Dinner

May 24, 2023
99.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • වට්ටක්කා 300g යි,
  • වතුර ලීටර් 1 යි,
  • සේර කැබැල්ලක්,
  • කැරට් අලයක්,
  • රට ළූණු ගෙඩි 1 යි,
  • එල කිරි කෝප්පයක්,
  • අවශ්‍ය පමනට ලුනු,
  • සීනි මේස හැදි 1 යි,
  • බටර් මේස හැදි 1 යි

සාදන ක්‍රමය

  • වට්ටක්කා සහ කැරට් අලය හොදින් සෝදා සිහින් කැබලි කපා ගන්න.ළූණු ගෙඩියද සිහින්ව කපා ගන්න. භාජනයක් ලිප තබා එයට තෙල් සුවල්පයක් එයතු කර ළූණු තෙම්පරාදු කර ගන්න.
  • එයට සේර කැබැල්ල පිටින්ම දමන්න.
  • දැන් පිළිවෙලින් කැරට් සහ වට්ටක්කා එකතු කර තෙලෙන් බැද ගන්න. එයට වතුර එකතු කර මඳ ගින්නේ පිස ගන්න. වරින් වර හැදිගාන්න.
  • සියල්ල හොදින් තැම්බුනු පසු ලිපෙන් බා මදක් නිවුනු සේර කැබැල්ල පමනක් ඉවත් කොට තම්බාගත් වට්ටක්කා සහ කැරට් හොදින් බ්ලෙන්ඩර් එකකින් පොඩිකර ගන්න.
  • බ්ලෙන්ඩර් එකක් නොමැති නම් එළවලු කුඩාවට නොකපා ගේටර් එකක් මගින් ගා ගන්න. පසුව තම්බාගත් එම එළවලු පෙනේරයකට ගෙන හැන්දකින් පොඩි කරමින් පෙරා ගන්න.
  • දැන් එයටම කිරි කෝප්පය සහ සීනි හැන්ද එකතුකර, සියල්ලම නැවත ලිප තබා අවශ්‍ය ප්‍රමානයට ලුනු හා ගම්මිරිස් යොදා හැදි ගාමින් විනාඩි 5 පමන පිස ගන්න. දැන් ඔබ සාදාගත් රසවත් වට්ටක්කා සුප් උණු උණුවේම මේසයට පිලිගන්වන්න.

May 24, 2023
97-1280x959.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කකුළුවන් කූරු 4 ක් (කුඩා කැබලිවලට කපා)
  • මෙයොනීස් කෝප්ප 1/3
  • ඉරා දැමූ චීස් කෝප්ප 1/3
  • සුදුළූණු 1, කැඩුණු
  • ලුණු සහ ගම්මිරිස්
  • parsley මේස හැඳි 1යි

සාදන ක්‍රමය

මධ්ය භාජනයක් තුළ කකුළුවන්, මෙයොනීස්, චීස්, සුදුළූණු, ලුණු, ගම්මිරිස් සහ parsley ඒකාබද්ධ කරන්න. හොඳින් මිශ්ර කරන්න. පාන් මත පැතිරෙන්න


May 24, 2023
94.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • එළු මස් 450 g,
  • ලීක්ස් ගස් 1 ක්,
  • අර්තාපල් අල 2 ක්,
  • කැරට් අල 2 ක්,
  • සැල්දිරි කොළ ස්වල්පයක්,
  • කරපිංචා කොළ ස්වල්පයක්,
  • සිහින්ව කපා ගත් ළූණු පෙති 4-5 ක්,
  • තෙම්පරාදු කිරීම සදහා මාජරින් හෝ කැමති තෙල් ස්වල්පයක්,
  • ලුනු හා දෙහි ඇබුල් අවශ්‍ය පමනට,
  • කුරුදු පොතු කැබැල්ලක්,
  • (කැමති නම් ලුනු වෙනුවට සුප් කැටයක් යොදා ගන්නත් පුළුවන්)

සාදන ක්‍රමය

  • එළු මස් කටු ටික හොදහැටි සෝදා කැබලි කැඩෙන සේ හොදින් තලා භාජනයකට දමා වතුර එකතු කොට තෙල්, ළූණු, දෙහි ඇබුල් හැර අනෙක් සියලු කලමනා ඊට දමා හොදින් තැම්බෙන්නට හරින්න. (තැම්බුනු පසු කුරුදු කැබැල්ල ඉවතට ගන්න) තෙල් හෝ මාජරින් යොදා පෙති කපා ගත් ළූණු ටික තෙම්පරාදු කොට, එයට සාදා ගත් සුප් එක එකතු කරන්න. 
  • එය හැදි ගා ලිපෙන් බා ගත් පසු ඔබේ රස අනුව දෙහි ඇබුල් එකතු කොට උණු උණූවේම මේසයට පිලිගන්වන්න.

May 24, 2023
90.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • තරමක ලොකු අර්තාපල් ගෙඩි දෙකක්,
  • එක හා සමාන තරමක කෝටු කැබලි දෙකක්.(chops stick),
  • සුදු ලුණු බික් 3ක්,
  • කරපිංචා ඉති දෙකක්,
  • ගම්මිරිස් කුඩු සුවල්පයක්,
  • ලුණු සුවල්පයක්,
  • බටර් මේස හැන්දක්,
  • සිහින්ව කපා ගත් ලුණු කොළ මේස හැන්දක් පමණ

සාදන ක්‍රමය

  • අල හොදින් සෝදා ගන්න ( හොදින් අතුල්ලා සෝදා ගන්න මොකද අල ගෙඩිය හදන්නේ පොත්ත පිටින් නිසා)
  • අල ගෙඩි වල පොඩි තීරුවක් යටින් කපන්න (පෙරලෙන් නැති ලෙස අල ගෙඩිය තියන්න හැකි වෙන්න.
  • එක හා සමාන කෝටු කැබලි දෙකක්(chops stick) හෝ.. ලී හැදි මිටි දෙකක් අතර මැදින් අල ගෙඩිය තබා හීනියට එක කොනක සිට අනෙත් කොනට සිහින් තීරු කපා ගෙන යන්න. (වෙන් වෙන්නට කපන්න එපා.)
  • (ලී කෑලි දෙකක් මත රදවා කැපීමෙන් බලාපොරොත්තු වෙන්නේ අල ගෙඩිය වෙන් නොවෙන්න එක හා සමානව කපා ගැනීමයි.)
  • මෙසේ කපා ගත් අල ගෙඩි දෙක අවන් කල හැකි තැටියක් මත තබන්න.
  • දැන් වෙනම භාජනයක් ලිප තබා එයට එළවළු තෙල් හෝ ඔලිව් තෙල් මේස හැදි 4ක් දමන්න.
  • එයට සිහින්ව කපා ගත් සුදු ලුණු ගෙඩි 3ක්, කරපිංචා ඉති දෙකක් දමන්න, තෙල් හොදින් රත් වී සුදු ලුණු දුබුරු පැහැ වී, කරපිංචා ඉති බැදෙන කොට කර පිංචා ඉති ටික ඉවත් කර සුදු ලුණු සමග තෙල් ටික තීරු කපා ගත් අල ගෙඩි මතට වක් කරන්න.(මෙය හොදින් අල තීරු අතරය වදින දේ වක්කරන්න)
  • ගම්මිරිස් කුඩු තේ හැදි භාගයක් පමණ අල තීරු ඇතුළතට වදින සේ ඉස ගන්න.
  • මෙය 350 F හෝ 180C උශෟණත්වයකින් යුතු අවන් එකක් තුළ විනාඩි 60 ක කාලයක් බේක් කර ගන්න.
  • දැන් කලින් සුදු ලුණු බැදගත් භාජනයටම බටර් මේස හැන්දක් දමා දිය කර ගන්න.
  • සාදා ගත් එම බටර් තෙල් ටික අවන් එකෙන් එළියට ගත් අල මත හොදින් තවරන්න.
  • සාදා ගත් අල ටික දීසියක් මත තබා සරසා ගැනීමට හීනියට කපා ගත් ලුණු කොළ ටිකක් ඉස උණූ උණුවේම කෑම මේසයට යවන්න.

May 24, 2023
87-1280x852.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • බී ලූනූ ගෙඩි 2ක් පමණ කොටු කපා,
  • කුඩාවට කපාගත් තක්කාලි ගෙඩියක්,
  • එඵමස් ස්ටොක්එඵමස් වතුර දමා තම්බීමෙන්  හදාගත් වතුර,
  • සුදුඵනු කුඩාවට කපාගත් බික් 3,
  • කරපිංචා කුඩාවට කපාගත්,
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්,
  • බේකන්,
  • එඵමස්
  • එළවඵ තෙල්,
  • බාස්මතී හාල්,
  • green peas

සාදන ක්‍රමය

  • පෑන් 1ක්  එක රත් කර තෙල් ස්වල්පයක් දමා එයට බේකන් හා බී ඵැණු දමා බැදගන්න.බැදුනු පසු එය වෙනම භාජනයකට දමන්න.
  • දැන් එම පෑන් එකටම (නැවත තෙල් දාන්න එපා කලින් බැදගත් තෙලටම) සුදුඵැණු ,එඵමස්, කරපිංචා දමන්න.බාස්මතී හාල් හා එඵමස් ස්ටොක් ද ලුණු හා ගම්මිරිස් සවල්පයක්ද දමා පෑන් 1ක වසන්න.
  • විනාඩි 8ක් පමණ ගිය පසු (බත සෑහෙන පමණට ඉදුනු පසු) green peas හා තක්කාලි එකතු කරන්න.විනාඩි 2ක් පමණ ගිය පසු බැදගත් බේකන් හා සුදුඵැණු මිශ්‍රණය එකතු කරන්න.
  • ලිපෙන් බා ගන්න. පිළිගන්වන්න.

May 24, 2023
86.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කඩල පිටි 250g,
  • පාන්පිටි 100g,
  • ලුණු තේ හැදි 1/2,
  • මිරිස් කුඩු තේ හැදි 1-1/2,
  • මද රස්නෙ වතුර අඩු කෝප්ප 1/2,
  • පොල්තෙල්,
  • සුදුරු ඇට කිහිපයක්

සාදන ක්‍රමය

  • භාජනයකට කඩල පිටි,පාන් පිටි,ලුණු,මිරිස් කුඩු සුදුරු දමා මිශ්‍ර කරන්න.
  • එම මිශ්‍රණයට වතුර ටික ටික දමා ඩෝ (Dough) එකක් සාදා ගන්න.(ඉදි ආප්ප මිශ්‍රණයේ පදමට)
  • ඉන්පසු මුරුක්කු වං ගෙඩියක් හෝ ඉදි ආප්ප වංගෙඩියට මුරුක්කු අච්චුව සවි කර හෝ එසේත් නැතිනම් ඉදි ආප්ප වංගෙඩියට සාදාගත් මිශ්‍රණයෙන් කොටසක් දමන්න.
  • දැන් තෙල් තාච්චියක් ලිප තබා මද ගින්නේ තෙල් රත් වූ පසු මුරුක්කු වංගෙඩියෙන් තෙලට රවුම් ආකාරයට වක් කරන්න.
  • ලා පැහැයට බැදී ගෙන එන විට මුරුක්කු තාච්චියෙන් ඉවත් කර තෙල් බේරෙන්න හරින්න. පිළිගන්වන්න.
  • වැඩි මුරුක්කු සුලං නොවදින සේ අසුරන්න.

May 24, 2023
85-1280x717.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • සිහින්ව දිගටියට කපා ගත් ඇපල් ගෙඩි කිහිපයක් 3ක් ,
  • කුඩාවට කපාගත් බී ලූණු ගෙඩියක්,
  • සිහින්ව දිගටියට කපාගත් රතු කොළකහ බෙල්පෙපර් 30g පමණ,
  • සිහින්ව කපාගත් ලූණු කොළ කිහිපයක්,
  • මිරිස් කුඩු තේ හැදි 1/2 (අවශ්‍ය පමණට රස අනුව),
  • අන්නාසි යුෂ මේස හැදි කාලක් හෝ බාගයක්,
  • ඔලිව් ඔයිල් තේ හැදි 1,
  • ලුණු අවශ්‍ය පමණට,
  • ගම්මිරිස් කුඩු රස අනුව

සාදන ක්‍රමය

  • ඇපල්, බී ලූණූ, බෙල්පෙපර්, ලූණු කොළ භාජනයකට දමා ගන්න.
  • එයට මිරිස් කුඩු, අන්නාසි යුෂ, ඔලිව් ඔයිල්, ගම්මිරිස් කුඩු හා ලුණු දමා කලවම් කරන්න.
  • ශීතකරණයේ මද වේලාවක් තබන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
82.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොළොස් 500g,
  • අරතාපල් 200g,
  • රතු ළුණු   ගෙඩි 10  (සිහින්ව  කපා ගන්න ලද ),
  • කැලි මිරිස්‌ මේස හැදී 02,
  • මිරිස් කුඩු මේස හැදී 1/2,
  • ගම්මිරිස් කුඩු තේ හැදී 1,
  • අමුමිරිස්‌ කරල් 04,
  • උම්බලකඩ  කුඩු මේස හැදී 02,
  • එනසල් කරල්  02
  • සුදුළුණු  බික් 02 (සිහින්ව කපා ගන්න ලද ),
  • කරපිංචා  ස්වලපයක්  සහ ලුණු,
  • කහ කුඩු  ,
  • පාන්පිටි  250g,
  • බිස්කට්  කුඩු 200g
  • බැදගැනීමට  අවශ්‍ය  තෙල් 

සාදන ක්‍රමය

  • ප්‍රථමයෙන්  කටු ඉවත් කර පොළොස්  කැබලි වලට කපා මැටි වළදක්  ගෙන එයට ගොරකා  ඉති 02/03 දමා ප්‍රමාණවත්  පරිදි වතුරද  ලුණුද දමා  හොදින් තම්බගන්නඅනතුරුව   අර්තාපල් ද  හොදින් තම්බගන්න.
  • අනතුරුවතම්බාගත්පොළොස්  සහ අර්තාපල් වෙන වෙනම  පොඩි කර ගන්න , ඉන්පසු  භාජනයක්  ලිප තබා  එයට තෙල්  ස්වලපයක්  දමා රත්වූ  පසු  එයට සකසා ගත්  සුදුලුනු, රතුළුණු ,කරපිංචා, දමා තෙම්පරාඩුකර ගන්න.
  • අනතුරුව  එයට  උම්බලකඩ කුඩු ද එකතු කර විනාඩියකට පසු  සකසා ගත් පොළොස්  සහ අර්තාපල් එකතු කර  හොදින්  කලවන් කර ටික වෙලාවකට පසු එයට මිරිස් කුඩු,කැලි, සහ ගම්මිරිස් කුඩු දමා රස පරිදි ලුණුද එකතු කර ලිපෙන් බාගන්න.
  • අනතුරුව ප්ලාස්ටික්  භාජනයක් ගෙන එය වතුර එකතු කර පාන්පිටි  එය එකතු කර  කහ කුඩු ස්වලපයක් දමා හොදින් මිශ්‍ර කර බැටරයක් සදා ගන්න.  ඉනන්තුරුව  ඔබ සකසා ගත් පොළොස් මිශ්‍රනය  අතින් පොඩි රවුම් ගුලි සේ සකසා ගන්න දැන් ඔබ එය  බැටර්එකේ  දමා  බිස්කට්කුඩු  තවරා ගන්න. අනතුරුව  භාජනයක් ලිප තබා රත්වූ පසු තෙල් දමා  තෙල් රත්වූ පසු සදා ගත් පොළොස් කට්ලට්  එයට දමා හොදින් රන්පැහැය වනතුරු  බැදගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
81.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • සම්බා 01kg,
  • එළවලු   තෙල් ස්වල්පයක්  ,
  • සිහින්ව ලියාගත්   කැරට් 100g,
  • සිහින්ව  ලියාගත් ලිස් කොළ 100g,
  • සිහින්ව ලියාගත් සුදුළුනු බික් 02,
  • සුප් කැට  01,
  • රස පරිදි ලුණු,
  • සොයාසෝස් මේස හැදී 02,
  • තල තෙල් තේ හැදී 1/2,
  • එන්සාහල්  කරල්  03,
  • සිහින්ව  ලියාගත්  ඉගුරු  කැබැල්ලක්

සාදන ක්‍රමය

  • පළමුව සහල් හොදින් 3 වරක් සෝදා පසෙක තබන්න   ඉන් අනතුරුව  භාජනයක්  ලිප තබා  එයට අවශ්‍ය  පමණ වතුර  එකතු කර මද වෙලාවකින්  එළවළු තෙල් ස්වල්පයක් එයට එකතු කර  වතුර උතුරන විට සෝදා පිළියෙළ  කරගත් සහල්  එකතු කර එන්සහාල් කරල් , සහ ලුණු  දමා  නිවසේ  ඔබ පිසගන්නා ආකාරයට බත  පිස ගන්න  පිස ගත්  බත් වෙනත් භාජනයකට වෙන් කර ගන්න .     
  • අනතුරුව  නැවත භාජනයක් ලිප තබා  රත් වූ පසු එයට එළවලු තෙල් එකතු කර  තෙල් රත්වූ පසු සකසා ගත් සුදුළුණු, ඉගුරු ,එකතු කර   ලිපේ ගින්දර මදක් අඩු කර  ඉන් පසු එයට  කැරට් එකතු කර සුළු වෙලාවක් පිස නැවතත්  එයට සොයා සෝස්  සහ සුප්කැට, ලුණු  එකතු කරගන්න .
  • දැන් ඔබ ලිපේ ගින්දර නිවා විනාඩියකට පසු  සිහින්ව ලියාගත් ලිස් කොළ වලින් භාගයක්  එයට එකතු කර කලවන් කර ගන්න. 
  • ඉන් පසු ඔබ පිස ගත්, බත් තෙම්පරාදු  කරගත් එළවළු සමග හොදින් මිශ්‍ර කරගන්නා  අතරේ ඉතිරි ලිස්කොල ටික කෙමෙන් කෙමෙන්  එයට එකතු කර ගනිමින් හොදින් මිශ්‍ර කර ගන්න .අනතුරුව ඔබට අවශ්‍යනම් පමණක්  චිලීපේස්ට් සමගින්  ආහාරයට  ගන්න . 
  • ඔබට රසය වැඩි කර ගැනීමට  මෙයට  ගම්මිරිස්  කුඩු සහ කැලි මිරිස්  ස්වල්පයක්   එකතු කර ගත හැක ඔබට අවශ්‍යනම්  මෙයට බෝංචි , ගෝවා, එකතු කර ගත හැක  නමුත්  මතක තියාගන්න  ඔබ  බෝංචි ,ගෝවා එකතු කර ගැනීමේදී  රසය, බතේ පැහැය  වෙනස් වීමට පුළුවන් එක නිසා බෝංචි , ගෝවා එකතු කරනවිට   ලිපෙන් ඉවත් කර ගැනීමට විනාඩියකට පෙර  හොදින් මිශ්‍ර කර ලිපෙන් බාගන්න .එසේ පිළියෙළ කර ගන්නා ලද බතක් කැමට ප්‍රිය වෙයි .
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
80-1280x853.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • නූඩ්ල්ස්  500g,
  • ඉස්සන් 200g (පොතු ඉවත් කරන ලද ),
  • කැරට් 100g (සිහින්ව ලියාගත්  ),
  • ගෝවා 100g (සිහින්ව ලියාගත්),
  • සිහින්ව ලියාගත්  බිළුණු ගොඩි 02ක්,
  • සිහින්ව ලියාගත්  සුදුලුනු  ගොඩි  02ක්,
  • ලුණු සහ ගම්මිරිස් කුඩු ස්වලපයක්,
  • සොයා සෝස්  සහ සේසමි ඔයිල් (තල තෙල්),
  • එළවලු තෙල් ස්වලපයක්.ඉගුරු,
  • බටර් මේස හැදී  02ක්

සාදන ක්‍රමය

  • පළමුව භාජනයක් ලිප තබා  වතුර එකතු කර වතුර උතුරනවිට  එයට බටර් හො තෙල් ස්වල්පයක් දමා  හොදින්බොයිල් වීමට හරින්න , ඉන් අනතුරුව  එයට පිළියෙළ කරගත් නූඩ්ල්ස් එකතු කර විනාඩි 05 පමණ  තම්බා ගන්න.
  • අනතුරුව  එය වෙනත් භජනයකට පෙරා ගන්න , ඉන් පසු එය නැවත සිතල වතුරෙන් පෙරා ගන්න.
  • ඉන් පසු භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතු කර  තෙල් රත්වූ පසු  සිහින්ව කපාගත් ඉස්සන් එකතු කරගන්න . 
  • මද වෙලාවක් රන් පැහැය එනතුරු  බැදගන්න.දැන් එයට බිලූ , සුදුලුනු , ඉගුරු . එකතු කරමින් මද වෙලාවක් පිස ගන්න. 
  • අනතුරුව එයට කැරට්, සහ සොයා සෝස්  සුප් කැට 01 ක්දමා විනාඩි කීපයක් පිසගෙන නූඩ්ල්ස් එකතු කර  හොදින් කලවම් කරගන්න .
  • ඉන් අනතුරුව ගෝවා එකතු කරමින්  තලතෙල් ස්වල්පයක් එකතු කරමින් රසය පරිදි ලුණුද, ගම්මිරිස්කුඩුද , ඔබට අවශ්‍යනම් චිලිපේස්ට් ස්වල්පයක් එකතු කරමින්  ලිපෙන් ඉවතට ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!