Breakfast

May 23, 2023
26.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පාන් පිටි  250g,
  • සීනි  50g,
  • කිරි පිටි  25g,
  • මද රස්නෙ වතුර 150 ml,
  • බටර් හෝ මාගරින්  50g,
  • ලුණු තේ හැඳි 1/2,
  • බිත්තර  2,
  • යීස්ට් තේ හැඳි 1 ⅓

සාදන ක්‍රමය

  • මද රස්නෙ වතුර 30ml පමන කෝප්පයකට දමා එයට යීස්ට් හා සීනි තේ හැන්දක් පමණ එක් කර විනාඩි දහයක් පමන පිපෙන්නට තබන්න .
  • මෙම මිශ්‍රණය අතේ ඇනීමට නොහැකි තරම් දියාරු එකක් නිසා stand mixture  එකක් හෝ විස්ක් එකක් භාවිතයෙන් ඇනිය යුතුය .
  • එමනිසා පිටි ටික stand mixture එකේ භාජනයට හෝ විස්ක් එකෙන් අනනවානම් වෙනත් භාජනයකට හෝ දමා ගන්න.
  • දැන් එයට පිපුණු යීස්ට් මිශ්‍රනය,සීනි, බිත්තර එකක්,බටර්, කිරි පිටි, ලුණු සහ ඉතිරි වතුර ටික එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න .
  • මිශ්‍රණය හොඳින් මිශ්‍ර වූ පසු වඩා වැඩි නොවූ නමුත් තරමක දියාරු ස්වභාවයක් නොහොත් අතේ ඇලෙන සුලු ස්වභාවයක් ගන්නවා.
  • පසුව අතේ බටර් තවරාගෙන මිශ්‍රනය අතට ගෙන වෙනත් බටර් තැවරූ භාජනයකට දමා පොලිතින් එකකින් වසා පැය දෙකක් පමණ පිපෙන්නට හරින්න .
  • හොඳින් පිපුණු පසු භාජනයෙන් ඉවතට ගෙන එය අවශ්‍ය ප්‍රමාණයේ කැබලි වලට වෙන් කරගන්න. (කැබලි 6ක් හෝ 8 කට)
  • දැන් අවන් එකට දමන ට්‍රේ එකට හොඳින් බටර් හෝ මාජරින් තැවරූ පාච්මන්ට් පේපර් එකක් තබා එය උඩින් කැබලි කරගත් බනිස් මිශ්‍රනය බනිස් වල හැඩයට බෝල කර පිපීමට ඉඩ ඇති වන සේ අතුරා ගෙන අනෙක් බිත්තරය හොඳින් ගාසා ගෙන පින්සලක් භාවිතයෙන් බනිස් උඩ තවරා ගන්න .
  • එලෙස අතුරා පැය භාගයක් හෝ විනාඩි 40 ක කාලයක් පිපෙන්නට තබන්න .
  • ඒ අතර තුර අවන් එක 200 °C වලට ප්‍රී හීට් කර ගන්න .
  • * බනිස් හොඳින් පිපුණු පසු අවන් එකට දමා රන් වන් පැහැය වන තෙක් බේක් කරගන්න . (අවන් එකෙන් අවන් එකට කාලය වෙනස් වන නිසා නිශ්චිත කාලයක් සඳහන් කළ නොහැක )
  • බේක් උනු පසු අවන් එකෙන් ඉවතට ගෙන නිවෙන්නට තබා ආහාරයට ගන්න .
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
24.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පාන් පිටි කප් 2,
  • මුදවපු කිරි 1/2 හෝ යෝගට් කප් 1,
  • මද උනුසුම් වතුර කප් 1/2,
  • ඉස්ට් 17g පැකට් එකක්,
  • සීනී තේ හැදි 1,
  • ලුණු තේ හැදි 1/2,
  • තෙල් මේස හැදි 1,
  • පුළුස්සන විට ගෑමට තෙල් හෝ බටර් ටිකක් 

සාදන ක්‍රමය

  • මුලින්ම කුඩා භාජනයකට සීනි දමා එයට වතුර සහ ඉස්ට් පැකට්ටුව දමන්න.
  • ඉන් පසු එම මිශ්‍රණය කලවම් කර පෙණ දමා ඉස්ට් සකීය වන තෙක් වි 10 පැත්තකින් තියන්න.
  • ඉන් පසු ලොකු භාජනයකට පිටි ලුණු ,තෙල් සහ යෝගට් දමන්න.
  • දැන් සකීය වු යීස්ට් මිශ්‍රණය එයට එකතු කරගන්න.
  • ඉන් පසු සුමුදු පිටි බෝලයක් ලැබෙන සේ විනාඩි කිහිපයක් හොදින් මිශ්‍රණය අනාගන්න.
  • දැන් අන්තිමට ප්ලාස්ටික් රැප් එකකින් හෝ තෙත රෙදි කඩකින් ආවරණය කර උණුසුම් ස්ථානයක පැයක් පමණ පිපෙන්නට තබන්න.
  • පැයකට පසු පිටි ස්වල්පයක් අතුරා ගත් මේසයක් මත පිටි බෝලය තබා දිගටි හැඩයකට සකසා ගන්න.
  • ඉන් පසු එය සමාන කොටස් 6කට කඩාගන්න.
  • ඉන් පසු එම කොටස් කුඩා පිටි බෝල 6වන සේ බෝල කරගන්න.
  • දැන් එම බෝල එකිනෙක රෝලින් පින් එකක් ගෙන රොටියක් සේ තුනී කරගන්න.
  • දැන් බටර් හෝ තෙල් තැවරු තැටියක් ලිපේ තබා මදයම ප්‍රමාණය ට රත් කරගන්න.
  • ඉන් පසු එයට රොටිය දමා බුබුළු මතු වන තෙක් විනාඩි 2 පමණ පැත්තක් පුළුස්සා අනික් පැත්තද පුළුස්සා ගන්න.
  • ඒ විදිහට අනික් රොටි පහ ත් පුළුස්සා ගන්න .
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
23.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • නූඩ්ල්ස් 500g,
  • තම්බාගත් චිකන් 250g  ,
  • කැරට්, ලීක්ස්,  සිහින්ව කපාගන්න,
  • ළුණු කොළ කප් 1/2 ,
  • ළුණු ගෙඩියක් (කුඩාවට කපාගත්),
  • සුදු ළුණු මේස හැඳි 2 (තලාගත්),
  • ඉඟුරු මේස හැඳි 2 (තලාගත්),
  • බටර් මේස හැඳි 2 හෝ තෙල් ,
  • සෝයා සෝස් මේස හැඳි 3,
  • තක්කාලි සෝස් මේස හැදි 2,
  • ඔයිස්ටර් සොස් මේස හැදි 2 (තිබේ නම්) ,
  • චිලි පේස්ට් මේස හැඳි 2,
  • කෑලි මිරිස් තේ හැඳි 1/2,
  • ගම්මිරිස් තේ හැඳි 1/2,
  • කරපිංචා ඉති 2,
  • ලුනු කුඩු

සාදන ක්‍රමය

  • ලොකු සාස්පානක් ලිප තබා බටර් දමා දියවෙන්න හරින්න.
  • එයට සුදු ළුණු, ඉගුරු, කරපිංචා, ළුණු ටික දමා රන්වන් පැහැ වෙන තෙක් බැදගන්න.
  • පසුව එයට චිකන්, බිත්තර  ටික දමා හොදින් කලවම් කර ගන්න.
  • එයට කැරට් ටික දමා මද වේලාවක් කලවම් කරන්න.
  • පසුව එයට  ලීක්ස් දමාගෙන කෑලි මිරිස්, ගම්මිරිස්, ලුනු කුඩු, සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, තක්කාලි සෝස්  දමා හොදින් කලවම් කරන්න.
  • දැන් එලවළු ටික තැම්බිගෙන එන විට තම්බාගත් නූල්ඩස් ටික එක්කරන්න.
  • එයට චිලි පේස්ට් සහ රස අනුව ලුණු කුඩු දමා හොදින් කලවම් කරන්න.
  • අවසානයේ ළුණු කොළ දමා කළවම් කර ලිපෙන් ඉවත් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 22, 2023
19.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • අල 250g,
  • ගේට් කරගත් B ළූණු ගෙඩියකින් 1/4 පමණ,
  • පාන් පිටි මේස හැදි 2,
  • ලුණු හා ගම්මිරිස් ,
  • කූල් වතුර ටිකක් ,
  • තෙල් ටිකක් 

සාදන ක්‍රමය

  • මුලින්ම අල ටික පොතු ඇරගන්න .
  • අල ටික ගේට් කරගන්න.
  • ගේට් කරද්දී ගොඩක් පොඩියට ගේට් කරන්නත් එපා. සාමාන්‍ය ගාණට ගේට් කරගන්න .
  • ගේට් කරන ගමන් අල ටික කූල් වතුර එකට දාන්න .
  • දැන් අල ටික කූල් වතුරෙන් දෙතුන් වතාවක් සෝදන්න.
  • අල සෝදන විට වතුර වලට පිටි වගේ එකතු වෙනවා .
  • තුන් වතාවක් විතර සෝදන විට ඒ ගතිය නැති වෙනවා .
  • වතුර පැහැදිලි පාට වෙනකන් සෝදන්න .
  • අල ටික පිරිසිදු රෙදි කෑල්ලකට දාලා මිරිකන්න.
  • දැන් අල ටිකයි පිටියි ළූණුයි රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩුයි එකතු කර ගන්න .
  • දැන් ඔක්කොම එකට අනා ගන්න.
  • දැන් pan එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත් වෙන්න දෙන්න.
  • තෙල් චුට්ටක් විතර වැඩිපුර දාන්න.
  • අපි හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් අතට අරන් රවුමට තුනී කර ගන්න.පොඩි රොටියක් වගේ.
  • දැන් pan එකට දාන්න.
  • මේ වගේ 4ක් 5ක් විතර දාලා පියනකින් වහන්න .
  • විනාඩි 5කින් විතර පියන ඇර අනිත් පැත්ත දාන්න 
  • දුඹුරු පාට වගේ වෙනකන් තියලා ගන්න.එතකොට crispy.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 22, 2023
17.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • අල ගෙඩි  දෙකක් 
  • ලුනු ස්වල්පයක් 
  • බැදීමට තෙල්

සාදන ක්‍රමය

  • අල පොතු හැර සොදා ගන්න 
  • පසුව  එය තීරූ හැඩයට කපා ගන්න.
  • හොඳින් සෝදා ලුනු දමා ගත් ජලයේ මද වෙලවක්  තම්බා ගන්න .
  • මෙය ජලයෙන් ඉවතට ගෙන  කිචන් ටිසූ හෝ කිචන් ටවල් එකක් මත හොදින් වියලා ගන්න.
  • පසුව ගැබුරු තෙලේ පාට වෙනස් වන තුරු බැද ගන්න.
  • බැදගන්නා ලද අල හොඳින් තෙල් බේරෙන්නට හරින්න විනාඩි 20 ක් පමන තබා නැවත ගැඹුරු තෙලේ රන් වන් පාට වන තෙක් බැද ගන්න.
  • පසුකාලීනවබාවිතයටගැනීමටඅවශ්‍යනම්එක්වරක්බැදගන්නාලදඅල  ඉටි කොල බෑගයක දමා අදිශීතකරනයේ තබන්න.
  • දැන් පිළිගන්වන්න.

May 22, 2023
14.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි 500g
  • ලුණු කුඩු තේ හැඳි 1 1/2ක්
  • මාගරින් මේස හැඳි 2යි
  • බිත්තර දෙකයි
  • මිරිස් කුඩු තේ හැන්දක් පුරවා
  • අමු මිරිස් කරල් හතරයි
  • ලූනු ගෙඩියක්
  • කැරට් 100g
  • ගෝවා හෝ ලීක්ස් 50g
  • මස් හෝ මාළු 100g
  • සිහින්ව ගා ගත් පොල් බෑයක්

සාදන ක්‍රමය

  • පළමුව පිටි ටික හලා ගන්න. දැන් ගාගත් පොල්, ලුණු, බිත්තර ,බටර් ,මිරිස් කුඩු දමා හොඳින් අනා ගන්න.
  • වතුර ස්වල්පයක්ද එක්කර අනාගන්න. එයට යාන්තම් තෙම්පරාදු කර ලීක්ස් කැරට් එක් කර ගන්න . 
  • එයටම මස් හෝ මාළු එක්කර තෙත නැති මිශ්‍රණයක් සාදා කුඩා බෝල සාදා රව්මට තූනී කර රොටී තැටියකට දමා රන්වන් පාට වන තුරු පුලුස්සා ගන්න.
  • දැන් පිළිගන්වන්න.

May 22, 2023
12.1-1280x960.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • තෝසෙ මිශ්‍රණය,
  • හීනියට ගා ගත් පොල් ගෙඩියක පොල්,
  • කිතුල් පැණි හෝ සීනි කෝප්ප 1/2,
  • වැනිලා තේ හැඳි දෙකක් හෝ බැද කුඩුකරගත් එනසාල් කුඩු හැඳි ¼

සාදන ක්‍රමය

  • සීනි ළිප තබා වතුර කෝප්ප 1/4 ක් දමා පැණි වනතුරු උණු කර ගන්න . ( කිතුල් පැණි නම් ලිප තබා මදක් උණු කර ගන්න) එයට එනසාල් කුඩු හෝ වැනිලා කලවම් කර පොල් දමා හොදින් මලවා ගන්න. 
  • තැටියක් ලිප තබා තෝස මිශ්‍රණයෙන් සාදාගන්නා ලද පෑන් කේක් පේස්ට්‍රිය මතට මැදට පොල් පැණි දමා රස්නය තිබෙන විට ම රෝල් කරගන්න .

May 22, 2023
11.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැරට් 100g ක්,
  • ලීක්ස් 100g ක්,
  • අර්තාපල් 200g ක්,
  • සැල්දිරි 25ක්,
  • බෝංචි 100g ක්,
  • ළූනු 50g ක් (කුඩාවට කපාගත්),
  • තක්කාලි 30gක් (කුඩාවට කපාගත් ),
  • පාන් කුඩු 200g ක්,
  • පාන් පිටි 100g ක්,
  • කරි කුඩු මේස හැඳි 1ක්,
  • කහ කුඩු තේ හැදි 1/2ක්,
  • මිරිස් කුඩු තේ හැදි 1/4ක්,
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්,
  • අමු මිරිස් කරල් 2ක්,
  • තෙල් අඬු කෝප්ප 1ක්,
  • මිටි කිරි අඩු කෝප්ප 1/2ක්,
  • බිත්තර 2ක්,
  • තෙල් බෝතලයක්,
  • කරපිංචා කිනිත්තක්,
  • කුරුදු පොතු කැබැල්ලක්,
  • දෙහි ගෙඩියක යුෂ ස්වල්පයක්,

 

පෑන් කේක් මිශ්‍රණට අවශ්‍ය ද්‍රව්‍ය,

  • පිටි 200g ක්,
  • බිත්තර 2ක්,
  • මාජරින් මේස හැඳි 1ක්,
  • පිටි කිරි අඩු කෝප්ප 3ක්,
  • ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය

  • අර්තාපල් තම්බා පොඩි කර ගන්න.කැරට්, සැල්දිරි, බෝංචි, ලීක්ස් කුඩාවට කපා ගැඹුරු තෙලේ බැද හොඳින් තෙල් මිරිකා හරින්න. 
  • බඳුනක් ලිප තබා කරි කුඩු, කහ කුඩු ,ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, ලුණු කුඩු මදගින්නේ බැදෙන්න හරින්න. එයට තක්කාලි හා මිටිකිරි දමා ඉස්ම හිදෙන තුරු තම්බා ගන්න .
  • ඉන් පසු බැදගත් එළවළු තක්කාලි මිටි කිරි මිශ්‍රණය තම්බා පොඩි කරගත් අල සමග දෙහි ස්වල්පයක් මිශ්‍ර කරගන්න.
  • පෑන් කේක් සෑදීමට
  • බදුනකට පිටි බිත්තර බටර් ලුණු දමා කිරි එකතු කර තරමක් දියාරු පිටි මිශ්‍රණයක් සාදන්න. 
  • සාස්පානක් ගෙන එයට තෙල් ටිකක් තවරා රත් කර පිටි හැන්ද බැගින් දමා තුනීකර පෑන්කේක් දෙපැත්ත දමා පුළුස්සා ගන්න. 
  • දැන් පෑන් කේක් එකක් ගෙන එයට සාදාගත් මිශ්‍රණය දමා දෙකොන නමා රෝල් කර සාදාගත් පිටි හා බිත්තර මිශ්‍රණය දමා පාන්කුඩු දවටා ගැඹුරු තෙලේ බැදගන්න .
  • දැන් පිළිගන්වන්න.

May 22, 2023
9-1280x854.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ස්පැගටි පැකට් 1ක්,
  • සොසේජස් 250g ක්,
  • චීස් මේස හැඳි 4ක්,
  • සෝස් මේස හැඳි 4ක්,
  • ලුණු, ගම්බිරිස්, 
  • පාස්ලි ස්වල්පයක්,
  • බී ළුණු ගෙඩි 1ක්

සාදන ක්‍රමය

  • පළමුව ස්පැගටි ලුණු මිශ්‍ර වතුරෙන් තම්බා ගන්න. 
  • පසුව තෙල් ස්වල්පයක් ලිප තබා සොසේජස් කැබලි කුඩාවට කඩා බැදගන්න. 
  • ඉන් පසු කපාගත් බීලූනු හා ගම්බිරිස් එකට මිශ්‍රකර කර සෝස් තම්බාගත් ස්පැගටි, චීස්,පාස්ලි  පිළිවෙලින් එක්කර කලවම් කර මද වෙලාවකට පසු ලිපෙන් ඉවතට ගන්න.

May 20, 2023
117.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැකුළු හාල් ග්‍රෑම් 500 යි,
  • පොල් ගෙඩි 1 ක කිරි,
  • ලුණු අවශ්‍ය පදමට,
  • පොල් පැණි සඳහා ගාගත් පොල් ගෙඩියක්,
  • සීනි ග්‍රෑම් 500 ක් පමණ,
  • කරදමුංගු ඇට කිහිපයක්,
  • ලුණු බිංදු කිහිපයක්

සාදන ක්‍රමය

  • හාල් ගරා සෝදා වතුර සාමාන්‍ය බතකට දමනවාට වඩා වැඩියෙන් දමා ලිප තබන්න. මද ගින්නෙන් බත ඉදී වතුර සිඳෙන විට මිරිකාගත් කිරි වලට ලුණු ද අවශ්‍ය ලෙස දමා හොඳින් කළවම් කර කිරිබත උයාගන්න.
  • බඳුනක් ගෙන එයට සීනි දමන්න. ළිප තැබූ එම බඳුන තුල වූ සීනි දියවී කරවේගෙන එනවිට වතුර ටිකක් දමන්න. හොඳින් හැඳි ගාමින් උණු කරගන්න. තලාගත් කරඳමුංගු, පොල් හා ලුණු ස්වල්පයක් එක්කරමින් පොල් පැණි මලවාගන්න. 
  • අඬු කෝප්පයක් වැනි කෝප්පයකින් අඩකට කිරිබත් දමා. පසුව පොල් පැණි දමා නැවත කිරිබත් ඒ උඩින් දමා ඉඹුල් කිරිබත් සාදාගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!