කඩල කොත්තු

අවශ්‍ය ද්‍රව්‍ය
- කඩල කෝප්ප 2ක්,
- ළූණු ගෙඩි 1ක්,
- කැරට් අලයක්,
- බිත්තර 1ක්,
- කුකුළු මස් 50g (අනිවාර්ය නොවේ.),
- සෝයා සෝස් තේ හැදි 1ක්,
- තක්කාලි සෝස් මේස හැදි 1ක්,
- කෑලී මිරිස් මේස හැදි 1ක්,
- තෙල් මේස හැදි 1ක්,
- සුදු ළූණු බික් 3ක්,
- රස අනුව ලුණු
සාදන ක්‍රමය
- මුලින්ම භාජනයක් ලිපේ තියාගන්න.
- එයට තෙල් එකතු කරන්න.
- දැන් ඇයයට සුදුලූනු කරපිංචා එකතු කරමින් තෙම්පරාදු කරගන්න.
- පසුව ලුණු එකතු කර තෙම්පරාදු කරගන්න.
- මේ ටික රන්වන් පාටට බැඳුණු පසු එයට බිත්තරයක් තක්කාලි සෝස් සොයා සෝස් කෑලි මිරිස් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න.
- අවසානයේ කැරට් සහ කඩල එකතුකර කරගනිමින් කලවම් කරගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
