එළඟිතෙල් බතක්

අවශ්‍ය ද්‍රව්‍ය
හාල් කිලෝ 1 ක්,
ලොකු ළූණු ග්‍රෑම් 250 ක්,
කරදමුංගු කරල් 8 ක්,
කරාබු නැටි නැටි 6 ක්,
කහ ස්වල්පයක් ,
සුල්තානා ග්‍රෑම් 200 ක්,
ගිතෙල් මේස හැඳි 4 ක්,
ගම්මිරිස් ඇට තේ හැඳි 2 ක්
සාදන ක්‍රමය
- බදුනක් ලිප තබා එයට ගිතෙල් දමා ලියාගත් ළූණු ටිකත් දෙකට තුනට කඩාගත් ගම්මිරිස්, කරදමුංගු, කරාබුනැටි සහ කහ දමා ගරාගත් හාල් ද දමා තෙම්පරාදු කරන්න.
- එය තෙම්පරාදු වන විට වතුර හෝ ස්ටොක් දමා බත පිසන්න.
- සුල්තානා බටර්වල දමා තෙම්පරාදු කරන්න. ඉතිරිය ලූනු ග්‍රෑම් 100 ත් බටර්වල තෙම්පරාදු කරන්න.
- දැන් පළමුව පිසගත් බත් වලට තෙම්පරාදු කරගත් ලූණු සහ සුල්තානා කලවම් කරන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
