පැණි මිශ්‍ර පාන්

අවශ්‍ය ද්‍රව්‍ය
- උණු වතුර කෝප්ප 01ක්,
- යීස්ට් 7g,
- සීනි තේ හැඳි 1ක් ,
- පාන් පිටි කෝප්ප 1/2ක්,
- දියකරගත් බටර් 30g,
- පැණිමේසහැඳි 1ක්,
- කුරුඳු කුඩු තේ හැඳි 2ක්
සාදන ක්‍රමය
- බඳුනකට උණු වතුර කෝප්ප 01ක් (ඇඟිල්ල දැමිය හැකි) තරමක් රස්නය ඇති දමා එයට යීස්ට් හා සීනි එකතු කර විනාඩි 5ක් තබන්න.
- පාන් පිටි කුරුදු කුඩු බඳුනකට දමා කලවම් කරන්න. දැන් එයට දියකරගත් බටර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. පසුව ඊස්ට් මිශ්‍රණය එකතු කර විනාඩි හතරක් හොඳින් අනාගන්න. බටර් තවරාගත් බඳුනකට මිශ්‍රණය දමා තෙත රෙදි කැබැල්ලකින් වසා රස්නය ඇති ස්ථානයක පැයක් තබන්න පැයකට පසුව ගෙන නැවත විනාඩි තුනක් පමණ අනන්‍න.
- පාන් තැටියකට බටර් තවරා සාදා ගත් පිටි මිශ්‍රණය දමා නැවත විනාඩි 40ක් විතර තෙත රෙදි කැබැල්ලකින් වසා තබන්න. පසුව උඩින් පැණි තවරා 180° උෂ්ණත්වය තුළ විනාඩි 40ක් බේක් කරගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
