අවශ්‍ය ද්‍රව්‍ය
- ඉඳිආප්ප 30ක්
- කැරට් අල 2ක්
- ලීක්ස් කොල් ස්වල්පයක්
- ලුනු ගෙඩි 1ක්
- කරපිංචා
- රම්පේ
- කුකුල් මස්
- බිත්තර 2ක්
- තක්කාලි සෝස්
- සෝයා සෝස්
- රස අනුව ලුණු
- මස් හොදි
- තලාගත් ඉගුරු සුදු ලුණු
- මාලු මිරිස් කරලක්
- පොල් තෙල්
- කෑලි මිරිස්
සාදන ආකාරය
- ඉහත එළවළු වර්ග සියල්ලම කුඩාවට කපා කපා ගන්න.
- ඉන්පසු පෑන් එකක් ලිප තියලා ඒකට තෙල් මේස හැඳි දෙකක් එක්තු කරන්න.
- ඉන් පසු මුලින්ම ඉඟුරු සහ සුදු ලූනු එකතු කරන්න.
- දැන් කපාගත් ලූනු එණු එකතු කරගන්න.
- දැන් රම්පෙ සහේ සහ කරපිංචා එකතු කරගන්න.
- ඉන් පසු කපාගත් මාළු මිරිස් සහ කැරට් එක්තු කරගනිමින් හොඳින් මිශ්‍ර කරගන්න.
- මේ අතරතුර බිත්තර එකතු කරගන්න.
- එයටම කෑලි මිරිස් සහ ලීක්ස් එකතුකරකරගන්න එකතු කරගනිමින් හොඳින් කලවම් කරගන්න .
- දැන් අවශ්‍ය පමණට ලුණු එකතු කර ගන්න.
- දැන් සොයා සෝස් සහ තක්කාලි සෝස් එකතු කරගන්න. ( මෙය අවශ්‍යම නොවේ. )
- දැන් කුකුල් මස් ටික එකතු කරගෙන ඉදිආප්ප එකතු කරගන්න.
- දැන් මස් හොදි එකතුකර කරගෙන හොඳින් කලවම් කරගන්න.
- ඉන්පසු ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.




