Hash Brown

අවශ්‍ය ද්‍රව්‍ය
- අල 250g,
- ගේට් කරගත් B ළූණු ගෙඩියකින් 1/4 පමණ,
- පාන් පිටි මේස හැදි 2,
- ලුණු හා ගම්මිරිස් ,
- කූල් වතුර ටිකක් ,
- තෙල් ටිකක්
සාදන ක්‍රමය
- මුලින්ම අල ටික පොතු ඇරගන්න .
- අල ටික ගේට් කරගන්න.
- ගේට් කරද්දී ගොඩක් පොඩියට ගේට් කරන්නත් එපා. සාමාන්‍ය ගාණට ගේට් කරගන්න .
- ගේට් කරන ගමන් අල ටික කූල් වතුර එකට දාන්න .
- දැන් අල ටික කූල් වතුරෙන් දෙතුන් වතාවක් සෝදන්න.
- අල සෝදන විට වතුර වලට පිටි වගේ එකතු වෙනවා .
- තුන් වතාවක් විතර සෝදන විට ඒ ගතිය නැති වෙනවා .
- වතුර පැහැදිලි පාට වෙනකන් සෝදන්න .
- අල ටික පිරිසිදු රෙදි කෑල්ලකට දාලා මිරිකන්න.
- දැන් අල ටිකයි පිටියි ළූණුයි රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩුයි එකතු කර ගන්න .
- දැන් ඔක්කොම එකට අනා ගන්න.
- දැන් pan එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත් වෙන්න දෙන්න.
- තෙල් චුට්ටක් විතර වැඩිපුර දාන්න.
- අපි හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් අතට අරන් රවුමට තුනී කර ගන්න.පොඩි රොටියක් වගේ.
- දැන් pan එකට දාන්න.
- මේ වගේ 4ක් 5ක් විතර දාලා පියනකින් වහන්න .
- විනාඩි 5කින් විතර පියන ඇර අනිත් පැත්ත දාන්න
- දුඹුරු පාට වගේ වෙනකන් තියලා ගන්න.එතකොට crispy.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
