අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර අටක් (සුදු මදය සහ කහමදය වෙන්කරන්න)
- සෙමි ස්වීට් කුකින් චොක්ලට් ග්‍රෑම් 120ක්
- සීනිකෝප්ප කාලක් (ග්‍රෑම් 50ක්)
- වැනිලා තේ හැඳි 1ක්
- ක්‍රීම් ඔෆ් ටාටර් තේහැඳි ¾ක් (මෙය සුපර්මාකට් වලින් මිලදි ගත හැකිය. සුදු පාට පිටි වගේ දෙයක්)
සාදන ක්‍රමය
- මුලින්ම අවන් එක රත්වෙන්නට සූදානම් කරගන්න. ෆැරන් හයිට් නම් 350 ක් සෙන්ටිග්‍රේට් නම් 177 ක් ගෑස් එකක් නම් ගෑස් මාක් 4 ක් ලෙස.
- කේක් ට්‍රේ එක සූදානම් කරමු :- ට්‍රේ එකෙහි බටර් ස්වල්පයක් ගා අඟල් 17 x 12 ප්‍රමාණයේ පාච්මන්ට් පේපර් එකක් (baking parchment paper) දාන්න. පාච්මන්ට් පේපර් එක උඩින්ද බටර් ස්වල්පයක් තවරා පිටි ටිකක් යන්තම් ඉසින්න. (එහි වැඩිපුර පිටි ඉවත් කර පසෙක තබන්න)
- බිත්තර සුදුමද හා කහමද වෙන්කරන්න. මෙය භාජන දෙකකට වෙන වෙනම දාගන්න. දැන් ඩබල්බොයිල්ඩ් ක්‍රමය යටතේ. චොක්ලට් ටික දියකර පසෙකින් තබන්න. දැන් වෙනම බෝල් එකක්ගෙන එයට බිත්තර කහමද හා සීනි වලින් භාගයක් දමා බීට් කරන්න. ටිකක් වේගයෙන් විනාඩි 5 ක් පමණ බීට් කර වැනිලා එකතු කරන්න. දැන් නැවතත් බීට් කරන්න. දැන් එයට උණු කර හොදින් නිවාගත් ‘චොක්ලට් එකතු කරන්න. මේ සියල්ල එකට මික්ස් වන තුරු පමණක් බීට් කරන්න.
- දැන් තවත් බෝල් එකකට බිත්තර සුදු මද ටික දාන්න. (පිරිසිදු කරගත් බිටරයෙන්) එය හොඳින් බීට් කරගන්න. බිත්තර සුදු මද පිපිලා එනතුරු. එයට ක්‍රීම් ඔෆ් ට්‍රාටර් එකතු කරන්න. ඉතුරු සීනි ටිකත් දමා සුදු මද ටික පිපිලා එනතුරුම හොඳින් බීට් කරන්න.
- දැන් මේ සුදුමද ටික කලින් සකස්කරගත් කහමද චොකලට් මිශ්‍රණයට දමන්න. මෙහි ඇති විශේෂම දේ බීට් කරන්න එපා. බටර් හැන්දකින් ඉතා හෙමින් පෙරලමින් මික්ස් කරගන්න.
- දැන් මේ සකස්කරගත් කේක් බැටර් එක කලින් සදාගත් ට්‍රේ එකහි පාච්මනට් පේපර් එක උඩින් දමා පැතලි කරන්න. (මෙය පොතක් තරමට බටර් හැන්දකින් තුනී කරගන්න) දැන් මෙය විනාඩි 17 ක් විනාඩි 20 ක කාලයක් බේක් කරන්න. ඉන්පසුව පිටතට ගෙන සම්පූර්ණයෙන් සිසිල් වනතුරු තබන්න. එය උඩින් යන්තම් තෙත් තුවායක් දමන්න. (මිරිකා ගත් පිරිසිදු පුංචි ටවල් එකක්)
චොක්ලට් අයිසිං සාදාගැනීම
- කුකින් චොකලට් ග්‍රෑම් 170 ක්
- බටර් ග්‍රෑම් 230 ක් (කාමර උෂ්නත්වය තිබිය යුතුයි)
- අයිසිං ශුගර් ග්‍රෑම් 250 ක්
- වැනිලා තේ හැඳි 1 ක්
සාදන ක්‍රමය
- චොක්ලට් ටික ඩබල් බොයිල්ඩ් ක්‍රමය යටතේ දියකරගන්න. පසුව ලිපෙන් බා හොඳින් සිසිල් වන තුරු පසෙකින් තබන්න.
- දැන් වෙනම බෝල් එකක් ගෙන එයට බටර් දමා ඉතා හොඳින් බීට් කරන්න. දැන් එයට ටිකෙන් ටික අයිසිං ශුගර් හා වැනිලා එකතුකොට දිගටම බීට් කරන්න. (මෙම අයිසිං ශුගර් සම්පූර්ණයෙන්ම බටර් සමග මුසුවිය යුතුයි) අවසානයේ දියකරගත් චොක්ලට් එකතු කර සෙමින් බීට් කරන්න. (සිල්ක් ගතියක් එනතුරු) දැන් ඔබට විශේෂ චොකලට් අයිසිං එකක් සූදානම් වී ඇති.
- තෙත තුවාය ඉවත්කොට එය මතුපිට සාදාගත් චොක්ලට් අයිසින් තවරන්න. එය හොඳින් තුනී කරන්න (අයිසිං එක) දැන් එක පැත්තක සිට හිමිහිට කේක් එක රෝල් කරගෙන එන්න. රෝල් කරන ගමන් හෙමිහිට පාච්මන්ට් පේපර් එක ඉවත් කරන්න. මෙය ඉතාමත් පරිස්සමින් කල යුතුයි. මේ අවසානයේ ලස්සන චොකලට් රෝල් එකක් ඔබට දැකගත හැකිවනු ඇත.
- දැන් මෙම චොකලට් රෝල් එක උඩින් කොකෝවා පවුඩර් ස්වල්පයක් ඉස ශීතකරණයේ තබන්න. පැය භාගයකට පසු මෙය ලස්සනට කපා පිළිගන්වන්න.









