iwumphihum_ad

May 23, 2023
40.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • එළු මස් 1kg,
  • තක්කාලී ගෙඩි 2,
  • ලුනු ගෙඩියක් ,
  • අමු තුනපහ තේ හැදි 1 ක්,
  • බැදපු තුනපහ තේ හැදි 1 ක්,
  • කහ කුඩු තේ හැදි 1 ක්,
  • මිරිස් කුඩු තේ හැදි 3 ක්,
  • ගරම්මාසාලා කුඩු තේ හැදි 2 ක්,
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1 ක්,
  • දුරු ඇට හා අබ ස්වල්පයක් ,
  • කිරි හෝ යෝගට් කප් 1 ක්,
  • වතුර ස්වල්පයක් ,
  • තෙල් ස්වල්පයක් 

සාදන ක්‍රමය

  • වියළී මිරිස් කරල් කිහිපයක් ,කුරුදු පොතු කැබැල්ලක් ,කරාබු නැටි කිහිපයක් ,එනසාල් ඇට කිහිපයක් ,ඉගුරු ,සුදු ළුණූ ,රස අනුව ලුණු බෙලෙන්ඩර් කප් එකකට දමා බෙලෙන්ඩර් කරගන්න,එයටම විනාකිරි සහ පොල් කිරි කෝප්ප භාගයක් දමා ගන්න.
  • මස් කපා සෝදා පිරිසිදු කර භාජනයකට දමා එයට මෙම පේස්ට් එක දමා හොදින් තවරා ගන්න.සීසන් වෙන්න විනාඩි 20-30 තබාගන්න.
  • භාජනයක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත් වන විට අබ,ලුනු දමා පසුව තක්කාලී දමන්න.
  • මිනිත්තු තුනකට පසුව පේස්ට් එක දමා ගත් මස් ගෙන එයට මිරිස් කුඩු , තුනපහ කුඩු , දුරු ඇට , හා කහ කුඩු , ගම්මිරිස් , ග්‍රැරැම් මසාලා සහ ලුනු එක්කර කලවම් කරගන්න.එය තෙල් භාජනයට දමා ගන්න,එයට යෝගට් ද දමා කලවම් කරගන්න.
  • වතුර කෝප්ප 2 පමණ දමා පියනකින් වසා මද ගින්න්නේ විනාඩි 40 පමණ පිසගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
39.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • දියර කිරි කෝප්ප එකක්
  • ටින්කිරි තේහැඳි  02
  • වතුර කෝප්පයක් 
  • සීනී තේහැඳි   04
  • හොඳම වර්ගයේ තේ කොළ තේහැඳි 03
  • (මේකට ටිකක් හොඳට කහට ගතිය ඕන)
  • සිහින්ව තලාගත් ඉඟුරු තේහැඳි 01
  • තරමක් තලාගත් කරඳ මුංගු කරල් 03

සාදන ක්‍රමය

  1. කිරි උණු කිරීම සඳහා ගත් සාස්පානට වතුර කෝප්ප එකක් දාලා ඒක උණු කරගන්න.ඒ විදියට වතුර රත් වේගෙන එද්දී ඒකට කිරි කෝප්පය එකතු කරන්න.කිරි ටික රත්වෙන්න දෙන්න.හැබයි උතුරවන්න එපා.
  1. දැන උණුසුම් වෙන කිරි එකට ඉඟුරු සහ කරඳ මුංගු එකතු කරන්න.හොඳින් මිශ්‍ර කරන්න.කිරි ටික උතුරවන්න.කිරි හොදින් උතුරන විට ලිපේ දැල්ල අඩු කරන්න.දැන් එයට තේ කොළ ටික දාලා තැම්බෙන්න දෙන්න.ලිපේ දැල්ල වැඩි කරන්න එපා.
  1. තේ කොළ තැම්බුනාට පස්සෙ අයේ ලිපේ දැල්ල වැඩි කරන්න.
  2. කිරි එක උතුරගෙන එනකොට දැල්ල නැවතත් අඩු කරන්න.මේ විදියට දෙපාරක් තුන් පාරක් කරන්න.එතකොට තේ මසාලා හොඳට හැදෙනවා .
  1. දැන් ලිපෙන් බාගෙන පෙරාගන්න.
  2. මේසේ පෙරාගත්තාට පසු ටින්කිරි තේහැඳි දෙක සහ සීනි එකතු කර හොදින් කලවම් කර පිළිගන්වන්න.

May 23, 2023
38.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉස්සෝ 500g,
  • ලියා ගත් ළුණූ 8,
  • කපාගත් අමුමිරිස් කරල් 3 ක්,
  • තලාගත් ඉගුරු කැල්ලක් ,
  • කපාගත් සුදු ළුණූ බික් 4 ක්,
  • කරපිංචා ,
  • රම්පේ ,
  • කහ කුඩු ස්වල්පයක් ,
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක් ,
  • අමුතුනපහ තේ හැදි 3/4 ක්,
  • මිරිස් කුඩු තේ හැදි 1 1/2 ක්,
  • කුරුදු පොතු කැබැල්ලක් ,
  • බැදගත් උලුහාල් ඇට කිපයක් ,
  • ගොරකා කැබලි 2 පමණ ,
  • මිටි කිරි අඩු කෝප්ප 1 1/4 ක්,
  • දිය කිරි 1 1/2,
  • ලුණු 

සාදන ක්‍රමය

  • පලමුව ඉස්සන් ඔලු කඩා හොදින් සෝදා ගන්න.
  • ඉන් පසු ඇතිලියකට දමා එයට කහ කුඩු ,ගම්මිරිස් ,තුනපහ කුඩු ,මිරිස් කුඩු දමා හොදින් අත ගා ගන්න.
  • ඉන් පසු රත් ළුණූ ,අමුමිරිස් ,ඉගුරු ,සුදු ළුණූ ,රම්පේ ,කරපිංචා ,උළු හාල් ,කුරුදු පොතු කැබැල්ලක් ,ගොරකා එකතු කරන්න.
  • ඉන් පසු දිය කිරි මිටි කිරි දමා සාමාන්‍ය ගින්දරේ ලිපේ තියන්න.
  • එම අතර තුර ලුණු ද එකතු කරන්න.
  • ඉස්සෝ හොදින් තැබ්බුන පසු හොද්ද ලිපෙන් බා ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
37.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • අමුමිරිස් 100g,
  • රස අනුව ලුණු,
  • ඔලිව් තෙල් මේස හැදි 3 ක්,
  • කුරුදු පොතු කැබැල්ලක් ,
  • දෙහි යුෂ මේස හැන්දක් ,
  • සීනී තේ හැදි 2 ක්

සාදන ක්‍රමය

  • පලමුව භාජනයක් ගෙන ලිප තබා එය රත් වන විට තෙල් එක්කරගන්න.
  • තෙල් යන්තමින් රත් වන විට එයට සීනී ,කුරුදු පොතු ,අඹරාගත් අමුමිරිස් ,දෙහි ,ලුණු දමා මිශ්‍ර කරගන්න.
  • මිරිස් වල පැහැය වෙනස් වීමට කලින් ලිපෙන් ඉවත් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
36.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • මදක් තම්බා පලා ගත් බිත්තර 4ක්,
  • තලා ගත් ඉගුරු ස්වල්පයක්,
  • සුදු ළුණූ ස්වල්පයක්,
  • ලුනු,
  • කපාගත් රම්ප ,කරපිංචා ,අමුමිරිස් ,
  • සේර කෑල්ලක් ,
  • කරදමුංගු ස්වල්පයක්,කරාබු නැටි ස්වල්පයක්,
  • කුරුදු පොත්තක් ,
  • මිරිස් කුඩු ස්වල්පයක්,
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්,
  • කහ කුඩු ස්වල්පයක්,
  • බැදපු තුනපහ ,
  • පොගවා ගත් ගොරකා කැබැල්ලක් ,
  • මිටිකිරි කෝප්පයක්,
  • රස අනුව ලුණු ,
  • තෙල් ස්වල්පයක් 

සාදන ක්‍රමය

  • පලමුව භාගයක් ලිප තබා එයට තෙල් දමා රත් වන විට ඉගුරු සුදු ළුණූ දමා බැදෙන්නට හරින්න.
  • එයටම කුරුදු පොතු, කරදමුංගු , කරාබු නැටි එකතු කරන්න.
  • ඉන් පසු ලුණු , කරපිංචා , අමුමිරිස් ද එකතු කරන්න.
  • හොදින් සුවද හමමින් බැදෙන විට මිරිස් කුඩු , ගම්මිරිස් , තුනපහ , කහ එකතු කරගන්න.
  • එයටම ගොරකා කෑල්ලද දමන්න.
  • හොදින් මිශ්‍ර කර තම්බා පලාගත් බිත්තර ද එයටම එකතු කරගන්න.
  • ඉන් පසු උකු මිටි කිරි ටිකද දමා මද වෙලාවක් ගින්දරේ ඉතුරවාගන්න.
  • එවිට තෙල් පෑදී උකු හොද්දක් ලැබේවී, කැමති නම් තක්කාලී ද එකතු කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
35.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 05,
  • සීනි 250g,
  • පොල් පලුවකට ටිකක් අඩුවෙන් උකු කිරි,
  • වැනිලා ,
  • උනුවතුර 200ml

සාදන ක්‍රමය

  • පලමුව සීනි 50g ක් පමණ දමා අඩු ගින්දරේ තද දුබුරු පැහැය  වන තුරු කැරමල් කරන්න. (ගින්දර වැඩි උනොත් සීනි කරවෙලා තිත්ත රසක් එන්න බලනව)
  • එය දුබුරු පැහැය වූ විට එයට උනු වතුර ටික දමා ගන්න. (ඇල් වතුර උනත් කමක් නෑ. ) පසුව ඉතුරු සීනි ටිකත් එයට දමා සීනි පැනි එක හදාගෙන එය හොදින් නිවෙන්න තබන්න. 
  • බිත්තර විනාඩි 5ක් පමණ හැන්දකින් ගසා ගන්න පසුව එයට හොදින්ම නිවුනු පැනි එක දමා හොදින් මිශ්‍ර කර එයටම පොල් කිරි හා වැනිල ටිකක් දමා  මිශ්‍ර කරගන්න.
  • බටර් ගා ගත්ත තැටියකට එම මිශ්‍රණය දමා හුමාලයෙන් තම්බා ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
34-1280x1181.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කිරි පිටි අඩු කොප්ප 1ක් ,
  • උනු වතුර අඩු කොප්ප 1ක් ,
  • ඇල් වතුර අඩු කොප්ප 1ක් ,
  • සීනි රස අනුව ,
  • ජෙලටින් තේ හැන්දක් උනු වතුර හැදි දමා දියකරගන්න ,
  • කොකෝ පව්‍ඩර් හැදි 3ක්

සාදන ක්‍රමය

  • දැන් කිරිපිටි සීනි උනු වතුර අඩු කොප්ප දමා බේන්ඩර් කරගන්නඑකටම ඇල් වතුර කොප්පය දමා ගන්න. ජෙලටින් ටික දමා ගන්න.
  • කොකෝ පව්‍ඩර් ටිකත් දමා හොදට බේන්ඩර් කරගෙන මුඩිය වහන්න පුලුවන් භාජනයකට දමා ඩිෆිසර් එකේ පැය 4 තියාගන්න.
  • පැය 4 පසු අයිස් එක අරගෙන හොදට බේන්ඩර් කරගන්න විනාඩි 15 විතර ආයෙත් ඩිෆිසර් එකේ පැය 4 තියාගන්න එහෙම 3 සැරයක් විතර බේන්ඩර් කරගෙන කෑමට ගන්න

May 23, 2023
33.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • කැමති නූඩ්ල්ස් පැකට් 1ක් (400g),
  • බිත්තර 4ක්,
  • කැරට් කුඩාවට කැපූ 100g,
  • ලීක්ස් 100g,
  • තවත් කැමති ඕනෑම එලවලු(බොන්චි මාලුමිරිස් ගෝවා,),
  • චොප් කරගත් සුදු ලූනු හා ඉගුරු ,
  • ලුනු කුඩු,
  • ගම්මිරිස් කුඩු ,
  • පොල්තෙල් (ඔබ පාවිච්චිකරන ඕනෑම තෙල් වර්ගයක්)

සාදන ක්‍රමය

  • මුලින්ම වතුර නටන තෙක් උතුරවලා ඒකට නූඩ්ල්ස් දාලා තැම්බෙන්න වහන්න.බෙරි නොවෙන්න විනාඩි කීපයක් තියලා වතුර පෙරලා නූඩ්ල්ස් නැවත ඇල් වතුරෙන් හේදෙන්න ඇරලා වතුර බේරෙන්න තියන්න.
  • තාච්චියකට තෙල් පොඩ්ඩක් දමා (පොල් තෙල් වඩාත්ම සුදුසු)රත්වූ පසු සුදු ලූනු හා ඉගුරු රන්වන් පාට වෙනතුරු තියන්න.
  • පසු එයට බිත්තර එකතුකරන්න.
  • හොදින් කුඩු වන ලෙස ඉගුරු, සුදු ලූනු ,බිත්තර කලවම් කරන්න .(ඉඟුරු සුදු ලූනු අනිවාර්යයෙන්ම ඕනි.රස හා සුවද මේවගෙන් එන්නේ)
  • අවශ්‍ය නම් කැමති මස් වර්ගයක් කුඩාවට කපා කලින් බැද තබාගෙන,මෙයට  එකතු කරන්න.සොසේජස් වුවද කම් නැත.
  • ඉන්පසු කැරට් ,ලීක්ස් ,බොංචි,මාලු මිරිස් ,වගේ කැමති එලවලු එකතුකරන්න.
  • ලුණු කුඩු හා ගම්මිරිස් කුඩු එකතුකර සියල්ල හොදින් කලවම් කරන්න .
  • ගොඩාක් බැදෙන්න නොදී ඉක්මනින් නූඩ්ල්ස් ටික එකතුකර කලවම් කරන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
32.jpg

අවශ්‍ය  ද්‍රව්‍ය

  • පිටි 250g,
  • සීනි 120g,
  • බටර් 50g,
  • බිත්තර 1, 
  • බේකින් පව්ඩර් තේ හැදි 2,
  • වැනිලා තේ හැදි 1,
  • ලුණු  තේ හැදි 1/4,
  • උඩින් තවරා ගැනීමට කැට සීනි 

සාදන ක්‍රමය

  • බටර් හා සීනී බීට් කරන්න.
  • බිත්තරයද  එකතු කර හොඳින් බීට් කරගන්න වැනිලාද එකතු කරන්න .
  • පිටි බේකින් පව්ඩර් සමග මිශ්‍ර කර හලා ගන්න.  
  • පිටි ටික බිත්තර් මිශ්‍රණයට  එකතු කරන්න.
  • පසුව අතින් කවලම් කර පිටි ගුලියක් සදා ගන්න. ඉන් පසු පොඩි පිටි බෝල හදා ගන්න.
  • එක සමාන කොටස්  6ක් පමන වෙන්කර ගන්න.
  • ඒවා අතින් රවුම් කර පැත්ලි ඤාණකතා හැඩයට තුනී කරගත්  බෝල බේකින්  ට්‍රේ එකක් මත බටර් හෝ තෙල් ටිකක්  ගාගෙන අතුරාගනන් ( තෙල් කොලයක් තිබේනම් ඒක් මත තබන්න.)
  • පසුව ඤාණකතා මතු පිට වතුර් ටිකක් ආලේප කර සීනි කැට තවරා ගන්න.
  • අනතුරුව  180°C  ප්‍රමාණයට  ෆ්‍රී හීට්  කරගත් අවන් එකේ විනාඩි 20ක් 25ක්  බේක් කර ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
31.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

බැටර් එක සඳහා ,

  • බිත්තර 1,
  • කෝන් පිටි  මේස හැඳි 3,
  • වතුර ස්වල්පයක්,

අනෙකුත් අමුද්‍රව්‍ය, 

  • චිකන්  250g,
  • තෙල් 175ml,
  • තක්කාලි සෝස්  මේස හැඳි 2 1/2,
  • සෝයා සෝස්  මේස හැඳි 3/4,
  • ඔයිස්ටර් සෝස්  මේස හැඳි 1 (අත්‍යාවශ්‍ය නැත ),
  • අමු මිරිස්  කරල් 4,
  • චිලි පේස්ට් හෝ කෑලි මිරිස්  මේස හැඳි 1 1/3,
  • ලොකු ලූණු  ගෙඩි 1,
  • මාළු මිරිස්  කරල් 1,
  • ඉඟුරු සුදුලූනු පේස්ට්  තේ හැඳි 1/2,
  • ලුණු හා ගම්මිරිස්  රස අනුව,
  • සීනිතේහැඳි 1

සාදන ක්‍රමය

  • චිකන් ටික තරමක් කුඩා කැබලි වලට කපා හොඳින් සෝදා එයට ලුණු ගම්මිරිස් දමා හොඳින් කවලම් කර එයට බැටර් එක සැදීමට ගත් බිත්තරය දමා එයටම කෝන් පිටි දමා කවලම් කර මිශ්‍රනය දියාරු මදිනම් පමණක් වතුර ස්වල්පයක් දමා හොඳින් චිකන් කැබලි වල බැටර් එක ඇලෙන ලෙස කවලම් කර ගන්න .
  • තෙල් තාච්චියක් ලිප තබා එය රත් වූ පසු චිකන් ටික දමමින් රන්වන් පැහැය වන තෙක් බඳ ගන්න. 
  • පසුව පෑන් එකක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා ඉඟුරු සුදුලූනු පේස්ට් එක දමා මදක් රන්වන් පැහැය වන තෙක් බැදගන්න .
  • පසුව කොටු හෝ දිගටි හැඩයට කපා ගත් මාලු මිරිස් හා ලොකු ලූනු එකතු කරන්න . එයටම අමු මිරිස් කරල්ද දෙකට පලා එකතු කරන්න .
  • පසුව චිකන් ටිකද එකතු කර එයට තක්කාලි සෝස් , සෝයා සෝස් , ඔයිස්ටර් සෝස් එකතු කර කවලම් කර චිලි පේස්ට් හා සීනි එකතු කර කවලම් කර ගන්න .
  • පසුව රස අනුව ලුනු හා ගම්මිරිස් එකතු කර ගන්න (කෑලි මිරිස් එකතු කරනවානම් ඉඟුරු සුදු ලූණු දමා ස්වල්ප වෙලාවකින් එකතු කරගන්න )

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!