KFC Style Chicken

May 23, 2023by iwumphihum_ad0
54.jpg

මස් එක සෑදීමට අව්‍යාශ ද්‍රව්‍ය

  • කටු රහිත කුකුල්මස් 600g,
  • මිරිස් කුඩු තේහැදි 1 1/2,
  • ගම්මිරිස් කුඩු තේහැදි 1,
  • කහ කුඩු තේහැදි 1/2,
  • සුදු විනාකිරි තේහැදි 2,
  • පාන්පෙති 10,
  • බිත්තර 2,
  • කෝන් පිටි කප් 1,
  • ලුනු,
  • බැද ගැනීමට තෙල්,

සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය,

  • මෙයොනීස් කප් 1/2,
  • තම්බාගත් බිත්තර 1/2,
  • පාස්ලි අතු කීපයක්,
  • ලෙමන් යුශ බිංදු 4-5,
  • වියලි බේසල් කුඩු තේහැදි 1,
  • කුඩාවට කපාගත් බොම්බයිලූණු ගෙඩි 1/2,
  • සීනි තේහැදි 1,
  • ගම්මිරිස් කුඩු තේහැදි 1,
  • ලුනු රස අනුව

මස් එක සාදන ආකාරය 

  • මුලින්ම මස්ටික හීනි පෙති කපාගන්න. දැන් ලොකු වීදුරු බෝල් එකක් ගෙන එයට මස් , කහ, මිරිස් , ලුනු ,ගම්මිරිස් හා විනාකිරි දමා හොඳින් කළවම් කර පැය 2 පමණ තබන්න .
  • පසුව පාන් පෙතිවල වාටි කපා ඉවත්කර පාන් පෙත්ත ඉතාම කුඩාකොටු කපාගන්න. බිත්තර 2 යන්තම් බීට්කර ගන්න . පැය දෙකකට පසු මස් කැබැල්ල කැබැල්ල ගෙන මුලින්ම කෝන් පිටි වල දවටන්න. 
  • පසුව බිත්තර වල දවටා අවසානයේ පාන් වල දවටා ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතෙක් දෙපැත්ත හරවමින් බැදගන්න .( මුලින්ම තෙල් රත්වූ පසු ලිපේ ගින්දර අඩුකොට බැද ගන්න නැත්නම් මස් කැබැල්ලේ මැද අමුවිය හැක)

සෝස් එක සාදන ආකාරය 

  • මුලින්ම ලොකු වීදුරු බෝල් එකක් ගෙන මෙයොනීස් හැර සියල්ල එයට දමා හොඳින් පොඩි කරන්න . 
  • අවසානයේ මෙයොනීස් එක්කර ඉතාහොදින් කළවම් කරන්න . ( මං පාවිච්චි කලේ ටිකක් දැවිල්ල ගතියෙන් යුත් මෙයොනීස් වර්ගයක් . ඔයාලා ප්ලේන් මෙයොනීස් ගන්න වානම් මිරිස්කුඩු තේහැදි 1/4 විතර එකතුකර ගන්න)
  • දැන් ඔබ කැමති ආකාරයට පිළිගන්වන්න .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!