Strong Tea

අවශ්‍ය ද්‍රව්‍ය
- උතුරන වතුර 200ml,
- කිරිපිටි පුරවලා මේස හැන්දක්,
- තේ කොළ පුරවලා තේ හැන්දක්,
- සීනි තේ හැඳි 2 (රස අනුව අඩු වැඩි කරගන්න.)
සාදන ක්‍රමය
- තේ කොළ වලට උතුරන වතුර දාල වහල තියන්න විනාඩි දෙක තුනක්. ඒ අතරෙ පිටි සහ සීනි දෙක එකට කලවම් කරගන්න.
- තැම්බෙන්න තිබ්බ තේ කොළ ටික පිටි එකට ටික ටික කලවම් කරල පෙරාගෙන සීනි දියවෙනකම් මිශ්‍ර කරගන්න. ආයෙමත් පෙරාගන්න.
- මිලිලීටර් 200ක් කිව්වෙ සාමාන්‍ය තේ කෝප්පෙ ප්‍රමාණය. මග් එකක් පුරෝල තේ බොන අය ඒ ප්‍රමාණෙට මේක වැඩි කරගන්න.
