ගත් මිශ්‍රණයෙන් ටික ටික ඇතින් සිටින සේ වක්කරන්න.
  • මෙය සාමාන්‍ය උෂ්ණත්වය ඇති පෝරණුවක විනාඩි 15 පමන පුළුස්සාගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
122.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැකුළු හාල් කිලෝ 1 යි,
  • තරමක් පැසුණු පොල් ගෙඩි 2 යි,
  • ලුණු ස්වල්පයක්,
  • සීනි ග්‍රෑම් 400 යි,
  • පැණි ලීටර් 1/2 යි,
  • එන්සාල් ඇට කීපයක්,
  • කරබු නැටි 2ක් පමණ

සාදන ක්‍රමය

  • හාල් හොඳින් සෝදා ගරා වතුර පෙරාගෙන කොටා පිටි කරගන්න.
  • පෙනේරයකින් පිටි හොඳින් හලාගන්න. පොල් ගෙඩි දෙකෙන් එකක් සිහින්ව ගාගෙන මිටිකිරි සාදාගන්න.
  • මෙහිදී ඉතිරි වූ පොල් කුඩු සහ දෙවැනි පොල් ගෙඩිය ගාගෙන එම පොල්ද එකතු කර ඊට පිටි කැට සාදාගන්න. ඇගිලි තුඩු කවාකාරව පිටි බාජනය වටේ යවමින් ඉතා හීනියට කැට කරගන්න.
  • ඉන්පසු මේ පිටි පිට්ටු බම්බුවකට ඇතුළු කර තදකර වාෂ්පයෙන් තම්බාගන්න.
  • පැණි සාස්පානකට දමා ළිප මත රත් කරමින් ඊට සීනිද ටිකෙන් ටික එකතු කරමින් දිය කරගන්න.(නොනවත්වාම හැදි ගාන්න.) සාදාගත් පැණි ද්‍රාවණයට තලා කුඩුකරගත් එන්සාල් කරබු නැටි සවල්පයක් එකතු කරන්න.( කැමති නම් සූදුරු ඇට කීපයක්ද පැණි වලට එකතු කරන්න)
  • දැන් එයට අර මුලින් මිරිකාගත් මිටි කිරි සවල්පයද එකතු කරන්න.මේ අතර නොනවත්වාම හැදිගාන්න. කලින් සාදාගත් පිට්ටු කැට පොඩිකර ටිකෙන් ටික එකතු කරමින් හැඳි මිටකින් පත් ගාන්න. (ලිපේ ගින්දර හොදටම අඩු කරන්න.) හැන්දේ ඇලෙන පදමට ගෙන ළිපෙන් බාගෙන බටර් ගා ලෑල්ලක අතුරා රුවිත හැඩයට කෑලි කපාගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
100.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 5 යි (සුදු මදය පමනක්),
  • සීනි ග්‍රෑම් 200 යි,
  • වැනිලා ස්වල්පයක්,
  • නොසල් එකක්,
  • (නොසල් එකක් නැතිනම් හැන්දක් හෝ තෙල් කඩදාසියකින් සාදා ගත් ගොටුවක් භාවිතා කරන්න.)

සාදන ක්‍රමය

  • මුලින්ම බිත්තර සුදු මද (කහ මදය නොගෑවෙන සේ ඉවත් කර ගන්න) දීසියකට දමා බීටරයකින් හිම මෙන් පෙණ නගින තුරු ගසාගන්න.(බීට් කරන්න)[ඔබ හොදින් බීට් කර ඇත්නම් භාජනය අනික් පැත්ත හැරෙව්වත් මිශ්‍රනය නොසැලේ.]
  • ඊටම සීනි ටික ටික එකතු කරමින් ගසාගන්න. වැනිලා ස්වල්පයක්ද එකතු කරන්න.
  • ඔබට අවශ්‍ය නම් මෙයට ඔබ කැමති වර්න රසකාරකයක් (කලරින්) එකතුකර ගත හැක.
  • දැන් තෙල් කඩදාසියක් තැටියක අතුරා එහි බටර් සුවල්පයක් ගාගන්න.
  • ඒ මත නොසල් එකක් ආධාරයෙන් සාදා ගත් මිශ්‍රණයෙන් ටික ටික ඇතින් සිටින සේ වක්කරන්න.
  • මෙය සාමාන්‍ය උෂ්ණත්වය ඇති පෝරණුවක විනාඩි 15 පමන පුළුස්සාගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
63.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • හාල් පිටි කෝප්ප 2 1/4,
  • මිටි පොල් කිරි කෝප්ප 1,
  • දිය පොල් කිරි කෝප්ප 1,
  • ලුණු කුඩු මේසහැදි 1/2,
  • පොල් තෙල්,
  • දවුල් කුරුදු කොළ මිටි 1,
  • සීනි කෝප්ප 1 1/2,
  • වතුර කෝප්ප 1

සාදන ක්‍රමය

  • දවුල් කුරුදු කොළ දියකිරි වලින් අඹරා නානු සාදා පෙරාගන්න .
  • හාල් පිටි, සාදාගත් නානු මිශ්‍රණය සහ මිටි කිරි එකට එකතුකර ආප්ප මිශ්‍රණය මෙන් අනාගන්න .
  • දැන් තාච්චියක් ලිපේ තියලා එයට පොල්තෙල් දමා හොදින් රත් වූ පසු ආස්මි හැන්දකින් රවුමට කරකවමින් වත්කරගන්න.(සිදුරු සහිත ගැඹුරු පොල්කටු හැන්දක් ගන්න පුළුවන් )
  • මෙය මදක් බැදෙනකොට තෙල් හැන්දකින් අඩරවුමක් ලෙස නවා දෙපැත්ත දමා බැදගන්න.තෙල් ඉවත් වූ ආස්මි හුලන් නොවදින සේ අසුරා තැබීමෙන් සති 2-3ක් පමණ තබාගැනීමට හැකිය.
  • දින දෙකකින් මේ ආස්මි නැවත බැදගන්න.එතකොට හොද ලස්සන සුදු පාටක් එනවා වගේම හොඳින් පිපිලා එනවා.
  • දැන් මේ බැදුණු ආස්මි වලට උඩින් පැණි මිශ්‍රණයක් දාන්න ඕනෙ රස වෙන්න නම්. ඒකට සීනි සහ වතුර උණු කරලා ඝන වෙන්න කලින් රටාවකට ආස්මි උඩින් වත්කරගන්න. හකුරු උණු කරලා ගන්නත් පුලුවන්. නැත්නම් සීනි මිශ්‍රණය ට කැමති වර්ණයක් යොදාගන්නත් පුළුවන්.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
44.jpg

අවශ්‍ය ද්‍රවය  

  • කෝන් පිටි කෝප්ප 1/2 ක් ,
  • වතුර කෝප්ප 2 ක් ,
  • සීනි කෝප්ප 1 1/4 ක් ,
  • ආහාර වර්ණක ,
  • කජු හෝ ආමන්ඩ් ,
  • දෙහි යුෂ මේස හැදි 1 ක් ,
  • ගිතෙල් මේස හැදි 2  ක් 

සාදන ක්‍රමය 

  • කෝන් පිටි වතුර කෝප්පයක් දමා දිය කරගන්න. භාජනයක් ලිප මත තබා සීනි සහ වතුර කෝප්පයක් දමා සීනි දිය කරගන්න. ඉන් පසු කෝන් පිටි එකතු කරගන්න.
  • මෙහිදී ලිප අඩු ගින්දරේ තබා ගැනීම සහ දිගින් දිගටම කලවම් කිරීම වැදගත්. මිශ්‍රණය උකු වන විට, ගිතෙල් එකතු කරන්න.ඉන් පසු කජු සහ දෙහි යුශ එකතු කරගන්න. 
  • විනාඩි 5ට පමන පසු වෙනත් භාජනයකට දමා ශීතකරණයේ පැයක් පමණ තබා සිසිල් කල ගත් පසු රස විදින්න.

May 22, 2023
7.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • සව් 100g,
  • සීනි 100g,
  • පොල් 100g,
  • බිස්කට් කුඩු 140g,
  • බටර් මේස හැඳි 2ක්,
  • වතුර ස්වල්පයක්

සාදන ක්‍රමය

  • මුලින්ම සව් ටික මදගින්නේ රන්වන් පාට වෙන තෙක් බැදගන්න.
  • ඉන් පසු වතුර හැර අනිත් සියලු ද්‍රවයත් බැදගත් සව්ත් එකට දමා හොදින් අනාගන්න. 
  • ඉන් පසු වතුර තේ හැදි 1 බැගින් දමන්න. ගොඩක් වතුර දාන්න එපා.
  • ඉක්මනින් කැඩෙන ගුලියක් විදිහට අනා ගන්න.
  • ඊටපස්සේ රවුම් කටර් එකකින් කපාගෙන 150°c වලින් විනාඩි 15ක් උඩ යට 2ම බේක් කර ගන්න.

May 22, 2023
5.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ලොකු පොල් ගෙඩි 1 ක කිරි (හොඳින් පැසුණු),
  • පිටි (හාල් පිටි විය යුතුයි) කිලෝ 1 යි,
  • පොල් හෝ කිතුල් පැණි,
  • සීනි, ලුණු, රා මණ්ඩි,
  • කබලේ බැද තලාගත් මාදුරු ඇට කීපයක්,
  • බදින ලද කරදමුංගු ඇට කීපයක්

සාදන ක්‍රමය

  • පොල් ගෙඩියේ කිරි , මැටි මුට්ටියකට දමන්න. කිරි මිරිකීමට පොල්වතුර ගත යුතුයි. මෙයට හාල් පිටි දමා හොඳට කලවම් කරන්න. සීනි ද රා මණ්ඩි ද එකතු කරන්න. පදම විය යුත්තේ ආප්ප පිටි මිශ්‍රණයේ පදමයි. දවසක් හෝ පැය 12 ක් පමණ තබා ආප්ප සෑදීමට ගන්න.
  • පිටි මිශ්‍රණය මේ වන විට හොඳට පිපී තිබී යුතුය. දැන් ලුණු එකතු කළ යුතුයි. ලුණු හොදට මිශ්‍ර වූ පසු ආප්ප සෑදීමට ගන්න. 
  • වඩු මුට්ටියක් ළිප තබා වතුර හොඳින් උතුරන විට සිදුරු සහිත පොල් කටක් මුට්ටියේ කටට තබන්න. 
  • එයට විශාල කැද කොළයක් එළන්න. 
  • මෙයට පොල් කටු හැන්දකින් පිටි මිශ්‍රණය දමන්න.
  • වණ්ඩු මුට්ටි වහන්තරාවකින් වසා එය හතර පැත්තෙන් හුමාලය ටික වේලාවක් බේරෙන්න හරින්න. 
  • වණ්ඩු හැලිය විවෘත කළ පසු වණ්ඩු ආප්පය හතරට පැලී ඇත්නම් එයයි නියම පදමය. මේ වණ්ඩු ආපයක් 4 කට හෝ 8 කට කැපිය හැකිය.
  • (පැණි යොදා හදන කෑම වල පැණි රස ඉස්මතු වී තිබිය යුතුයි . පැණි රස අඩුනම් නීරසය. දිය රස නැති වීමට ලුණු ඇටයක් හෝ සීනි එකතු කළ යුතුය.)

May 22, 2023
4.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • අයිසිං සීනී 250g,
  • පාන් පිටි 250g,
  • ගිතෙල් 250g,
  • වියලි මිදී ස්වල්පයක්

සාදන ක්‍රමය

  • අයිසිං හා පිටි හොදින් පෙනේරයක් ආධාරයෙන් හොදින් හලා ගන්න.පසුව ගිතෙල් මද ගින්නේ දිය කර ගන්න මෙය හොදින් නිමාගෙන අයිසිං හා පිටි සමග හොදින් මිශ්‍ර කර අතේ නොඇලෙන සේ අනා ගන්න.
  • පසුව කුඩා බෝල වලට කඩ ගන්න. මෙය බටර් තැවරු තැටියක අසුරා ගෙන මිදී ඒ මත තබන්න.පසුව මෙය 140′ උෂ්ණත්වයෙන් විනාඩි 10ක් බේක් කර ගන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!