Meat

May 23, 2023
49-1280x853.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කටු රහිත කුකුල්මස් 600g,
  • කජු 200g,
  • බොම්බයිලූණු ගෙඩි 1,
  • තක්කාලි ගෙඩි 1,
  • අමුමිරිස් කරල් 3,
  • කොළ බෙල්පෙපර් කැබැල්ලක්,
  • කහ බෙල්පෙපර් කැබැල්ලක්,
  • තැබිලි බෙල්පෙපර් කැබැල්ලක්,
  • සුදුලූණු බික් 5,
  • අගලක පමණ ඉගුරු කැබැල්ලක්,
  • කරදමුංගු 4,
  • කරාබුනැට් 3,
  • අගලක පමණ කුරුදු කැබලි 2,
  • කෑලිමිරිස් මේසහැදි තේහැදි 2,
  • ගම්මිරිස්කුඩු තේහැදි 1/2,
  • සුදු විනාකිරි තේහැදි 1/2,
  • තෙල් මේසහැදි 2,
  • කරපිංචා,
  • ලුනු රස අනුව,
  • වතුර

සාදන ක්‍රමය

  • මුලින්ම මස් හොඳින් පිරිසිදු කර කැබලි කපාගන්න. දැන් ලුනු , ගම්මිරිස් ,විනාකිරි හා වතුර එක්කර දමා තම්බා ගන්න.
  • දැන්පෑන්එකේප්‍ර්යි (pan fry) කරගන්න. කජු ටික පැයක් පමණ පෙගෙන්නට තියන්න.වොක් එකක් ලිප තබා එයට තෙල් මේසහැදි 2 දමා තෙල් රත්වූ පසු එයට කරපිංචා ටික දමා කරපිංචා ටික බැදීගෙන එන විට එයට කරදමුංගු , කරාබුනැට් හා කුරුදු දමා ටික දමා එයද යන්තම් බැද ගන්න. 
  • පසුව තලාගත් සුදුලූණු හා ඉගුරු එක්කර එය රන්වන් පැහැ වෙනතෙක් පිස එයට හීනියට කපාගත් බොම්බයිලූණු එක්කරන්න. 
  • බොම්බයිලූණු ටික යන්තම්රන්වන් පැහැ ගැන්වීගෙන එන විට එයට අමුමිරිස් , කෑලිමිරිස් හා ලුනු දමා හොඳින් කළවම් කරමින් තත්පර 10 පමණ පිස එයට කපාගත් තක්කාලි එක්කර තක්කාලි ටික තැම්බෙන තෙක් පිස ගන්න . (පසුව පෙගෙන්නට තිබූ කජු එකේ වතුර සම්පූර්ණයෙන්ම ඉවත්කර )එයට කජු එක්කර හැන්දෙන් කළවම් කරමින් විනාඩියක් පමණ පිසගන්න. 
  • පසුව එයට පෑන් එකේ ප්‍ර්යි කර පසෙකින් තබාගත් මස් ටික එක්කර හොඳින් කළවම් කරන ගමන් තවත් විනාඩියක් පමණ පිස ගන්න දැන් කැබලි කපාගත් බෙල්පෙපර් එක්කර හොඳින් කළවම් කර ලිපෙන් ඉවතට ගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
40.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • එළු මස් 1kg,
  • තක්කාලී ගෙඩි 2,
  • ලුනු ගෙඩියක් ,
  • අමු තුනපහ තේ හැදි 1 ක්,
  • බැදපු තුනපහ තේ හැදි 1 ක්,
  • කහ කුඩු තේ හැදි 1 ක්,
  • මිරිස් කුඩු තේ හැදි 3 ක්,
  • ගරම්මාසාලා කුඩු තේ හැදි 2 ක්,
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1 ක්,
  • දුරු ඇට හා අබ ස්වල්පයක් ,
  • කිරි හෝ යෝගට් කප් 1 ක්,
  • වතුර ස්වල්පයක් ,
  • තෙල් ස්වල්පයක් 

සාදන ක්‍රමය

  • වියළී මිරිස් කරල් කිහිපයක් ,කුරුදු පොතු කැබැල්ලක් ,කරාබු නැටි කිහිපයක් ,එනසාල් ඇට කිහිපයක් ,ඉගුරු ,සුදු ළුණූ ,රස අනුව ලුණු බෙලෙන්ඩර් කප් එකකට දමා බෙලෙන්ඩර් කරගන්න,එයටම විනාකිරි සහ පොල් කිරි කෝප්ප භාගයක් දමා ගන්න.
  • මස් කපා සෝදා පිරිසිදු කර භාජනයකට දමා එයට මෙම පේස්ට් එක දමා හොදින් තවරා ගන්න.සීසන් වෙන්න විනාඩි 20-30 තබාගන්න.
  • භාජනයක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත් වන විට අබ,ලුනු දමා පසුව තක්කාලී දමන්න.
  • මිනිත්තු තුනකට පසුව පේස්ට් එක දමා ගත් මස් ගෙන එයට මිරිස් කුඩු , තුනපහ කුඩු , දුරු ඇට , හා කහ කුඩු , ගම්මිරිස් , ග්‍රැරැම් මසාලා සහ ලුනු එක්කර කලවම් කරගන්න.එය තෙල් භාජනයට දමා ගන්න,එයට යෝගට් ද දමා කලවම් කරගන්න.
  • වතුර කෝප්ප 2 පමණ දමා පියනකින් වසා මද ගින්න්නේ විනාඩි 40 පමණ පිසගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
31.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

බැටර් එක සඳහා ,

  • බිත්තර 1,
  • කෝන් පිටි  මේස හැඳි 3,
  • වතුර ස්වල්පයක්,

අනෙකුත් අමුද්‍රව්‍ය, 

  • චිකන්  250g,
  • තෙල් 175ml,
  • තක්කාලි සෝස්  මේස හැඳි 2 1/2,
  • සෝයා සෝස්  මේස හැඳි 3/4,
  • ඔයිස්ටර් සෝස්  මේස හැඳි 1 (අත්‍යාවශ්‍ය නැත ),
  • අමු මිරිස්  කරල් 4,
  • චිලි පේස්ට් හෝ කෑලි මිරිස්  මේස හැඳි 1 1/3,
  • ලොකු ලූණු  ගෙඩි 1,
  • මාළු මිරිස්  කරල් 1,
  • ඉඟුරු සුදුලූනු පේස්ට්  තේ හැඳි 1/2,
  • ලුණු හා ගම්මිරිස්  රස අනුව,
  • සීනිතේහැඳි 1

සාදන ක්‍රමය

  • චිකන් ටික තරමක් කුඩා කැබලි වලට කපා හොඳින් සෝදා එයට ලුණු ගම්මිරිස් දමා හොඳින් කවලම් කර එයට බැටර් එක සැදීමට ගත් බිත්තරය දමා එයටම කෝන් පිටි දමා කවලම් කර මිශ්‍රනය දියාරු මදිනම් පමණක් වතුර ස්වල්පයක් දමා හොඳින් චිකන් කැබලි වල බැටර් එක ඇලෙන ලෙස කවලම් කර ගන්න .
  • තෙල් තාච්චියක් ලිප තබා එය රත් වූ පසු චිකන් ටික දමමින් රන්වන් පැහැය වන තෙක් බඳ ගන්න. 
  • පසුව පෑන් එකක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා ඉඟුරු සුදුලූනු පේස්ට් එක දමා මදක් රන්වන් පැහැය වන තෙක් බැදගන්න .
  • පසුව කොටු හෝ දිගටි හැඩයට කපා ගත් මාලු මිරිස් හා ලොකු ලූනු එකතු කරන්න . එයටම අමු මිරිස් කරල්ද දෙකට පලා එකතු කරන්න .
  • පසුව චිකන් ටිකද එකතු කර එයට තක්කාලි සෝස් , සෝයා සෝස් , ඔයිස්ටර් සෝස් එකතු කර කවලම් කර චිලි පේස්ට් හා සීනි එකතු කර කවලම් කර ගන්න .
  • පසුව රස අනුව ලුනු හා ගම්මිරිස් එකතු කර ගන්න (කෑලි මිරිස් එකතු කරනවානම් ඉඟුරු සුදු ලූණු දමා ස්වල්ප වෙලාවකින් එකතු කරගන්න )

May 23, 2023
29.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • එළුමස් 500g,
  • සිහින්ව කපාගත් රටළුණු ගෙඩියක්, 
  • තලාගත් ඉඟුරු, සුදු ළුණු,
  • කරපිංචා, 
  • රම්පා,
  • අමු මිරිස් ,
  • සේර ,
  • කුරුඳු පොත්තක් ,
  • තලාගත් එනසාල් කරල් 2-3ක් ,
  • කරාඹු නැටි 3ක්,
  • බැදපු මිරිස් කුඩු මේස හැඳි 2ක්,
  • බැදපු තුනපහ මේස හැන්දක්,
  • අමු තුනපහ තේ හැන්දක් ,
  • කහ තේ හැන්දක් ,
  • ගම්මිරිස් කුඩු තේ හැන්දක් ,
  • දුඹුරු සීනි තේ හැඳි බාගයක් ,
  • ලුණු රස පදමට ,
  • මිටි පොල් කිරි මේස හැඳි 3ක්,
  • පොල් තෙල් මේස හැඳි 2ක්,
  • වතුර ,
  • සියඹලා ඉස්ම මේස හැඳි 2ක්

සාදන ක්‍රමය

  • එළුමස් ටිකට බැදපු මිරිස් කුඩු, බැදපු තුනපහ, කහ සහ ලුණු තේ හැන්දක් එකතු කර හොඳින් කවලම් කරගන්න. මැටි ඇතිලියක් ලිපේ තියල ඒකට තෙල්  එකතු කරන්න. 
  • රත් වෙනකොට කුරුඳු, එනසාල්, කරාඹු නැටි, අමු තුනපහ, ගම්මිරිස්, සීනි සහ ලුණු තේ හැඳි බාගයක් එකතු කරලා බැදෙන්න තියන්න. ඊට පස්සෙ ඒකට රටළුණු, ඉඟුරු සුදු ළුණු පේස්ට් එක, සේර, අමු මිරිස්, කරපිංචා, රම්පා එකතු කරලා කලවම් කරගන්න. 
  • ඒ ටිකත් බැදුනම එළුමස් ටික, මිටි පොල් කිරි ටික දාගන්න. විනාඩි 2ක් විතර කලවම් කරලා වැහෙන ප්‍රමාණයට වතුර දාලා විනාඩි 15ක් මද ගින්නේ උයා ගන්න. 
  • ඊලගට සියඹලා ඉස්ම සහ රස පදමට ලුණු එකතු කරලා තවත් විනාඩි 5ක් පියන ඇරලා උයා ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!