Apple Salad

අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව දිගටියට කපා ගත් ඇපල් ගෙඩි කිහිපයක් 3ක් ,
- කුඩාවට කපාගත් බී ලූණු ගෙඩියක්,
- සිහින්ව දිගටියට කපාගත් රතු කොළකහ බෙල්පෙපර් 30g පමණ,
- සිහින්ව කපාගත් ලූණු කොළ කිහිපයක්,
- මිරිස් කුඩු තේ හැදි 1/2 (අවශ්‍ය පමණට රස අනුව),
- අන්නාසි යුෂ මේස හැදි කාලක් හෝ බාගයක්,
- ඔලිව් ඔයිල් තේ හැදි 1,
- ලුණු අවශ්‍ය පමණට,
- ගම්මිරිස් කුඩු රස අනුව
සාදන ක්‍රමය
- ඇපල්, බී ලූණූ, බෙල්පෙපර්, ලූණු කොළ භාජනයකට දමා ගන්න.
- එයට මිරිස් කුඩු, අන්නාසි යුෂ, ඔලිව් ඔයිල්, ගම්මිරිස් කුඩු හා ලුණු දමා කලවම් කරන්න.
- ශීතකරණයේ මද වේලාවක් තබන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
