Breakfast

May 24, 2023
152.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

උඳු ග්‍රෑම් 25ක් ,

කරදමුංගු 2ක් ,

ලුණු ස්වල්පයක් ,

පොල් කිරි කෝප්ප 1ක්, 

සීනි මේස හැඳි 1ක් 

සාදන ක්‍රමය

  • උලුඳු පෙගෙන්නට දමා තබා අඹරා ගන්න. මේ සඳහා බ්ලෙන්ඩරයක් වුවත් භාවිතා කිරීමට පුළුවන. 
  • අඹරාගත් උඳු වලට කරදමුංගු සහ ලුනු දමන්න. වතුර දමන්න වතුර ස්වල්පයක්ද උඳු තැම්බෙන්නට තබා ලිප තබා තම්බා ගන්නද තැම්බෙන විට දී කැඳ ගත ලැබෙන්නට අවශ්‍ය නම් ප්‍රමාණයට පොල්කිරි යොදන්න. 
  • මෙයට සීන් ස්වල්පයක්ද එක් කළ යුතුයි. උඳු වල තිබෙන තිත්ත රසය මැකෙන්නට රස බලා සීනි යොදන්න. කැඳ එක උතුරුවා ලිපෙන් බාගන්න.

May 24, 2023
2-1.jpg

අවශ්‍ය දේවල් 

  • ඔලිව් හෝ කොන් ඔයිල් කප් 1/3ක්‌ (75ml)
  • සුදූ ළුණු බිකි 4 ක්‌ 
  • පොඩියට කපාගත් වේලිච්ච මිරිස් කරල් 2ක්‌ 
  • කැලි මිරිස් ඔබ‍ට අවශ්‍ය සැර අනුව 
  • තම්බාගත් ස්පැගට්  ග්‍රෑම් 400ක්‌ 
  • පර්මසාන් චීස් ස්වල්පයක්
  • චොප් කරගත් පාස්ලි ග්‍රෑම් 25ක්‌  

සාදන ක්‍රමය

  • සාමාන්‍ය ගින්දරේ පැන් එකක් ලිපේ තබා එයට ඔලිව් තෙල් එකතු කරන්න.. දැන්  එය රත් වුනාම.එයට‍ සුදූ ළුණු වේලිච්ච මිරිස් එකතු කරගෙන කවලම් කරමින් මද වෙලාවක් කුක් කරගන්න.
  • ඉන්පසු එයට කැලි මිරිස් ඔබ‍ට අවශ්‍ය සැර අනුව තම්බාගත් ස්පැගට්  ටික එකතු කරගෙන කවලම් කර කුක් කරගන්න  (විනාඩි 1-2ක්‌). 
  • දැන් එය හොදට කවලම් කරගත් පසු එයට චොප් කරගත් පාස්ලි සහ රස අනුව ලුණු සහ ගම්මිරිස් එකතු කරගෙන කවලම් කර ලිපෙන් බාගන්න.
  • ඉන්පසු එය උඩින් පාමසන් චීස් ටිකක් එකතු කර ආහාරයට ගන්න.

May 24, 2023
124.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

පාන් පිටි කිලෝ 1ක් ,

සීනි ග්‍රෑම් 75 ක් ,

කිරිපිටි ග්‍රෑම් 100ක් ,

බිත්තර 2ක් ,

ලුණු ග්‍රෑම් 15ක් 

ක්ෂණික යීස්ට් ග්‍රෑම් 15ක්

බටර් ග්‍රෑම් 100ක් ,

අයිස් වතුර මිලිලීටර්  450-500 ත් අතර ,

ලූණු තෙලට පිරුම,

ලොකු ළූණු ග්‍රෑම් 500ක් ,

මිරිස් කෑලි තේ හැඳි 2ක් ,

රසඅනුව ලුණු ,

කරපිංචා ඉත්තක් ,

රම්පෙ කැබැල්ලක් ,

දෙහි යුෂ,

උම්බලකඩ මේස හැඳි 1, 

තෙල් මේස හැඳි 2ක් ,

කහ ස්වල්පයක් 

සාදන ක්‍රමය 

  • බඳුනක් ගෙන එයට හලාගත් පාන් පිටි, සීනි, කිරි, බිත්තර, ලුණු සහ වතුර දමා අත් ගසන්න.
  • මෙය අවසානයට බටර් දමා අනන්න. පාන් වලට වඩා තරමක් බුරුලට අනන්න. මෙම මිශ්‍රණය විනාඩි 45ක් තෙත රෙදි කැබැල්ලකින් වසා තබන්න.
  • ඉන්පසු මිශ්‍රණය කුඩා කොටස් ග්‍රෑම් 50 පමණ බර කඩා බෝල විනාඩි 10-15 තබන්න. ඉන්පසු තුනී කරන්න.
  • මේ සඳහා මාළු ලූනු අල ගෝවා වැනි පිරුමක් සකස් කර ගත හැක .

සාදන ක්‍රමය 

  • බඳුනකට තෙල් දමා රත් කරන්න. රත්වනවිට  විට කරපිංචා, රම්පේ බැදෙන අතර කෑලි මිරිස් සහ උම්බලකඩ, ලුණු සහ ලියාගත් ළූණු දමා රන්වන් පැහැයට බැදගන්න.
  • ලූනු මිශ්‍රණය සාදා ගත් පසු මාළු බනිස් වලට පිරුම දමාගන්නතුනී කරගත් කොටස් ගෙන එහි මැදට ලුණු වලින් ටිකක් තබා කොනකින් නමන්න.
  • ඉන්පසු අනෙක් කොන නමා අනෙක් පැත්ත හරවන්න. එවිට කොන් ටික එකට යාවේ. මත බිත්තර සාරු ගාන්න.
  • එය නැවතත් විනාඩි 15 ක් පිපෙන්න තබා සෙන්ටි ග්‍රේට් 200 උෂ්ණත්වයකින් විනාඩි  15ක් බේක් කරන්න.

May 24, 2023
123-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කිලෝ 1 ,

ඊස්ට් ග්‍රෑම් 20 ( තේ හැඳි 2 ක්) ,

සීනි ග්‍රෑම් 50ක් ,

ලුණු ග්‍රෑම් 15 ක් ,

බටර් හෝ මාජරින් ග්‍රෑම් 500 ක්,

කිරිපිටි ග්‍රෑම් 5 0ක් ,

අයිස් වතුර මිලිලීටර් 500ක් 

සාදන ආකාරය

  • පාන් පිටි, සීනි, ලුණු, ඊස්ට්, කිරිපිටි එකම බඳුනකට දමා මිශ්‍ර කරන්න. එයට වතුර දමා අතේ තරමක් අනා අවසානයේ බටර් දමා අනන්න.
  • අතේ ඇලේ නම් තෙල් ටිකක් ගා මිශ්‍රණය විනාඩි 10ක් අතේ අනන්න. නැතිනම් මැෂිමෙන් විනාඩි 10ක් පමණක් ගසා ගන්න. මෙය විනාඩි 45ක් පිපෙන්න තබන්න.
  • මෙම මිශ්‍රණය තෙත රෙදි කැබැල්ලකින් වසා තබන්න. අවසානය මෝලීයෙන් ග්‍රෑම් 500 බර ප්‍රමාණයට හෝ හෝ 650 බර ප්‍රමාණයට කඩන්න.
  • ඉන්පසු මෙහි බර කිරා විනාඩි දහයක් තබන්න. දැන් පාන් ටින් එකක් ගෙන එහි අඩිය වටේට මාජරින් ගාන්න.
  • නැත්නම් එළවළු තෙල් ගාන්න විනාඩි 10 කින් පසු මිශ්‍රණය අතින් තලා පාන්පිටි එකේ ප්‍රමාණයට දෙපැත්ත නවා රෝල් කර පාන් අච්චුවල දමා විනාඩි 15 – 20 පමණ අච්චුවේ 3/4 කට පිපෙන තුරු උණුසුම් තැනක තබන්න.
  • ඉන්පසු 200’c විනාඩි 20ක් බේක් කරන්න.

May 24, 2023
237.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි කෝප්ප 3 1/2ක්,
  • කිරි මේස හැඳි 1ක්,
  • සීනි මේස හැඳි 1 1/2ක්,
  • යීස්ට් තේ හැඳි 1/2ක්, 
  • ලුණු තේ හැඳි 1/2ක්,
  • වතුර කෝප්ප 1 1/2ක්,

පිරවීමට ,

  • අඹරාගත් මස් කෝප්ප 3 ,
  • ලියා ගත් තක්කාලි  කෝප්ප 1,
  • ලියාගත් ළූණු කෝප්ප 1/2,
  • ඔලිව්තෙල්කෝප්ප 1/4 ලියාගත් පාස්ලි මේස හැඳි 1/2 ,
  • දෙහි යුෂ මේස හැඳි 3, 
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ,
  • ලුණු තේ හැඳි 1/2ක්,
  • කුරුදු කුඩු තේ හැඳි 1/2ක්,
  • තක්කාලිපේස්ට්මේසහැඳි 1

සාදන ක්‍රමය 

  • පිටි,කිරි , යීස්ට් හා ලුණු මිශ්‍ර කරන්න.වතුර හා තෙල් සමග හොඳින් අනා ගන්න ඉන්පසු ප්‍රමාණය දෙගුණ වන තුරු වසා තබන්න. එය කුඩා බෝල හැඩයට සාදා ගන්න. 
  • පිරවුම සාදා ගෙන කුඩා පිටි බෝල තූනී කර, හතරැස් හැඩයට කපා එකකට එක මේස හැන්දක් බැගින් පුරවා , කොන් වලින නවා බෝට්ටුවක් ආකාරයකට සකසා ගන්න. 
  • ඉන්පසු තෙල් තැවරූ තැටියකට 200° උණුසුම්න් විනාඩි 15ක් බේක් කරන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
236.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පාන්පිටි කෝප්ප 3යි,
  • සීනි මේස හැඳි 4යි,
  • කිරි මේස හැඳි 1යි,
  • යිස්ට් මේස හැඳි 1/2යි , 
  • ලුණු තේ හැඳි  1/2යි, 
  • වතුර කෝප්ප 1 1/2යි,

පිරවීමට ,

  • කොටේජ් චීස් ,
  • පෙති කපාගත් ඔලිව් ,
  • තක්කාලි පෙති ,
  • බැදගත් අල 

සාදන ක්‍රමය 

  • පාන් ,පිටි, සීනි ,කිරි ,ලුණු මිශ්‍රකර වතුර හා තෙල්වලින් හොඳින් අනාගන්න එයින් කුඩා බෝල සාදා විනාඩි දහයක් වසා තබන්න.
  • ඉන්පසුඑමබෝලතුනීතුනීකරනකුඩාරවුම්කපාගන්න.
  • එකදමාදෙපැත්තබේක්කරගන්නඑමරවුම්  මතට මිශ්‍රණය පුරවා  සිලින්ඩරාකව රවුම් කර කොටස් දෙකකට කපා පිළිගන්වන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
235.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • උණු වතුර කෝප්ප 01ක්,
  • යීස්ට් 7g,
  • සීනි තේ හැඳි 1ක් ,
  • පාන් පිටි කෝප්ප 1/2ක්,
  • දියකරගත් බටර් 30g,
  • පැණිමේසහැඳි 1ක්,  
  • කුරුඳු කුඩු තේ හැඳි 2ක්

 

සාදන ක්‍රමය

  • බඳුනකට උණු වතුර කෝප්ප 01ක් (ඇඟිල්ල දැමිය හැකි) තරමක් රස්නය ඇති දමා එයට යීස්ට් හා සීනි එකතු කර විනාඩි 5ක් තබන්න. 
  • පාන් පිටි කුරුදු කුඩු බඳුනකට දමා කලවම් කරන්න. දැන් එයට දියකරගත් බටර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. පසුව ඊස්ට් මිශ්‍රණය එකතු කර විනාඩි හතරක් හොඳින් අනාගන්න. බටර් තවරාගත් බඳුනකට මිශ්‍රණය දමා තෙත රෙදි කැබැල්ලකින් වසා රස්නය ඇති ස්ථානයක පැයක් තබන්න පැයකට පසුව ගෙන නැවත විනාඩි තුනක් පමණ අනන්‍න. 
  • පාන් තැටියකට බටර් තවරා සාදා ගත් පිටි මිශ්‍රණය දමා නැවත විනාඩි 40ක් විතර තෙත රෙදි කැබැල්ලකින් වසා තබන්න. පසුව උඩින් පැණි තවරා 180° උෂ්ණත්වය තුළ විනාඩි 40ක් බේක් කරගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
234.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි කප් 2,
  • ලුණු තේ හැඳි 1/2,
  • බටර් මේස හැඳි 3 1/2,
  • ෆ්‍රෙශ් මිල්ක් කප් 3/4

 

සාදන ක්‍රමය

  • බටර් සහ කිරි එකට එක් කර ලිප තබා බටර් දිය වෙන තෙක් යන්තමට රත් කරගෙන ලිපෙන් ඉවත් කරගන්න. කිරි සහ බටර් මිශ්‍රණය පිටි වලට එක් කර එයට ලුණු එක් කර පිටි ටික අනාගන්න.
  • ඇලෙන සුළු නම් තව පිටි ස්වල්පයක් එක් කර අනාගන්න. ලන්ච් ශීට් එකකින් ඔතා පැය භාගයක් පසෙකින් තියාගන්න.
  • ඩෝ එක කොටස් හතරකට කඩාගෙන, පිටි ඉස ගත් ලෑල්ලක තුනී කරගෙන, නන්ස්ටික් තැටියක දමා එක පැත්තක් භාගෙට පුලුස්සා ගෙන අනෙක් පස හරවාගන්න.
  • හරවාගත් පසු පැතලි හැන්දකින් තැනින් තැන තද කරගන්න. බුබුළු මතු වී පිම්බී ඒ පැත්ත සම්පූර්ණයෙන් පිච්චුන පසු නැවත පළමු පැත්ත හරවා සම්පූර්ණයෙන් පුලුස්සා ගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
26-2.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • හාල් ග්‍රෑම් 500 ක් 
  • ලීක්ස් ග්‍රෑම් 500 ක් 
  • අමු තුන පහ කුඩු තේ හැදි එකක් 
  • රස අනුව ලුණු 
  • කරපිංචා කොළ ටිකක් තක්කාලි ගෙඩියක් 
  • සුදු ලූණු බික් දෙකක් කහ ටිකක් 
  • මාගරින් මේස හැදි 2 ක් 

සාදන ක්‍රමය 

  • හාල් ගරා සෝදා බත් පිසින ලීක්ස් ගස් හොඳින් සෝදා එහි සුදු කොටස වෙනම සිහින ලියන්න. 
  • ලීක්ස් හැකි කොටස සිහින්ව දිග අතට ලියන්න කරපිංචා කොළ ටික සිහින කපන්න. තක්කාලි ගෙඩිය කුඩා කැබලිවලට කපන්න.බඳුනක් ගෙන එයට මාජරින්  දමා රත් කරන්න.
  • එය රත්වන විට  වන විට ලියා ගත් සුදුළූණු හා ලියා ගත් ලීක්ස් ගසේ සුදු කොටස දමා බැදෙන්නට හරින්න. 
  • එයට කහ සහ තුනපහ කුඩු දමන්න. හොඳින් තෙම්පරාදු පසු පිසගත් බත් සහ සුදු ලූණු දමා කවලම් කරන්න. ඉන්පසූ කපාගත් ලීක්ස් වතුර එක්කර කවලම් කර විනාඩියක් පමණ තබා ලිපෙන් ඉවතට ගන්න .

May 24, 2023
305-1280x1600.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

දෙදෙනෙකු සඳහා ,

බාස්මතී ග්‍රෑම් 250 ක්,

කැරට් ග්‍රෑම් 65 ක් ,

ලූණු කොළ ග්‍රෑම් 100 ක් ,

සුදු ළූණු ග්‍රෑම් 50ක් ,

චීන ගෝවා ග්‍රෑම් 75 ක්,

අවශ්‍ය පමණ ලුණු ,

බිත්තර 1 ක් ,

සොයා සෝස් තේ හැඳි 3ක් 

සාදන ක්‍රමය 

  • මත පිසින්නේ බාස්මතී සහල් සඳහා වතුර තබන විට හාල් ප්‍රමාණයට සමානව වතුර එක් කළ යුතුය. එනම් හාල් කෝප්ප 1ක් නම් වතුර කෝප්ප ද 1කි . භාජනයකට තෙල් දමා ලිප තබන්න . 
  • තෙල් රත්වන විට සිහින්ව කපාගත් ඉඟුරු එක්කර එක් කර හොඳින් කලවම් කරන්න.
  • පසුව කැරට් ගෝවා සිහින් තීරු ලෙස කපාගෙන බැදගෙන ඉඟුරු වලටම එකතු කරන්න .
  • එයටම බිත්තරය එකතු කර පිසගත් මතට දමන්න. එයට ලුණු රස අනුව සොයා සෝස් එකතු කර හොඳින් කලවම් කරගෙන කුඩාවට කපාගත් ළූණු කොළ එක් කරගෙන ලිපෙන් ඉවත් කරගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!