Hopper & Pittu Breakfast

July 4, 2023
WhatsApp-Image-2023-07-04-at-12.32.04-1280x720.jpeg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉඳිආප්ප 30ක්
  •  කැරට් අල 2ක්
  •  ලීක්ස් කොල් ස්වල්පයක්
  •  ලුනු ගෙඩි 1ක්
  •  කරපිංචා
  •  රම්පේ
  •  කුකුල් මස්
  •  බිත්තර 2ක්
  •  තක්කාලි සෝස්
  •  සෝයා සෝස්
  •  රස අනුව ලුණු
  • මස් හොදි
  •  තලාගත් ඉගුරු සුදු ලුණු 
  • මාලු මිරිස් කරලක් 
  • පොල් තෙල් 
  •   කෑලි මිරිස්

   සාදන ආකාරය

 

  • ඉහත එළවළු වර්ග සියල්ලම කුඩාවට කපා කපා ගන්න.
  •  ඉන්පසු පෑන් එකක් ලිප තියලා ඒකට තෙල් මේස හැඳි දෙකක් එක්තු කරන්න.
  •  ඉන් පසු මුලින්ම ඉඟුරු සහ සුදු ලූනු එකතු කරන්න.
  •  දැන් කපාගත් ලූනු එණු එකතු කරගන්න.
  •  දැන් රම්පෙ සහේ සහ කරපිංචා එකතු කරගන්න. 
  • ඉන් පසු කපාගත් මාළු මිරිස් සහ කැරට් එක්තු කරගනිමින් හොඳින් මිශ්‍ර කරගන්න.
  •  මේ අතරතුර  බිත්තර එකතු කරගන්න.
  •  එයටම කෑලි මිරිස් සහ ලීක්ස් එකතුකරකරගන්න එකතු කරගනිමින් හොඳින් කලවම් කරගන්න .
  • ​​දැන් අවශ්‍ය පමණට ලුණු එකතු කර ගන්න.
  •  දැන් සොයා සෝස් සහ තක්කාලි සෝස් එකතු කරගන්න.  ( මෙය අවශ්‍යම නොවේ. )
  • දැන් කුකුල් මස් ටික එකතු කරගෙන  ඉදිආප්ප එකතු කරගන්න. 
  • දැන් මස් හොදි එකතුකර කරගෙන හොඳින් කලවම් කරගන්න.
  •  ඉන්පසු ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

July 3, 2023
249.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • උදු ඇට ග්‍රෑම් 300ක්,
  • සුදු කැකුළු හාල් ග්‍රෑම් 300ක්,
  • ආප්ප සෝඩා ස්වල්පයක්,
  • ලුණු අවශ්‍ය පමණ 

සාදන ක්‍රමය 

  • උදු ඇට සහ සහල් වෙනුවෙන්ම පෙගෙන්නට දමා පියලි ඉවත් කර හොඳින් අඹරා ගන්න .ආප්ප සෝඩා හා වතුර මෙයට දමා හොඳින් අනා ගන්න .
  • අනාගත උඳු සහල් පිටි සුළං නොවදින ලෙස භාජනයකින් ආවරණය කොට පැය 12ක් පිපෙන්නට හරින්න .
  • සාදාගත් පිටි මිශ්‍රණයට අවශ්‍ය තරමට ලුණු එක් කොට මිශ්‍රණය ඝනවට සාදා ගන්න .
  • තැටියක තෙල් තවරා එය රත්වෙන්නට තබා පිටි මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් දමා තෝසේ සාදා ගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 29, 2023
218-1280x720.jpeg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • කඩල කෝප්ප 2ක්,
  • ළූණු  ගෙඩි 1ක්,
  • කැරට් අලයක්,
  • බිත්තර 1ක්,
  • කුකුළු මස් 50g (අනිවාර්ය නොවේ.),
  • සෝයා සෝස් තේ හැදි 1ක්,
  • තක්කාලි සෝස් මේස හැදි 1ක්,
  • කෑලී මිරිස් මේස හැදි 1ක්,
  • තෙල් මේස හැදි 1ක්,
  • සුදු ළූණු බික් 3ක්,
  • රස අනුව ලුණු

සාදන ක්‍රමය 

  • මුලින්ම භාජනයක් ලිපේ තියාගන්න. 
  • එයට තෙල් එකතු කරන්න. 
  • දැන් ඇයයට සුදුලූනු කරපිංචා එකතු කරමින් තෙම්පරාදු කරගන්න.
  • පසුව ලුණු එකතු කර තෙම්පරාදු කරගන්න.
  • මේ ටික රන්වන් පාටට බැඳුණු පසු එයට බිත්තරයක්  තක්කාලි සෝස් සොයා සෝස් කෑලි මිරිස් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න.
  • අවසානයේ කැරට් සහ කඩල එකතුකර කරගනිමින්  කලවම් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට  පිළිගන්වන්න.

June 26, 2023
295.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • තරමක් කෑලි හිටින්න කුඩු කරගත් ඕට්ස් 200g,
  • හාල් පිටි 50g,
  • කුරක්කන් පිටි 50g,
  • පොල් කප් 3,
  • ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

  • මේ සියල්ලම හොඳින් මිශ්‍ර කරගෙන වතුර හෝ පොල් කිරි ටික ටික ඉසිමින් සාමාන්‍ය පිට්ටු විදියටම ඇඟිලි තුඩින් කැට කරගන්න. 
  • පිට්ටු බම්බුවක දමා තම්බාගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 22, 2023
283-1280x832.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  • පාන්පිටි හෝ ආටාපිටි ග්‍රෑම් 200,
  • ලියාගත් කරපිංචා ටිකක්,
  • තෙල් හෝ බටර් මේස හැන්දක්,
  • ලුණු ටිකක්,
  • බැදගැනීමට තෙල්

 

සාදන ක්‍රමය

  • පූරි හරියටම හදන්නෙ ආටා පිටි වලින්. ආටා වල රසට අකමැති අයට පාන්පිටි වලිනුත් හදන්න පුළුවන්. මුලින්ම පිටි වලට කරපිංචා, ලුණු හා බටර් දාලා හොඳට අනාගන්න.
  • දැන් ඒකට වතුර ටික ටික දාලා අතේ නොඇලෙන මෝලියක් හදාගන්න.
  • හොඳට අත් ගහලා මෝලිය හදන් පිටි ඉහගත්ත ලෑල්ලක රෝලින් පින් එකෙන් තුනී කරගන්න. 
  • දැන් රවුම් කටර් එකක් අරන් රවුම් කපාගෙන කරලා ගැඹුරු තෙලේ බැදගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 19, 2023
191.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

කුරක්කන් පිටි ග්‍රෑම් 100 ක්,

රතු කැකුළු හාල් පිටි ග්‍රෑම් 50 ක්,

පොල් ග්‍රෑම් 80 ක්,

ලුණු ස්වල්පයක් 

සාදන ක්‍රමය 

  • පිටි දෙවර්ගයම එකට කලවම් කරන්න.
  • පොල් වලට ලුණු හිස පිටි සමග කලවම් කරන්න.
  • ස්ටීමරය ලිප තබා උතුරන විට පිට්ටු සාදාගන්න.

June 12, 2023
247.webp

අවශ්‍ය ද්‍රව්‍ය 

  • උඳු ඇට ග්‍රෑම් 500 යක්,
  • සහල් කිලෝ 1ක් ,
  • බේකින් පවුඩර් ග්‍රෑම් 20ක්,
  • ලුණු ස්වල්පයක්,
  • ජලය ස්වල්පයක් 

සාදන ක්‍රමය 

  • උදු ඇට සහ සහල් වෙන වෙනම ගෙන පැය 12 ක් පමණ පොඟවා ගන්න. උදුපියලි ඉවත් කරගන්න. 
  • ජලය ඉතා ස්වල්පයක් එක් කොට උදු ඇට සහල් වෙන වෙනම ඉතා සිහින් අඹරා ගන්න .
  • පසුව ඉහත මිශ්‍රණ දෙක සමග මිශ්‍ර කොට පැය හයක් අටක් පසෙක තබා ඉට්ලි  තැටියට මිශ්‍රණය එක්කොට තම්බා ගන්න .පසුව උණුසුම්ව චට්නි, සාම්බාරු , අල ව්‍යංජනය සමග පිළිගන්වන්න . 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 8, 2023
290.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉඳිආප්ප 50ක් විතර,
  • තම්බා කැබලි කරගත් චිකන්,
  • තම්බාගත් ග්‍රීන් පීස්,
  • ගරම් මසාලා තේ හැන්දක්,
  • මිරිස් කුඩු තේ හැන්දක්,
  • කහ ටිකක්,
  • කරදමුංගු 5,
  • කරාබුනැටි 6,
  • කුරුඳු පොතු කෑල්ලක්,
  • ස්ටාර් අනීස් (තියෙනව නම්),
  • බේ ලීෆ් එකක්,
  • ෆ්‍රෙශ් මිල්ක් කප් 1/4,
  • චොප් කරගත් ළූණු,
  • ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැන්දක්,
  • කොත්තමල්ලි කොළ මිටක්,
  • බැදගත් කජු,
  • බැදගත් ළූණු

සාදන ක්‍රමය

  • ඉඳිආප්ප ටික පොඩියට කඩාගෙන ෆ්‍රෙශ් මිල්ක් ටික ඉඳිආප්ප වලට ඉස ගෙන පැත්තකින් තියාගන්න.
  • ගී ටිකක් රත් වෙන්න තියල ඒකට ඉඳිආප්ප, කජු, කොත්තමල්ලි කොළ සහ බැදගත් ළූණු හැර අනික් සියළු ද්‍රව්‍ය එකතු කරන්න. 
  • සුවඳ එනතුරු තෙම්පරාදු කරගෙන මේ මිශ්‍රණයට ඉඳිආප්ප ටික එකතු කරගන්න.
  • හොඳින් මිශ්‍ර කර කජු, ළූණු සහ කොත්තමල්ලි කොළ උඩින් ඉස පිළිගන්වන්න.

May 30, 2023
248.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • උදු ඇට ග්‍රෑම් 50ක් ,
  • අමුමිරිස් හෝ කොච්චි මිරිස් ග්‍රෑම් 50ක් ,
  • ලුණු ග්‍රෑම් 50ක්,
  • ගම් මිරිස්, 
  • රම්පෙ, 
  • කරපිංචා ස්වල්පයක් බැගින් ,
  • බැද ගැනීමට තෙල් 

සාදන ක්‍රමය 

  • උළුදු ඇට දිනක් පෙඟෙන්නට හරින්න .එහි පියලි ඉවත් කරන්න .වතුර සියල්ල බේරා හොඳින් අඹරන්න.
  • ලුනු, රම්පෙ, කරපිංචා කුඩාවට කපා ගන්න .
  • අඹරාගත් උළිඳු වලට කපාගත් ල ගත් ළූණු, රම්පෙ, කරපිංචා ද ගම්බිරිස් හා ලුණු ද එක්කර කලවම් කරගන්න .කුඩා බෝල සාදා මැද සිදුරක් තනා රන්වන් පැහැය වන තෙක් බැදගන්න.
  • වඩේ 15ක් – 20ක් පමණ සෑදිය හැකිය.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
183.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් පිටි ග්‍රෑම් 100ක්, 

සිහින්ව ගාගත් පොල් ග්‍රෑම් 80ක් ,

ලුණු ස්වල්පයක් 

සාදන ක්‍රමය

  • පොල්වලට  ලුණු ඉස පිටි සමඟ හොඳින් කලවම් කරන්න. 
  • මෙය පිට්ටු බම්බුවට හෝ  ස්ටීමරයට දමා හොදින් හුමාලයෙන් තම්බා ගන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!