Meat

June 21, 2023
307.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුල් මස් 500g ,

යෝගට් කෝප්ප 2 අමුමිරිස් කරල් 2,

ඉඟුරු කෑල්ලක්, 

මිරිස් කුඩු තේ හැදි 1 1/2, 

සුදුළූණු බික් 2,

විනාකිරි තේ හැද 2 ,

ලුණු 

සාදන ක්‍රමය

  • කුකුල් මස් සෝදා කැබලි කපාගන්න. ඉඟුරු සුදුළූණු හා අමුමිරිස් අඹරා එයට යෝගට් මිශ්‍රකර කැබලි කැපූ කුකුල් මස් වලට  දමන්න. 
  • මිරිස්කුඩු, විනාකිර,ලුණු ද එම මිශ්‍රණයට දමන්න. වතුර ස්වල්පයක් දමා පැය 1 1/2  පමණ පසෙකින් තබන්න. ඊට පසු මෙය අවන් එකක දමා විනාඩි 20ක් පමණ බේක් කරගන්න. 
  • අධි ශීතකරණයේ තබා පසුව පිසගන්න .
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 9, 2023
287.jpg

අවශ්‍ය ද්‍රව්‍ය
  • කෑලි කපා දෙහි සහ ලුණු දමා සීසන් කරගත් චිකන් 1kg,
  • තලාගත් ඉඟුරු තේ හැන්දයි,
  • තලාගත් සුදු ළූණු බික් 3,
  • කොත්තමල්ලි කුඩු තේ හැන්දයි,
  • ගරම් මසාලා තේ හැන්දයි,
  • කුරුඳු කුඩු තේ හැඳි 1/2,
  • කපාගත් ළූණු ගෙඩි 4,
  • කපාගත් තක්කලි ගෙඩි 5,
  • දෙහි බෑයක යුශ,
  • ගම්මිරිස් කුඩු රස අනුව
සාදන ක්‍රමය
  • තෙල් හෝ ගී ටිකක් රත් වෙන්නට හැර ඒකට ළූණු, ඉඟුරු, සුදුළූණු එක් කර ලුණු ස්වල්පයක් දමා ළූණු මැලවෙන තුරු තෙම්පරාදු කරගන්න.
  • ළූණු තෙම්පරාදු වූ පසු එයට තක්කලි, ගරම් මසාලා, කුරුඳු කුඩු සහ කොත්තමල්ලි කුඩු එක් කර හොඳින් මිශ්‍ර කරගෙන එයට කපා ගත් චිකන් එක් කරගන්න.
  • ළූණු සහ තක්කලි වල තෙතමනයෙන් චිකන් එක අඩුම ගින්දරේ තැම්බෙන්නට හරින්න.
  • අවසානයට රස අනුව ගම්මිරිස් සහ ලුණු එකතු කර, දෙහි යුශ දමා ලිපෙන් ඉවත් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 5, 2023
77.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

කිලෝ 1 පමණ කුකුළෙක් ,

සෝයා සෝස් තේ හැඳි 2 ක් ,

ලුණු කුඩු තේ හැදි 1 ක් ,

මී පැණි තේ හැදි 1 ක්

මිරිස් කුඩු තේ හැදි ½ ක් ,

තෙල් මේස හැදි 2 ක්,

අබ ක්‍රීම් තේ හැඳි 1 ක්

සාදන ක්‍රමය 

  • සෝයා සෝස් ලුණු කුඩු මී පැණි අබ ක්‍රීම් මිරිස් කුඩු මිරිස්කුඩු තෙල් යන සියල්ල භාජනයකට දමා හොඳින් කලවම් කරගන්න .

  • සෝදා  තෙත මාත්තු කර ගත් කුකුළාට මේ මිශ්‍රණය තවරා අවන් එකක 175 – 200C අතර විනාඩි 40- 60 අතර බේක් කර ගන්න.

  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 1, 2023
51.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • චිකන් වින්ස් 900g,
  • බොම්බයි ලූණු ගෙඩි 1,
  • බිත්තර 1,
  • සෝයාසෝස් මේසහැදි 3,
  • ඔයිස්ට සෝස් මේසහැදි 4,
  • බාබක්‍යු සෝස් මේසහැදි 2,
  • ටොමෑටෝ කෙචප් මේසහැදි 3,
  • කෝන් පිටි මේසහැදි 1,
  • පාස්ලි අතු 5-6,
  • සුදුලූණු බික් 5,
  • අගලක පමණ ඉගුරු කැබැල්ලක්,
  • කෑලිමිරිස් මේසහැදි 1,
  • තෙල් මේසහැදි 1 1/2,
  • වතුර කප් 1/2,
  • ලුනු

සාදන ක්‍රමය

  • මුලින්ම මස්ටික හොඳින් සෝදා පිරිසිදු කරගන්න. ඉන්පසු සුදුලූණු ගා ඉගුරු ටික ග්ලයින්ඩ කරගන්න. දැන් තරමක් ලොකු වීදුරු බෝල් එකක් ගෙන එයට මස්ටික දමන්න. 
  • පසුව එයට ග්ලයින්ඩ කරගත් සුදුලූණු ඉගුරු , සෝයාසෝස් , ඔයිස්ට සෝස් , කෑලිමිරිස්, යන්තම් බීට් කරගත් බිත්තර හා කෝන් පිටි දමා හොඳින් කළවම් කර විනාඩි 30 පමණ තබන්න. 
  • දැන් පෑන් එකක් ලිප තබා එයට තෙල් දමා තෙල් රත්වූ පසු හීනියට කපාගත් බොම්බයිලූණු එක්කරන්න. බොම්බයි ලූණු ටික තැම්බීගෙන එන විට එයට මස් මිශ්‍ර දමා පසුව වතුර එක්කර මස්ටික තැම්බෙන තෙක් පියනකින් වසා පිස ගන්න.
  • පසුවපියනඉවත්කරහොදටමතික්ග්‍රේවීඑකක්වූපසුටොමෑටෝකෙචප්එක්කරහොඳින්කළවම්කරන්න. තවත් විනාඩියක් පමණ පිස ලිපෙන් ඉවතට ගැනීමට ප්‍රථමයෙන් පොඩි කපාගත් පාස්ලි ටික එක්ක හොඳින් කළවම් කර ලිපෙන් ඉවතට ගෙන දැන් ඔබ කැමති ආකාරය පිළිගන්වන.

May 30, 2023
308.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුල් මස් 500g ,

හතු 150g,

පෙති කැපූ කැරට් අල 2 ,

ලියාගත් බොම්බයි ලූනු ගෙඩි 2 ,

පාස්ලි ඉත්තක් ,

තුන පහ ස්වල්පයක්,  

මිරිස් කුඩු ස්වල්පයක්, 

මස් තැම්බූ වතුර කෝප්ප 1,

ගම්මිරිස් කුඩු මේස හැඳි 1 1/2 ,

විනාකිරි කෝප්ප 1/4, 

ලුණු හා තෙල් ස්වල්පයක් 

සාදන ක්‍රමය

  • මස් කෑලි කපා සෝදා අවශ්‍ය පමණ ලුණු එක්කර පසෙකින් තබන්න. භාජනයකට තෙල් දමා රත්වන විට එයට මස් දමා බැදගන්න. කැරට් පෙති කපාගන්න. 
  • ළූණු සිහින්ව ලියාගන්න. බඳුනකට හත, ගම්මිරිස්, පාස්ලි , ලූණු, තුනපහ, මිරිස් ,කැරට්, විනාකිරි, ලූණු හා මස් තැම්බූ වතුර කෝප්ප 1ක් එක්කර විනාඩි 7ක් පමණ මද ගින්නේ තම්බා ගන්න. 
  • තැම්බුණු පසු මෙයට කුකුළු මස් මිශ්‍රණය ද දමා ඉතිරි මස් වතුර දමා මද ගින්නේ තම්බා ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 29, 2023
266-1280x720.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුකුල් මස් ග්‍රෑම් 500ක්,
  • ලූනු ග්‍රෑම් 200ක්,
  • ඉඟුරු ස්වල්පයක් ,
  • තක්කාලි ග්‍රෑම් 25ක්,
  • අමු මිරිස් ග්‍රෑම් 25 ක්,
  • පොල් ග්‍රෑම් 100 ක්,
  • සූදුරු ග්‍රෑම් 5ක්,
  • කජු මද ග්‍රෑම් 20 ක්,
  • තුන පහ කුඩු ග්‍රෑම් 5ක්,
  • මිරිස් කුඩු ග්‍රෑම් 5ක්,
  • කුරුඳු කැබැල්ලක්,
  • කරදමුංගු ස්වල්පයක්,
  • ලුණු ස්වල්පයක්,
  • තෙල් ස්වල්පයක්

සාදන ක්‍රමය 

  • කුකුල් මස් පිරිසිදු කර මධ්‍යම ප්‍රමාණය කැබලි වලට කපා ගන්න.  රතුලූනු, අමුමිරිස්, සුදුලූනු, ඉඟුරු හා තක්කාලි සිහින්ව කපා බැද ගෙන අඹරා ගන්න.  
  • පොල්, සූදුරු, ගම්මිරිස් හා කජු මද අඹරාගන්න. මෙම මිශ්‍රණයට තුන පහ කුඩු කොත්තමල්ලි කුඩු හා මිරිස් කුඩු මිශ්‍ර කරන්න. තෙල් රත්කර කරදමුංගු හා කුරුදු බැඳගන්න. 
  • කුකුල් මස් ද ඊටම දමා බැදගන්න. අඹරාගත් සියලුම ද්‍රව්‍යන් ලුණු හා ජලය ස්වල්පයකුත් එක්කර ලිප තබන්න ඉස්ම හිඳුන පසු කොත්තමල්ලි කොලවලින් සරසා දෙහි යුෂ බත් සමග කෑමට ගන්න . 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 27, 2023
127.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • කුකුළු මස් ඩ්‍රම්ස්ටික් 5ක් ,
  • ලුණු කුඩු තේ හැඳි  1ක්,
  • මිරිස් කුඩු තේ හැඳි 1ක්,
  • අඹරාගත් ඉගුරු කැබැල්ලක් ,
  • අඹරාගත් සුදුළුනු බික් 3ක් ,
  • විනාකිරි මේස හැදි 1ක් ,
  • සෝයා සෝස් තේ හැඳි 2ක් ,
  • බැදීමට තෙල් බිත්තරයක් 

සාදන ක්‍රමය 

  • ඩ්‍රම්ස්ටික්  එක වටා පිහියෙන් වටේට ඉරි මෙන් කපාගන්න. ඉඟුරු සුදු ලූනු, මිරිස් කුඩු,ලුණු, විනාකිරි, සෝයා සෝස් සියල්ල එකට කලවම් කරන්න ඩ්‍රම්ස්ටික් එම මිශ්‍රණය දමා පැය 1/2 ක කාලක් පමණ තබන්න. 
  • බිත්තරය ගසාගෙන සාදාගත් ඩ්‍රම්ස්ටික්  එහි තවරා පාන්කුඩු දවටා ගැඹුරු තෙලේ බදින්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
84.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • කුකුළු මස් 500g,
  • බැදපු මිරිස්‌ තේ හැදී  01 ,
  • බැදපු තුනපහ  තේ හැදී   01, 
  • ගම්මිරිස් තේ හැදී   1/2,
  • කබලේ බැදගත් කජු  20g,
  • කබලේ  බැදගත් පොල්   20g,
  • රම්පෙ ,  කරපිංචා ,  සුදුලුණු ,  ඉගුරු ,  පදමට ලුණු,
  • සිහින්ව ලියාගත්  රතුළුණු  ගොඩි  06 ක් ,
  • සියබල යුෂ තේ හැදී  01

සාදන ක්‍රමය

  • මුලින්ම තරමක  කැබිලි  වලට මස් කපා සෝදා ගන්න , ඉන් අනතුරුව පොල්, කජු,මිරිස්‌, තුනපහ  ගලේ අබරා ගන්න  අනතුරුව ,අබරා ගන්නා ලද  මිශ්‍රණයද  කපා  ගන්නා ලද  මස් කැබලිද එයට  දමා සියබලා සහ  ලුණු  සමග හොදින් පිස ගන්න .
  • ඉන් අනතුරුව , මැටි වළදක් ලිප තබා  රත් වූ පසු එළවලු තෙල් මේස හැදී  02 පමණ දමා රත් වූ පසු රම්පෙ, කරපිංචා, සුදුලුනු ,ඉගුරු,රතුළුණු ,තෙම්පරාදු  කර ගන්න අනතුරුව පදන් කර ගන්න ලද මස් සහ අනිකුත් දැ දමා විනාඩි 08 පමණ තෙම්පරාදු කර ගන්න. 
  • ඔබටඅවශ්‍යනම්  පොල් කිරි එකතුකර  මද ගින්නේ  ඉස්ම හිදෙන තුරු පිස ගන්න .
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
54.jpg

මස් එක සෑදීමට අව්‍යාශ ද්‍රව්‍ය

  • කටු රහිත කුකුල්මස් 600g,
  • මිරිස් කුඩු තේහැදි 1 1/2,
  • ගම්මිරිස් කුඩු තේහැදි 1,
  • කහ කුඩු තේහැදි 1/2,
  • සුදු විනාකිරි තේහැදි 2,
  • පාන්පෙති 10,
  • බිත්තර 2,
  • කෝන් පිටි කප් 1,
  • ලුනු,
  • බැද ගැනීමට තෙල්,

සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය,

  • මෙයොනීස් කප් 1/2,
  • තම්බාගත් බිත්තර 1/2,
  • පාස්ලි අතු කීපයක්,
  • ලෙමන් යුශ බිංදු 4-5,
  • වියලි බේසල් කුඩු තේහැදි 1,
  • කුඩාවට කපාගත් බොම්බයිලූණු ගෙඩි 1/2,
  • සීනි තේහැදි 1,
  • ගම්මිරිස් කුඩු තේහැදි 1,
  • ලුනු රස අනුව

මස් එක සාදන ආකාරය 

  • මුලින්ම මස්ටික හීනි පෙති කපාගන්න. දැන් ලොකු වීදුරු බෝල් එකක් ගෙන එයට මස් , කහ, මිරිස් , ලුනු ,ගම්මිරිස් හා විනාකිරි දමා හොඳින් කළවම් කර පැය 2 පමණ තබන්න .
  • පසුව පාන් පෙතිවල වාටි කපා ඉවත්කර පාන් පෙත්ත ඉතාම කුඩාකොටු කපාගන්න. බිත්තර 2 යන්තම් බීට්කර ගන්න . පැය දෙකකට පසු මස් කැබැල්ල කැබැල්ල ගෙන මුලින්ම කෝන් පිටි වල දවටන්න. 
  • පසුව බිත්තර වල දවටා අවසානයේ පාන් වල දවටා ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතෙක් දෙපැත්ත හරවමින් බැදගන්න .( මුලින්ම තෙල් රත්වූ පසු ලිපේ ගින්දර අඩුකොට බැද ගන්න නැත්නම් මස් කැබැල්ලේ මැද අමුවිය හැක)

සෝස් එක සාදන ආකාරය 

  • මුලින්ම ලොකු වීදුරු බෝල් එකක් ගෙන මෙයොනීස් හැර සියල්ල එයට දමා හොඳින් පොඩි කරන්න . 
  • අවසානයේ මෙයොනීස් එක්කර ඉතාහොදින් කළවම් කරන්න . ( මං පාවිච්චි කලේ ටිකක් දැවිල්ල ගතියෙන් යුත් මෙයොනීස් වර්ගයක් . ඔයාලා ප්ලේන් මෙයොනීස් ගන්න වානම් මිරිස්කුඩු තේහැදි 1/4 විතර එකතුකර ගන්න)
  • දැන් ඔබ කැමති ආකාරයට පිළිගන්වන්න .

May 23, 2023
51.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • චිකන් වින්ස් 900g,
  • බොම්බයි ලූණු ගෙඩි 1,
  • බිත්තර 1,
  • සෝයාසෝස් මේසහැදි 3,
  • ඔයිස්ට සෝස් මේසහැදි 4,
  • බාබක්‍යු සෝස් මේසහැදි 2,
  • ටොමෑටෝ කෙචප් මේසහැදි 3,
  • කෝන් පිටි මේසහැදි 1,
  • පාස්ලි අතු 5-6,
  • සුදුලූණු බික් 5,
  • අගලක පමණ ඉගුරු කැබැල්ලක්,
  • කෑලිමිරිස් මේසහැදි 1,
  • තෙල් මේසහැදි 1 1/2,
  • වතුර කප් 1/2,
  • ලුනු

සාදන ක්‍රමය

  • මුලින්ම මස්ටික හොඳින් සෝදා පිරිසිදු කරගන්න. ඉන්පසු සුදුලූණු ගා ඉගුරු ටික ග්ලයින්ඩ කරගන්න. දැන් තරමක් ලොකු වීදුරු බෝල් එකක් ගෙන එයට මස්ටික දමන්න. 
  • පසුව එයට ග්ලයින්ඩ කරගත් සුදුලූණු ඉගුරු , සෝයාසෝස් , ඔයිස්ට සෝස් , කෑලිමිරිස්, යන්තම් බීට් කරගත් බිත්තර හා කෝන් පිටි දමා හොඳින් කළවම් කර විනාඩි 30 පමණ තබන්න. 
  • දැන් පෑන් එකක් ලිප තබා එයට තෙල් දමා තෙල් රත්වූ පසු හීනියට කපාගත් බොම්බයිලූණු එක්කරන්න. බොම්බයි ලූණු ටික තැම්බීගෙන එන විට එයට මස් මිශ්‍ර දමා පසුව වතුර එක්කර මස්ටික තැම්බෙන තෙක් පියනකින් වසා පිස ගන්න.
  • පසුවපියනඉවත්කරහොදටමතික්ග්‍රේවීඑකක්වූපසුටොමෑටෝකෙචප්එක්කරහොඳින්කළවම්කරන්න. තවත් විනාඩියක් පමණ පිස ලිපෙන් ඉවතට ගැනීමට ප්‍රථමයෙන් පොඩි කපාගත් පාස්ලි ටික එක්ක හොඳින් කළවම් කර ලිපෙන් ඉවතට ගෙන දැන් ඔබ කැමති ආකාරය පිළිගන්වන.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!