Flavors

June 22, 2023
297.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

 

  • මී කිරි කෝප්ප 2,
  • කොත්තමල්ලි කොළ ටිකක්,
  • චොප්කරගත් ළූණු ටිකක්,
  • සීනි මේස හැඳි 2

 

සාදන ක්‍රමය 

  • මී කිරි වලට සීනි හා ලුණු දාලා හොඳට මිශ්‍ර කරගන්න.
  • දැන් මේකට ළූණු හා කොත්තමල්ලි කොළ දාගෙන කලවම් කරලා ෆ්‍රිජ් එකට දාගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 16, 2023
115.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

සූදුරු ග්‍රෑම් 250 ක්,

කොත්තමල්ලි ග්‍රෑම් 50ක් ,

කුරුඳු පොතු කැබැල්ලක් ,

කරාබු නැටි කරල් 15 ක්,

සාදික්කා ගෙඩි මදය පෙති කපා ගන්න ,

වසාවාසි කෑලි 3 ක් ,

කලු ගම්මිරිස් මේස හැදි 3 ක් ,

අබ තේ හැඳි එකක් 

සාදන ක්‍රමය

  • මේ සියල්ල වෙන වෙනම කබලේ දමා බදින්න.

  • ඊළඟට සියල්ල එක භාජනයක දමා කුඩුකර ගන්න.

  • වියළි බෝතලයකට අසුරා තබා ප්‍රයෝජනයට ගන්න .

May 25, 2023
185.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  • ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1,
  • එළවළු තෙල් කෝප්ප  1 1/2,
  • ලුණු පින්ච් එකක්

 

සාදන ක්‍රමය

  • මේ ඔක්කොම  එකට දාලා හෑන්ඩ් මික්සර් එකෙන් ගසාගන්න. 
  • උකු ගතියට එනකල් බීට් කරගන්න

May 25, 2023
184.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  • විප් ක්‍රීම් 200ml,
  • ලුණු

 

සාදන ක්‍රමය

  • සාමාන්‍යෙන් අපි විප් ක්‍රීම් පාවිච්චි කරන්නෙ විපින් අයිසින් එකටනෙ. එතකොට බීට් කරන්නෙ හිම වගේ මිදෙනකල්නෙ. මේක ඊටත් වඩා බීට් කරන්න ඕනෙ. 
  • ලුණු එක් කරගත් විපින් ක්‍රීම් දිගටම බීට් කරන් යනකොට හිම ගතිය නැතිවෙලා ආයෙම එකතු වෙනවා. 
  • තවදුරටත් බීට් කරනකොට ක්‍රීම් එකේ ෆැට් එක වෙන් වෙලා භාජනයට වතුර එකතුවෙනවා පෙනෙයි.ඒ වගේම බටර් හැදිලා තියනවත් පෙනෙයි. 
  • දැන් පිරිසිදු රෙදිකෑල්ලක් අරගෙන මේ ටික දාලා වතුර ටික මිරිකලා අයින් කරගන්න. දැන් වතුර නැති පීරිසියකට දාලා ෆ්‍රිජ් එකට දාගන්න.

May 25, 2023
183-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • ෆ්‍රෙශ් මිල්ක් ලීටර් 1,
  • මුහුන් සඳහා මුදවපු කිරි මේස හැඳි 3,
  • ලුණු (කැමතිනම්)

සාදන ක්‍රමය

  • භාජනයකට කිරි ටික දාලා ලිපේ තියාගන්න. බුබුලු දාලා නටනකොට වෙන භාජනයකට දාගන්න. නිවෙන්න තියන්න.
  • උණු කරගත් කිරි වලට ඇඟිල්ලක් දාන්න පුළුවන් රස්නෙට නිවුනම මුදවපු කිරි ටික දාගෙන කලවම් කරගන්න.දැන් හෙලවෙන්නෙ නැති වෙන්න පැත්තකින් තියලා තියන්න. 
  • මිදුණට පස්සෙ ෆ්‍රිජ් එකට දාගන්න.
  • ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
182-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • ෆ්‍රෙශ් මිල්ක් ලීටර් 1,
  • මුහුන් සඳහා යෝගට් එකක්,
  • ජෙලටින් මේස හැන්දක්,
  • සීනි ග්‍රෑම් 120,
  • වැනිලා තේ හැඳි 1,
  • ලුණු පින්ච් එකක්

සාදන ක්‍රමය

  • ජෙලටින් ටික පෙඟෙන්න තියලා ඩබල් බොයිල් කරගන්න. භාජනයකට කිරි ටික දාලා ලිපේ තියන්න. සීනි හා ලුණු ටික දාගන්න. ජෙලටින් ටිකත් දාගෙන හැඳිගාන්න. අඩිය අල්ලන්න දෙන්න එපා. විනාඩි 20ක් විතර යනකොට බුබුලු දාලා උතුරන්න ගන්නවා. 
  • ඉතුරුවාට පස්සෙ ලිපෙන් බාගන්න. එහෙම්ම තියන්න ටිකකින් යොදය මිදෙනකල්. ඊට පස්සෙ යොදය අයින් කරන්න. 
  • තරමකට නිවුනට පස්සෙ යෝගට් එක හා වැනිලා ටික එකතු කරලා බීට් කරන්න. 
  • දැන් පෙරලා අරන් යෝගට් කප් වලට දාලා නොසෙල්වෙන තැනක තියලා, වොට් 60ක බල්බ් එකක් දාපු පෙට්ටියක පැය 3ක් වගේ තියලා ෆ්‍රිජ් දාගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
107.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

වියළි මිරිස් ග්‍රෑම් 500 ක්,

සූදුරු ග්‍රෑම් 100 ක් ,

කොත්තමල්ලි ග්‍රෑම් 100 ක්

ගම්මිරිස් ඇට ග්‍රෑම් 50 ක්,

කුඩා වියළි කහ කැබලි 3 ක්,

කුරුදු පොතු 3 ක්

මාදුරු මේස හැඳි 2 ක්

සාදන ක්‍රමය 

  • කරපිංචා සෝදා වේලා ගන්න.

  • වියලි මිරිස් සෝදා වේලා නැති කඩන්න.

  • එය රතු කබලකට දමා යන්තමට බැදගන්න.(කුඩු කරගන්න හැකි වන තරමට)

  • මීළඟට මිරිස් ටික කබලෙන් ඉවත්කර කොත්තමල්ලි සූදුරු මාදුරු බදින්න.

  • දැන් සියලුම දේවල් එකට දමා හොඳින් බ්ලෙන්ඩර් එකේ කුඩු කරගන්න .

  • මේ මිරිස් කුඩු මිශ්‍රණය කිරට මාළු සකස් කිරීමේදී ත් යෙදිය හැක.

May 24, 2023
105.png

අවශ්‍ය ද්‍රව්‍ය 

කොත්තමල්ලි ග්‍රෑම් 500 ක්,

සූදුරු ග්‍රෑම් 150 ක්

මාදුරු ග්‍රෑම් එක 125 ක්,

සම්බා හාල් ග්‍රෑම් 70 ක්,

උළු හාල් ග්‍රෑම් 10 ක්,

මුං ඇට ග්‍රෑම් 15 ක්,

අබ ග්‍රෑම් 20 ක් ,

රම්පෙ ග්‍රෑම් 10 ක්,

කරපිංචා කෑම 10 ක්

කරද මුංගු ග්‍රෑම් 5ක්,

කරාබු නැටි ග්‍රෑම් 5ක් ,

කුරුදු පොතු ග්‍රෑම් 5ක් 

සාදන ක්‍රමය

  • වෙන වෙනම ගෙන තුන පහ සෝදා වේලා ගන්න.

  • ඉන්පසු මේ හැම ද්‍රව්‍යයක්ම වෙන වෙනම බැදගන්න.

  • රන්වන් පාට වනතුරු බැඳිය යුතුය.සම්භාව්‍ය තව ටිකක් පාට වන තුරු බදින්න .පැද අවසන් වූ පසු සියල්ල එකට දමා බ්ලෙන්ඩර් යක කුඩු කරන.

  • නිවුණ පසු වියලි පිරිසුදු බෝතලයක අසුරන්න.

May 24, 2023
104-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

කොත්තමල්ලි  ග්‍රෑම් 500ක්,

සූදුරු ග්‍රෑම් 150ක්,

මාදුරු ග්‍රෑම් 150 ක්,

උළු හාල් ග්‍රෑම් 10 ක්

කරපිංචා කොළ  ග්‍රෑම් 12ක් ,

කරද මුංගු ග්‍රෑම් 2 ක් ,

කරාබු  ග්‍රෑම් 2 ක් 

සාදන ක්‍රමය 

  • සියල්ල සෝදා වේලා ගන්න.ඉන් පසු භාජනයක් ලිප තබා රත් වූ පසු සියල්ල දමා විනාඩි 5ක් පමණ මදගින්නේ බැදගන්න.
  • සිහින්ව කුඩු කරගන්න
  • හොඳින් නිවුණු පසු පිරිසිදු වියළි බෝතල් වල අසුරා ගන්න .

May 24, 2023
103-1-1280x960.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

වියළි මිරිස් ග්‍රෑම් 100 ක්,

සියඹලා ග්‍රෑම් 50ක් ,

ලුණුකැට මේස හැඳි එකක් ,

යම්තමට බැදගත් සූදුරු මාදුරු සහ කොත්තමල්ලි මේස හැඳි 1 බැගින් ,

කුරුදු පොතු කැබැල්ලක් ,

එනසාල් කරාබු නැටි කිහිපයක් සහ කහ ටිකක් ,

සෝදා වේලාගත් කරපිංචා 

සාදන ක්‍රමය 

  • මිරිස් සියඹලා සහ ලුණු ටික මැටි වළඳක දමා දින දෙකක් පෙනෙන්නට තබා ඉන්පසු ගලේ අඹරාගන්න .නැතහොත් මිරිස් කෑලි කපා ගොරකා  කුඩු කෑලි කපා   කුඩු කරගන්න.

  • පහේ ටික සියල්ල කරපිංචා සමග වෙනම සිහින්ව කුඩු කරගන්න.

  • ඉන්පසු හැන්දකින් මේ වර්ග දෙකම එකට දමා හොඳින් මිශ්‍ර කරන්න .

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!