මාලු බනිස්

May 24, 2023by iwumphihum_ad0
124.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

පාන් පිටි කිලෝ 1ක් ,

සීනි ග්‍රෑම් 75 ක් ,

කිරිපිටි ග්‍රෑම් 100ක් ,

බිත්තර 2ක් ,

ලුණු ග්‍රෑම් 15ක් 

ක්ෂණික යීස්ට් ග්‍රෑම් 15ක්

බටර් ග්‍රෑම් 100ක් ,

අයිස් වතුර මිලිලීටර්  450-500 ත් අතර ,

ලූණු තෙලට පිරුම,

ලොකු ළූණු ග්‍රෑම් 500ක් ,

මිරිස් කෑලි තේ හැඳි 2ක් ,

රසඅනුව ලුණු ,

කරපිංචා ඉත්තක් ,

රම්පෙ කැබැල්ලක් ,

දෙහි යුෂ,

උම්බලකඩ මේස හැඳි 1, 

තෙල් මේස හැඳි 2ක් ,

කහ ස්වල්පයක් 

සාදන ක්‍රමය 

  • බඳුනක් ගෙන එයට හලාගත් පාන් පිටි, සීනි, කිරි, බිත්තර, ලුණු සහ වතුර දමා අත් ගසන්න.
  • මෙය අවසානයට බටර් දමා අනන්න. පාන් වලට වඩා තරමක් බුරුලට අනන්න. මෙම මිශ්‍රණය විනාඩි 45ක් තෙත රෙදි කැබැල්ලකින් වසා තබන්න.
  • ඉන්පසු මිශ්‍රණය කුඩා කොටස් ග්‍රෑම් 50 පමණ බර කඩා බෝල විනාඩි 10-15 තබන්න. ඉන්පසු තුනී කරන්න.
  • මේ සඳහා මාළු ලූනු අල ගෝවා වැනි පිරුමක් සකස් කර ගත හැක .

සාදන ක්‍රමය 

  • බඳුනකට තෙල් දමා රත් කරන්න. රත්වනවිට  විට කරපිංචා, රම්පේ බැදෙන අතර කෑලි මිරිස් සහ උම්බලකඩ, ලුණු සහ ලියාගත් ළූණු දමා රන්වන් පැහැයට බැදගන්න.
  • ලූනු මිශ්‍රණය සාදා ගත් පසු මාළු බනිස් වලට පිරුම දමාගන්නතුනී කරගත් කොටස් ගෙන එහි මැදට ලුණු වලින් ටිකක් තබා කොනකින් නමන්න.
  • ඉන්පසු අනෙක් කොන නමා අනෙක් පැත්ත හරවන්න. එවිට කොන් ටික එකට යාවේ. මත බිත්තර සාරු ගාන්න.
  • එය නැවතත් විනාඩි 15 ක් පිපෙන්න තබා සෙන්ටි ග්‍රේට් 200 උෂ්ණත්වයකින් විනාඩි  15ක් බේක් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!