දුන්තෙල් බත්

අවශ්‍ය ද්‍රව්‍ය
සම්බා හාල් ග්‍රෑම් 500 ,
මස් තැම්බූ වතුර කෝප්ප 6,
දුන්තෙල් ග්‍රෑම් 50 ,
තම්බාගත් මස් ග්‍රෑම් 250,
රම්පෙ සහ කරපිංචා ,
රතුළුණු ගෙඩි 12,
කරාබුනැටි තේ හැඳි 1/4,
ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ,
කරදමුංගු කරල් 4
සාදන ක්‍රමය
- අවශ්‍ය පමණ ලුණු සහල් සෝදා දිය බේරෙන්නට තබා මස් හොඳින් පිරිසිදු කර කෑලි කපා තම්බා ගන්න.
- භාජනයකට දුන්තෙල් දමා රත් වී ගෙන එන විට එයට ලියාගත් රම්පේ, කරපිංචා, රතුළුණු එක් කරන්න. එය බැදෙන විට කුඩුකරගත් කරදමුංගු, කරාබුනැටි හා ගම්මිරිස් දමා ගන්න.
- මේවා හොඳින් තෙම්පරාදු වන විට එයට මස් තැම්බූ වතුර ද එක්කර සෝදා ගත් හාල් දමා හොඳින් කලවම් කරගන්න. බත තැම්බීගෙන එන විට එයට තම්බා ගත් මස් හා ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
