අවශ්‍ය ද්‍රව්‍ය
කෙහෙල්මුව 1 ක් ,
රතු ළූණු ගෙඩි 15 ක් ,
සුදුළූණු අමු ඉඟුරු ස්වල්පයක්,
අඹරාගත් අබ මේස හැඳි 1 ක් ,
විනාකිරි කෝප්ප ¼ ක්,
මිරිස් කුඩු තේ හැඳි 1 ක්,
අමු මිරිස් කරල් 10 ක් ,
අවශ්‍ය නම් පමණක් සීනි
සාදන ක්‍රමය
- කෙහෙල්මුව එහි ළපටි කොටස ගෙන සිහින්ව කපා එයට ලුණු සහ දෙහි මිශ්‍ර කර උතුරන වතුර ද වක්කර විනාඩි 5ක් පමණ තම්බා පසුව හොඳින් වතුර මිරිකා ගන්න.
- රතු ළූණු, අමුමිරිස් දෙකට පලා පසෙකින් තබන්න.
- විනාකිරි භාජනයකට දමා එයට සුදු ළූණු අඹරාගත් අබ, අමු මිරිස්, කහ, මිරිස් කුඩු, ලුණු අවශ්‍ය නම් සීනි ද එක් කර හොඳින් කලවම් කරන්න.
- අවසානය කෙසෙල්මුව රතු ළූණුසහ අමුමිරිස් ද ඊට මිශ්‍ර කරන්න.






