Greek Flatbread

May 24, 2023by iwumphihum_ad0
234.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි කප් 2,
  • ලුණු තේ හැඳි 1/2,
  • බටර් මේස හැඳි 3 1/2,
  • ෆ්‍රෙශ් මිල්ක් කප් 3/4

 

සාදන ක්‍රමය

  • බටර් සහ කිරි එකට එක් කර ලිප තබා බටර් දිය වෙන තෙක් යන්තමට රත් කරගෙන ලිපෙන් ඉවත් කරගන්න. කිරි සහ බටර් මිශ්‍රණය පිටි වලට එක් කර එයට ලුණු එක් කර පිටි ටික අනාගන්න.
  • ඇලෙන සුළු නම් තව පිටි ස්වල්පයක් එක් කර අනාගන්න. ලන්ච් ශීට් එකකින් ඔතා පැය භාගයක් පසෙකින් තියාගන්න.
  • ඩෝ එක කොටස් හතරකට කඩාගෙන, පිටි ඉස ගත් ලෑල්ලක තුනී කරගෙන, නන්ස්ටික් තැටියක දමා එක පැත්තක් භාගෙට පුලුස්සා ගෙන අනෙක් පස හරවාගන්න.
  • හරවාගත් පසු පැතලි හැන්දකින් තැනින් තැන තද කරගන්න. බුබුළු මතු වී පිම්බී ඒ පැත්ත සම්පූර්ණයෙන් පිච්චුන පසු නැවත පළමු පැත්ත හරවා සම්පූර්ණයෙන් පුලුස්සා ගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!