Breakfast

July 5, 2023
mq3.webp

අවශ්‍ය ද්‍රව්‍ය

  • කරපිංචා දළු
  • වතුර
  • ලුණු

 

   සාදන ආකාරය

 

  • මුලින්ම කරපිංචා දළු ටික හොඳින් සෝදලා blender කර කරගන්න. 
  • ඉන්පසු එය හොඳින් පෙරා ගෙන ගෙන එයට ලුණු ස්වල්පයක් එකතු කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයට පිළිගන්වන්න.

July 5, 2023
df34b1bd-01a5-4d75-b3df-b8a8cd26b197-1280x720.jpeg

අවශ්‍ය ද්‍රව්‍ය

  • සැන්ඩ්විච් පාන් පෙති 6ක්
  •  අල ගෙඩි එකක්
  •  කුඩා ලොකු ගෙඩියක්
  •  බිත්තර ගෙඩි එකක් 
  • බටර් ස්වල්පයක් 
  •  චීස් කෑලි 2ක් ( අනිවාර්ය නොවේ)
  •  අමු මිරිස් කරල් 1ක් 
  • ගම්මිරිස් කුඩු
  • අබ කුඩු
  •  රස අනුව ලුණු
  • මයෝනයිස්

 

   සාදන ආකාරය

 

  • බිත්තරය හා අල තම්බා පොඩි කර ගන්න.
  • දැන් එයට අනෙකුත් ද්‍රව්‍ය සියල්ලම එකට එක්තු කර කලවම් කර ගන්න.
  • දැන් මෙම පේස්ට් එක පාන් පෙති වල දවට ගන්න.
  • දැන් සැන්ඩ්විච් හැඩයට කපා ඔබ කැමති ආකාරයට පිළිගන්වන.

July 4, 2023
WhatsApp-Image-2023-07-04-at-12.32.04-1280x720.jpeg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉඳිආප්ප 30ක්
  •  කැරට් අල 2ක්
  •  ලීක්ස් කොල් ස්වල්පයක්
  •  ලුනු ගෙඩි 1ක්
  •  කරපිංචා
  •  රම්පේ
  •  කුකුල් මස්
  •  බිත්තර 2ක්
  •  තක්කාලි සෝස්
  •  සෝයා සෝස්
  •  රස අනුව ලුණු
  • මස් හොදි
  •  තලාගත් ඉගුරු සුදු ලුණු 
  • මාලු මිරිස් කරලක් 
  • පොල් තෙල් 
  •   කෑලි මිරිස්

   සාදන ආකාරය

 

  • ඉහත එළවළු වර්ග සියල්ලම කුඩාවට කපා කපා ගන්න.
  •  ඉන්පසු පෑන් එකක් ලිප තියලා ඒකට තෙල් මේස හැඳි දෙකක් එක්තු කරන්න.
  •  ඉන් පසු මුලින්ම ඉඟුරු සහ සුදු ලූනු එකතු කරන්න.
  •  දැන් කපාගත් ලූනු එණු එකතු කරගන්න.
  •  දැන් රම්පෙ සහේ සහ කරපිංචා එකතු කරගන්න. 
  • ඉන් පසු කපාගත් මාළු මිරිස් සහ කැරට් එක්තු කරගනිමින් හොඳින් මිශ්‍ර කරගන්න.
  •  මේ අතරතුර  බිත්තර එකතු කරගන්න.
  •  එයටම කෑලි මිරිස් සහ ලීක්ස් එකතුකරකරගන්න එකතු කරගනිමින් හොඳින් කලවම් කරගන්න .
  • ​​දැන් අවශ්‍ය පමණට ලුණු එකතු කර ගන්න.
  •  දැන් සොයා සෝස් සහ තක්කාලි සෝස් එකතු කරගන්න.  ( මෙය අවශ්‍යම නොවේ. )
  • දැන් කුකුල් මස් ටික එකතු කරගෙන  ඉදිආප්ප එකතු කරගන්න. 
  • දැන් මස් හොදි එකතුකර කරගෙන හොඳින් කලවම් කරගන්න.
  •  ඉන්පසු ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

July 4, 2023
WhatsApp-Image-2023-07-04-at-12.28.09-1280x720.jpeg

අවශ්‍ය ද්‍රව්‍ය

 

  • තම්බාගත් පැස්ටා
  • කොටුවට කපාගත් කැරට්
  •  කපාගත් ගෝවා
  •  කපාගත් ලීක්ස්
  •  චිස් කැලි දෙකක්
  •  බටර් ස්වල්පයක්
  •  තලාගත් ඉඟුරු සහ සුදුල ලූනු
  •  ගම්මිරිස්
  •  රස අනුව ලුණු
  •  පාන් පිටි ස්වල්පයක්
  • අවශ්‍ය  ප්‍රමාණයට වතුර 

 

   

සාදන ආකාරය

  • මුලින්ම වයිට් සෝස් එකක හදමු 
  • පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් ටිකක් එකතු කරගන්න.
  • දැන් තලාගත් ඉගුරු සහ සුදු ලූණු වලින් ටිකක් දාලා කලවම් කරගන්න.
  • චීස් එකතු කර හොදින් දිය කර ගන්න. 
  • ඉන්පසු වතුර එකතු කරන්න.
  • පාන් පිටි මේස හැදි 2 එකතුකර කරගන්න. 
  • අවසානයට ලුණු සහ ගම්මිරිස් එකතු කර කරගන්න.
  • දැන් පැස්ටා එක හදමු.
  • මුලින්ම පෑන් එකක් ලිප තියා ගන්න
  • එයට බටර් , සුදුලූනු ,ඉඟුරු ,කැරට් ,ගෝවා, ලීක්ස්, එක්තුකර කරගනිමින් තෙම්පරාදුව හදා හදාගන්න.
  • ඉන්පසු වයිට් සෝස් මිශ්‍රණය එයට එකතු කරන්නන්න.
  • ලුණු මදි නම් තව ටිකක් එකතු කරගන්න.
  • අවසානයේ පැස්ටා ටික එකතු කර හොඳින් කලවම් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

July 3, 2023
249.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • උදු ඇට ග්‍රෑම් 300ක්,
  • සුදු කැකුළු හාල් ග්‍රෑම් 300ක්,
  • ආප්ප සෝඩා ස්වල්පයක්,
  • ලුණු අවශ්‍ය පමණ 

සාදන ක්‍රමය 

  • උදු ඇට සහ සහල් වෙනුවෙන්ම පෙගෙන්නට දමා පියලි ඉවත් කර හොඳින් අඹරා ගන්න .ආප්ප සෝඩා හා වතුර මෙයට දමා හොඳින් අනා ගන්න .
  • අනාගත උඳු සහල් පිටි සුළං නොවදින ලෙස භාජනයකින් ආවරණය කොට පැය 12ක් පිපෙන්නට හරින්න .
  • සාදාගත් පිටි මිශ්‍රණයට අවශ්‍ය තරමට ලුණු එක් කොට මිශ්‍රණය ඝනවට සාදා ගන්න .
  • තැටියක තෙල් තවරා එය රත්වෙන්නට තබා පිටි මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් දමා තෝසේ සාදා ගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 29, 2023
218-1280x720.jpeg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • කඩල කෝප්ප 2ක්,
  • ළූණු  ගෙඩි 1ක්,
  • කැරට් අලයක්,
  • බිත්තර 1ක්,
  • කුකුළු මස් 50g (අනිවාර්ය නොවේ.),
  • සෝයා සෝස් තේ හැදි 1ක්,
  • තක්කාලි සෝස් මේස හැදි 1ක්,
  • කෑලී මිරිස් මේස හැදි 1ක්,
  • තෙල් මේස හැදි 1ක්,
  • සුදු ළූණු බික් 3ක්,
  • රස අනුව ලුණු

සාදන ක්‍රමය 

  • මුලින්ම භාජනයක් ලිපේ තියාගන්න. 
  • එයට තෙල් එකතු කරන්න. 
  • දැන් ඇයයට සුදුලූනු කරපිංචා එකතු කරමින් තෙම්පරාදු කරගන්න.
  • පසුව ලුණු එකතු කර තෙම්පරාදු කරගන්න.
  • මේ ටික රන්වන් පාටට බැඳුණු පසු එයට බිත්තරයක්  තක්කාලි සෝස් සොයා සෝස් කෑලි මිරිස් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න.
  • අවසානයේ කැරට් සහ කඩල එකතුකර කරගනිමින්  කලවම් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට  පිළිගන්වන්න.

June 26, 2023
295.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • තරමක් කෑලි හිටින්න කුඩු කරගත් ඕට්ස් 200g,
  • හාල් පිටි 50g,
  • කුරක්කන් පිටි 50g,
  • පොල් කප් 3,
  • ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

  • මේ සියල්ලම හොඳින් මිශ්‍ර කරගෙන වතුර හෝ පොල් කිරි ටික ටික ඉසිමින් සාමාන්‍ය පිට්ටු විදියටම ඇඟිලි තුඩින් කැට කරගන්න. 
  • පිට්ටු බම්බුවක දමා තම්බාගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 22, 2023
291.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  • තම්බාගත් නූඩ්ල්ස් ග්‍රෑම් 500,
  • පෙති කපාගත් සොසේජස් ටිකක් ,
  • ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 2,
  • මීකිරි මේස හැඳි 2,
  • කපාගත් ළූණු ගෙඩි 2,
  • කපාගත් තක්කාලි ගෙඩි 2,
  • කපාගත් අමුමිරිස් කරල් 2,
  • කරදමුංගු ඇට 2,
  • කුරුඳු පොතු කෑලි 2,
  • සීනි තේ හැඳි 2,
  • බිරියානි මසාලා පව්ඩර් තේ හැඳි 2,
  • මිරිස්කුඩු තේ හැඳි 1,
  • කහකුඩු තේ හැඳි 1/2,
  • ගම්මිරිස් ඇට 4-5,
  • එළවළු තෙල් ටිකක්,
  • බැදගත්ත කජු ටිකක්

 

සාදන ක්‍රමය 

  • භාජනයක් ලිපේ තියලා රත්වෙනකොට තෙල් ටික දාගන්න. මේකට ඉඟුරු සුදුළූණු පේස්ට්, ගම්මිරිස්, කරදමුංගු, කුරුඳු, අමුමිරිස් හා ළූණු එකතු කරන්න.
  • ළූණු රන්වන්පාට වේගෙන එනකොට තක්කාලි හා සොසේජස් ටික දාගෙන තෙම්පරාදු කරගන්න.
  • සොසේජස් යන්තම් බැදිල තෙම්පරාදු උනාම බිරියානි මසාලා, මිරිස්කුඩු, කහකුඩු, සීනි හා ලුණු එකතු කරලා මීකිරි දාගන්න. 
  • විනාඩියක් දෙකක් පිසෙන්න ඇරල අන්තිමට නුඩ්ල්ස් එකතු කරලා හොඳට කලවම් කරගන්න. කජු ටිකක් උඩින් ඉහගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 22, 2023
283-1280x832.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  • පාන්පිටි හෝ ආටාපිටි ග්‍රෑම් 200,
  • ලියාගත් කරපිංචා ටිකක්,
  • තෙල් හෝ බටර් මේස හැන්දක්,
  • ලුණු ටිකක්,
  • බැදගැනීමට තෙල්

 

සාදන ක්‍රමය

  • පූරි හරියටම හදන්නෙ ආටා පිටි වලින්. ආටා වල රසට අකමැති අයට පාන්පිටි වලිනුත් හදන්න පුළුවන්. මුලින්ම පිටි වලට කරපිංචා, ලුණු හා බටර් දාලා හොඳට අනාගන්න.
  • දැන් ඒකට වතුර ටික ටික දාලා අතේ නොඇලෙන මෝලියක් හදාගන්න.
  • හොඳට අත් ගහලා මෝලිය හදන් පිටි ඉහගත්ත ලෑල්ලක රෝලින් පින් එකෙන් තුනී කරගන්න. 
  • දැන් රවුම් කටර් එකක් අරන් රවුම් කපාගෙන කරලා ගැඹුරු තෙලේ බැදගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 20, 2023
192.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • හොඳ කෙසෙල් මුවයක් (ග්‍රෑම් 250),
  • උම්බලකඩ,
  • කොච්චි මිරිස් කරල්,
  • රතු ළූණු,
  • කරපිංචා,
  • පරිප්පු (ග්‍රෑම් 250),
  • පොල් තෙල්

සාදන ක්‍රමය

  • කෙසෙල් මුවය හොඳට සෝදා ඉතා සිහින් ලෙස කපා උතුරණ වතුරට දමන්න.
  • විනාඩි 5 ක් පමණ කාලයක් කපාගත් කෙසෙල් මුව තම්බාගන්න. තම්බාගත් කෙසෙල් මුව වතුර මිරිකාහැර මිරිස්ගලක හෝ වංගෙඩියක දමා තරමක් තලාගන්න.
  • සුළු මොහොතක් පරිප්පු පෙඟෙන්නට හැර සෝදා ගලෙන් අඹරාගන්න. ඊටපසු ලියාගත් ලූණු, කරපිංචා, කොච්චි, උම්බලකඩ, අඹරාගන්නා ලද පරිප්පු සියල්ල කෙසෙල් මුව වලට දමා ලුනු එකතුකරමින් හොඳින් සියල්ල එකට මිශ්‍රවන සේ අනාගන්න.
  • පසුව තමන් කැමති ප්‍රමාණයට (වඩයක ප්‍රමාණයට) මිශ්‍රණයෙන් ගුලියක් ගෙන මදක් පැතලි කොට හොඳින් රත්වූ තෙල් තාච්චියකට දමා රන්වන්පැහැ වන තුරු බැදගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!