iwumphihum_ad

May 25, 2023
218-1280x728.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • මිල්ක් චොකලට් හෝ මිල්ක් කුකින් චොකලට් 85g,
  • සීනි මේස හැන්දයි,
  • කුරුඳු කුඩු තේ හැඳි 1/2,
  • කිරි කප් 4,
  • වැනිලා තේ හැඳි 1/2,
  • අවශ්‍ය නම් විප්ඩ් ක්‍රීම් ටිකක්

සාදන ක්‍රමය

  • චොකලට් සීනි සහ කුරුඳු එකට එක් කර බ්ලෙන්ඩ් කරගන්න. කිරි ටික භාජනයක දමා ලිපෙන් තබා, ඒකට චොකලට් මිශ්‍රණය එක් කර අඩු ගින්දරේ චොකලට් දිය වෙන තුරු රත් කරගන්න.
  • ලිපෙන් ඉවත් කර, බ්ලෙන්ඩ් හෝ මදක් බීට් කරගෙන, උණු වතුරෙන් සෝදාගත් මග් එකක පිලිගන්වන්න. අවශ්‍ය නම් විප්ඩ් ක්‍රීම් වලින් සරසාගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
300.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • උතුරන වතුර 200ml,
  • කිරිපිටි පුරවලා මේස හැන්දක්,
  • තේ කොළ පුරවලා තේ හැන්දක්,
  • සීනි තේ හැඳි 2 (රස අනුව අඩු වැඩි කරගන්න.)

සාදන ක්‍රමය 

  • තේ කොළ වලට උතුරන වතුර දාල වහල තියන්න විනාඩි දෙක තුනක්. ඒ අතරෙ පිටි සහ සීනි දෙක එකට කලවම් කරගන්න.
  • තැම්බෙන්න තිබ්බ තේ කොළ ටික පිටි එකට ටික ටික කලවම් කරල පෙරාගෙන සීනි දියවෙනකම් මිශ්‍ර කරගන්න. ආයෙමත් පෙරාගන්න.
  • මිලිලීටර් 200ක් කිව්වෙ සාමාන්‍ය තේ කෝප්පෙ ප්‍රමාණය. මග් එකක් පුරෝල තේ බොන අය ඒ ප්‍රමාණෙට මේක වැඩි කරගන්න.

May 25, 2023
232.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • රණවරා කොළ,
  • රතුළූණු,
  • අමුමිරිස්,
  • ලුණු,
  • ගාගත් පොල්

සාදන ක්‍රමය

  • රණවරා කොළ ටික හීනියට ලියාගන්න. රතුළූණු ටිකයි අමුමිරිස් ටිකයි හීනියට කපාගෙන ඒවා ගාගත් පොල් එක්ක මිශ්‍ර කරගන්න. ලුණු අවශ්‍ය පමණින් එකතු කරගන්න.
  • ඊට පස්සේ මේ මිශ්‍රණයට මැල්ලුම් කොළ ටික දාලා මලවා ගන්නයි තියෙන්නේ. පස්සේ රහ වැඩි කරගන්න දෙහි චුට්ටක් දාන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
231-1280x720.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ගොටුකොළ,
  • රතුළූණු,
  • සුදුළූණු,
  • අමුමිරිස්,
  • ගාගත් පොල්,
  • උම්බලකඩ,
  • ලුණු,
  • කහ

සාදන ක්‍රමය

  • ගොටුකොළ ටික හීනියට කපාගන්න ඕනි ඉස්සෙල්ලාම. ඊට පස්සේ ගාගත්තු පොල් ටික අරගෙන ඒකට රතුළූණු, සුදුළූණු, අමුමිරිස්, කහ සහ රස අනුව ලුණු දානවා.
  • ඊටත් පස්සේ මේ දෙක එක්කහු කරලා මලවා ගන්නයි තියෙන්නේ. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
230.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • මඤ්ඤොක්කා කොළ,
  • තිබ්බටු,
  • රතුළූණු,
  • වියළි මිරිස්,
  • ගාගත් පොල්,
  • ලුණු,
  • තෙල්

සාදන ක්‍රමය

  • මුලින් ම කෙටිල්ලක් තියෙන්නේ. හොඳින් පිරිසිදු කරගත්තු මඤ්ඤොක්කා කොළ වතුර ටික බේරුණාට පස්සේ වංගෙඩියේ දාලා කොටන්න ඕනි. ටිකකින් මේකට තිබ්බටු එකතු කරලා කොටාගන්න. මේ වෙලාවෙම කොච්චි කරල් කීපයක් එකතු කරොත් රහ වැඩි වෙනවා.
  • ටිකකින් ගාගත්තු පොල් ටික දාලා කොටන්න. හොඳින් කෙටුණාට පස්සේ මේ මිශ්‍රණයට වතුරයි ලුණුයි දාලා පොඩ්ඩක් තැම්බෙන්න අරින්න ඕනි. වෙන මොකටවත් නෙවෙයි කොළ එකේ අමු ගතිය නැති කරන්න. ගොඩක් වෙලා තැම්බෙන්න තියන්න අවශ්‍ය නැහැ.
  • වතුර ටික හිඳුන ගමන් කොළ මිශ්‍රණය වෙනත් භාජනයකට දමා ගන්න ඕනි. ඊට පස්සේ භාජනයක් ලිප තියලා, තෙල් ටිකක් දාලා, ළූණුයි වියළි මිරිසුයි දාලා බැදෙන්න අරින්න. ඊට පස්සේ කොළ මිශ්‍රණය දාලා මලවගන්නයි තියෙන්නේ. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
229.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කතුරුමුරුංගා කොළ,
  • රතුළූණු,
  • අමුමිරිස්,
  • ගාගත් පොල්,
  • උම්බලකඩ,
  • ලුණු,
  • තෙල්

සාදන ක්‍රමය

  • කොළ ටික හොඳින් හෝදලා වතුර බේරුණාට පස්සේ හීනියට ලියාගන්න ඕනි (පෑනෙන් නෙවේ පිහියෙන්). ඒකට කපාගත්තු රතුළූණුයි අමුමිරිසුයි උම්බලකඩයි එකතු කරනවා.
  • ඊට පස්සේ පෑන් එකක් අරන් තෙල් චුට්ටම චුට්ටක් දාලා, රත්වෙනකොට ඒකට ගාගත්තු පොලුයි ලුණුයි දාන්න තියෙන්නේ. පොල් ටික මැලවේගෙන එනකොටම අපේ කොළ මිශ්‍රණය දාලා මද ගින්නේ මලවගන්න.
  • රහ වැඩි කරන්න කහ කුඩු චුට්ටකුයි කුරුඳු කුඩුයි එකතු කරන්න පුළුවන්. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
215.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බාගත් බතල අල හතරක්,
  • පාන් පිටි කප් 2,
  • පොල් කප් 1/2 (අත්‍යාවශ්‍ය නෑ),
  • රස අනුව ලුණු,
  • චොප් කරගත් ළූණු, 
  • අමුමිරිස්,
  • වතුර අවශ්‍ය නම්

 

සාදන ක්‍රමය

  • බතල ටික කෑලි නොහිටින්න පොඩි කරගන්න. ඒකට පිටි හැර අනෙක් දේවල් සේරම එකතු කරල හොඳින් අනාගෙන පිටි ටිකත් එකතු කරගෙන නැවත අනාගන්න.
  • රොටි පදමට අනාගන්න අවශ්‍ය නම් විතරක් වතුර ස්වල්පයක් එකතු කරගන්න. කොටස් හයකට වෙන් කරන්, බටර් හෝ පොල් තෙල් ගාගත් පිඟානක තබා තුනී කර දෙපැත්තම පුච්චගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
177.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

ආප්ප මිශ්‍රණය සඳහා,

  • හාල්පිටි කෝප්ප 2 1/2,
  • සීනි තේ හැඳි 2,
  • ලුණු තේ හැඳි 3/4,
  • මිටි කිරි කෝප්ප 1/2,
  • බේකින් සෝඩා තේ හැඳි 1/4,
  • පොල් වතුර 1/2,
  • කිරිපිටි මේසහැඳි 1,

සිරප් එක සඳහා,

  • හකුරු 250g,
  • දිය කිරි කෝප්ප 2,
  • මිටිකිරි කෝප්ප 1,
  • තලාගත් සුදුළූණු බිකි 3,
  • ගම්මිරිස් කුඩු මේසහැඳි 1/2,
  • බැදපු හාල්පිටි මේසහැඳි 2

 

සාදන ක්‍රමය

  • ඉස්සෙල්ලම හාල්පිටි ටික භාජනයකට දාලා ඒකට පොල් වතුර ටිකින් ටික හිමීට දාලා අතින් අනන්න ඕනි. ඊට පස්සේ සීනි තේ හැන්දක් දාන්න. මේකත් තලපයක් එන විදියට අනාගන්න. දැන් මේ මිශ්‍රණය පැය 6ක් පිපෙන්න තියන්න. 
  • ඊට පස්සේ මේකට මිටිකිරි කෝප්ප 1/2 එකතු කරන්න. එක පාරට ම නැතුව ටික ටිකයි දාන්න ඕනි. මේක අනාගත්තාට පස්සේ ලුණු ප්‍රමාණය දාගන්න. 
  • ඒ වගේම සීනි තේ හැන්දකුත් බේකින් සෝඩා තේ හැඳි 1/4ත් දාලා කලවම් කරන්න. කිරිපිටි මේසහැන්ද ඊළඟට එකතු කරගන්න. මේ මිශ්‍රණය පැය භාගයක් තියෙන්න අරින්න. දැන් මිශ්‍රණය හදලා ඉවරයි.
  • ඒ අතරතුර පොල්පැණි සිරප් එක හදාගන්න. භාජනයක් ලිප තියලා ඒකට දියකිරි කෝප්ප 1 1/2ක් දාන්න. මේකට හකුරු 150g එකතු කරගන්න. අඩු ගින්දරේ දියකරගන්න. දියවුණාට පස්සේ ඉතුරු හකුරු ටික එකතු කරන්න. ඒකත් දිය වුණාට පස්සේ මේ ද්‍රාවණය පෙරාගන්න ඕනි. 
  • පෙරාගත්තු මිශ්‍රණය භාජනයකට දාලා ලිපේ තබන්න. එයට ගම්මිරිස්, සුදුළූණු දාලා කලවම් කරලා ටික වෙලාවක් ලිප තියාගන්න. මිටිකිරි කෝප්පයෙන් ටිකක් එක් කරගන්න. බැදපු හාල්පිටි මේසහැඳි 2 මෙයට එක් කරන්න. හොඳින් හැඳි ගාලා විනාඩි කීපයක් ලිප මත මද ගින්නේ තබන්න. ලුණු ඩිංගක් එකතු කරගන්න.
  • අඩු ගින්දරේ තාච්චියක් ලිප තියලා කී රොටී ටික හදාගන්නේ මෙහෙමයි. අඩු ගින්දරේ තෙල් ගාපු තාච්චියට මිශ්‍රණයෙන් ඩිංග ඩිංග එකතු කරලා රොටිය හදාගන්න. මේකට සාමාන්‍ය ආප්පයක් හදනවාට වඩා කාලයක් යනවා. 
  • ටික වෙලාවකින් තාච්චියේ පියන ඇරලා ඇඟිලි තුඩුවලට වතුර ටිකක් අරගෙන ඉහින්න. ආයෙත් පියනෙන් වහලා තම්බගන්න. එක පැත්තක් විතරයි තම්බගන්නේ. කී රොටිය හොඳට තැම්බුණාට පස්සේ කලින් හදාගත්තු සිරප් එක ඇතුළට රොටිය දාන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
183.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් පිටි ග්‍රෑම් 100ක්, 

සිහින්ව ගාගත් පොල් ග්‍රෑම් 80ක් ,

ලුණු ස්වල්පයක් 

සාදන ක්‍රමය

  • පොල්වලට  ලුණු ඉස පිටි සමඟ හොඳින් කලවම් කරන්න. 
  • මෙය පිට්ටු බම්බුවට හෝ  ස්ටීමරයට දමා හොදින් හුමාලයෙන් තම්බා ගන්න.

May 24, 2023
182.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

පාන් පිටි ග්‍රෑම් 250 ක් ,

බිත්තරයක් ,

බේකින් පවුඩර් තේ හැඳි 2ක් ,

සූදුරු හා උළුහාල් ස්වල්පයක් ,

එළවළු තෙල් ටිකක් ,

ලුණු හා වතුර අවශ්‍ය ලෙස 

සාදන ක්‍රමය

  • පාන් පිටි හා බේකින් පවුඩර් කලවම් කරන්න. එයට බිත්තර කහ මදය, ලුණු, වතුර, එළවළු තෙල් දමා හොදින් කලවම් කරන්න, පදමට විට මිනිත්තු 30ක් පමණ වසා තබන්න. 
  • ඉන්පසු බිත්තර සුදු මදය හොඳින් ගසා එක් කරන්න. බැදගත් සූදුරු හා උළුහාල් ටිකද දමන්න. 
  • ඉන්පසු තෝස තැටියකට දමා දෙපැත්ත පුළුස්සා ගන්න .

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!