සැමන් තෙල්දාලා

අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු සැමන් ටින් 1,
- පොඩියට කපාගත් බොම්බයිලූණු ගෙඩි 1 1/2,
- පොඩියට කපාගත් තක්කාලි ගෙඩි 1,
- සුදුලූණු බික් 3,
- ඉගුරු කෑල්ලක්,
- කෑලිමිරිස් තේහැදි 2,
- අමුමිරිස් කරල් 3-4,
- තෙල් මේසහැදි 1,
- කරපිංචා,
- ලුනු
සාදන ක්‍රමය
- මුලින්ම ඉගුරු සුදුලූණු ටික තලාගන්න. සැමන් ටින් එක කඩා සැමන් කැබලි වල මැද ඇති කටු ඉවත්කර ගන්න.
- පෑන් එකක් ලිප තබා එයට තෙල් දමා තෙල් රත්වූ පසු තලාගත් ඉගුරු සුදුලූණු ට්ක දමා රන්වන් පැහැ ගැන්වෙන තෙක් පිස එයට බොම්බයිලූණු , කරපිංචා හා අමුමිරිස් දමා බොම්බයිලූණු ටික රන්වන් පැහැ ගැන්වීගෙන එන විට එයට ලුනු හා කෑලිමිරිස් දමා හොඳින් කළවම් කර තත්පර 20 පමණ පිසගන්න.
- දැන් සැමන් ටික දමා හොඳින් කළවම් කර පියනකින් වසා විනාඩි 2-3 පමණ ලිපේ ගින්දර අඩුකොට පිස ගන්න . පසුව පියන ඉවත් කර ලිපේ ගින්දර වැඩි කර වතුර ගතිය ඉවත් වෙනතෙක් පිස ගන්න .
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
