iwumphihum_ad

May 22, 2023
9-1280x854.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ස්පැගටි පැකට් 1ක්,
  • සොසේජස් 250g ක්,
  • චීස් මේස හැඳි 4ක්,
  • සෝස් මේස හැඳි 4ක්,
  • ලුණු, ගම්බිරිස්, 
  • පාස්ලි ස්වල්පයක්,
  • බී ළුණු ගෙඩි 1ක්

සාදන ක්‍රමය

  • පළමුව ස්පැගටි ලුණු මිශ්‍ර වතුරෙන් තම්බා ගන්න. 
  • පසුව තෙල් ස්වල්පයක් ලිප තබා සොසේජස් කැබලි කුඩාවට කඩා බැදගන්න. 
  • ඉන් පසු කපාගත් බීලූනු හා ගම්බිරිස් එකට මිශ්‍රකර කර සෝස් තම්බාගත් ස්පැගටි, චීස්,පාස්ලි  පිළිවෙලින් එක්කර කලවම් කර මද වෙලාවකට පසු ලිපෙන් ඉවතට ගන්න.

May 22, 2023
8.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බා ගත මාළු 500 g (පෙති හෝ කොටු ආකාරයට කපා ගන්න),
  • ලොකු ළුණු 100g (රව්ම්ව කපා ගන්න),
  • අමු මිරිස් කරල් 5ක්,
  • සුදු ළුණු බික් 4ක් (තලා ගත් ),
  • අමු ඉගුරු කැබැල්ලක් (තලා ගත් ),
  • රම්පේ කරපිංචා ස්වල්පයක්,
  • කහ ස්වල්පයක්,
  • ගම්මිරිස් මේස හැදී 1ක්,
  • දෙහි යුෂ ස්වාල්පයක්,
  • ලුණු (රස අනුව ),
  • තෙල් මේස හැදි 3ක්

සාදන ක්‍රමය

  • බදුනක් ගෙන තෙල් දමා රත් කර ගන්න. 
  • එයට තලා ගත් සුදු ළුණු ඉගුරු රම්පේ කරපංචා එක් කර බැද ගන්න. 
  • දැන් අමු මිරිස්, ළුණු,ගම්මිරිස්, කහ, ලුණු එකතු කරමින් බැද ගන්න. 
  • මෙයට මාළු තැම්බු වතුර ස්වල්පයක් එකතු කර ගන්න. 
  • අවසානයේ මාළු එකතු කර ගන්න. ලිපෙන් ඉවතට ගෙන දෙහි එකතු කරගෙන කෑමට පිළිගන්වන්න.

May 22, 2023
7.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • සව් 100g,
  • සීනි 100g,
  • පොල් 100g,
  • බිස්කට් කුඩු 140g,
  • බටර් මේස හැඳි 2ක්,
  • වතුර ස්වල්පයක්

සාදන ක්‍රමය

  • මුලින්ම සව් ටික මදගින්නේ රන්වන් පාට වෙන තෙක් බැදගන්න.
  • ඉන් පසු වතුර හැර අනිත් සියලු ද්‍රවයත් බැදගත් සව්ත් එකට දමා හොදින් අනාගන්න. 
  • ඉන් පසු වතුර තේ හැදි 1 බැගින් දමන්න. ගොඩක් වතුර දාන්න එපා.
  • ඉක්මනින් කැඩෙන ගුලියක් විදිහට අනා ගන්න.
  • ඊටපස්සේ රවුම් කටර් එකකින් කපාගෙන 150°c වලින් විනාඩි 15ක් උඩ යට 2ම බේක් කර ගන්න.

May 22, 2023
6.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ටිකිරි මාරි (ලොකු ) 1,
  • චොකලට් මාරි (ලොකු) 1,
  • බටර් 150g,
  • අයිසිං  50g,
  • වැනිලා ස්වල්පයක්,
  • බිත්තර 1,
  • කිරි,
  • චොකලට් පවුඩර් ,
  • කෝපි තේ හැන්දක්

සාදන ක්‍රමය

  • මුලින්ම බටර්, බිත්තර එකට බීට් කර ගන්න. ඊට පස්සේ අයිසිං ටික ටික එකතු කර ගන්න.
  • දැන් චොක්ලට් පවුඩර් ,කෝපි දාන්න. වැනිල ටිකකුත් එකටම දාලා ක්‍රිම් එකක් වෙනකම් බීට් කරගෙන බැටර් එක හදා ගන්න.පිටිකිරි වලින් කිරි ටිකක් හදාගන්න. 
  • දැන් බෝල් එකක් අරන් මාරි බිස්කට් කිරි වල පොගවලා බොල් එකේ තට්ටුවක් මුලින්ම අඩුක්කර ගන්න.
  • එක උඩින් බැටර් එක ටිකක් ගා ගන්න. පස්සෙ අයෙත් මාරි තට්ටුවක් දා ගන්න. එ වගෙ තට්ටු 4 ක් 5ක් මරුවෙන් මරුවට  ගන්න. අන්තිමටම බැටර් එක ගලා ඉවර කර ගන්න. පස්සෙ කැමති විදිහට ලස්සන කර ගන්න.

May 22, 2023
5.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ලොකු පොල් ගෙඩි 1 ක කිරි (හොඳින් පැසුණු),
  • පිටි (හාල් පිටි විය යුතුයි) කිලෝ 1 යි,
  • පොල් හෝ කිතුල් පැණි,
  • සීනි, ලුණු, රා මණ්ඩි,
  • කබලේ බැද තලාගත් මාදුරු ඇට කීපයක්,
  • බදින ලද කරදමුංගු ඇට කීපයක්

සාදන ක්‍රමය

  • පොල් ගෙඩියේ කිරි , මැටි මුට්ටියකට දමන්න. කිරි මිරිකීමට පොල්වතුර ගත යුතුයි. මෙයට හාල් පිටි දමා හොඳට කලවම් කරන්න. සීනි ද රා මණ්ඩි ද එකතු කරන්න. පදම විය යුත්තේ ආප්ප පිටි මිශ්‍රණයේ පදමයි. දවසක් හෝ පැය 12 ක් පමණ තබා ආප්ප සෑදීමට ගන්න.
  • පිටි මිශ්‍රණය මේ වන විට හොඳට පිපී තිබී යුතුය. දැන් ලුණු එකතු කළ යුතුයි. ලුණු හොදට මිශ්‍ර වූ පසු ආප්ප සෑදීමට ගන්න. 
  • වඩු මුට්ටියක් ළිප තබා වතුර හොඳින් උතුරන විට සිදුරු සහිත පොල් කටක් මුට්ටියේ කටට තබන්න. 
  • එයට විශාල කැද කොළයක් එළන්න. 
  • මෙයට පොල් කටු හැන්දකින් පිටි මිශ්‍රණය දමන්න.
  • වණ්ඩු මුට්ටි වහන්තරාවකින් වසා එය හතර පැත්තෙන් හුමාලය ටික වේලාවක් බේරෙන්න හරින්න. 
  • වණ්ඩු හැලිය විවෘත කළ පසු වණ්ඩු ආප්පය හතරට පැලී ඇත්නම් එයයි නියම පදමය. මේ වණ්ඩු ආපයක් 4 කට හෝ 8 කට කැපිය හැකිය.
  • (පැණි යොදා හදන කෑම වල පැණි රස ඉස්මතු වී තිබිය යුතුයි . පැණි රස අඩුනම් නීරසය. දිය රස නැති වීමට ලුණු ඇටයක් හෝ සීනි එකතු කළ යුතුය.)

May 22, 2023
4.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • අයිසිං සීනී 250g,
  • පාන් පිටි 250g,
  • ගිතෙල් 250g,
  • වියලි මිදී ස්වල්පයක්

සාදන ක්‍රමය

  • අයිසිං හා පිටි හොදින් පෙනේරයක් ආධාරයෙන් හොදින් හලා ගන්න.පසුව ගිතෙල් මද ගින්නේ දිය කර ගන්න මෙය හොදින් නිමාගෙන අයිසිං හා පිටි සමග හොදින් මිශ්‍ර කර අතේ නොඇලෙන සේ අනා ගන්න.
  • පසුව කුඩා බෝල වලට කඩ ගන්න. මෙය බටර් තැවරු තැටියක අසුරා ගෙන මිදී ඒ මත තබන්න.පසුව මෙය 140′ උෂ්ණත්වයෙන් විනාඩි 10ක් බේක් කර ගන්න.

May 22, 2023
2.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • අමු අඹ ගෙඩි 5ක්,
  • රතු ළුණු ගෙඩි 6ක් පොඩියට කපලා,
  • සීනි මේස හැදි 4ක් 5ක්,
  • තෙල් මේස හැදි 2ක් 3ක්,
  • කහ තේ හැදි 1/2,
  • ගම්බිරිස් තේ හැදි 1/2,
  • උලුහාල් තේ හැදි 1/4,
  • කුරැදු කුඩු තේ හැදි 1,
  • රම්පේ කරපිංචා,
  • මිරිස් කුඩු තේ හැදි 5,
  • වතුර කොප්ප 1,
  • ඉගුරැ අගලක කැබැල්ලක් හිනියට ලියලා,
  • ලුණු කුඩු තේ හැදි 1 1/2,
  • බැදපු තුනපහ තේ හැදි 1 ½

සාදන ක්‍රමය

  • මුලින් භාජනයක් අරගෙන එකට අඹ ටික කපලා දාන්න. අඹ කපනකොට ඇටෙත් එක්කම කපන්න බලන්න. එතකොට තැම්බෙන කොට බෙරි වෙන්නේ නැහැ. එකටම ඉගුරැ , රතු ළුණු , රම්පේ කරපිංචා , කුරුදු කුඩු , කහ , ගම්බිරිස් , ලුනුකුඩු , බැදපු තුනපහ , උලුහාල් දලා හොදට කලවම් කරන්න.
  • පැත්තකින් තියලා තියන්න අඹ වලට ලුණු ඇඹුල් අල්ලන්න.
  • ඉන්පසු හට්ටියකට තෙල් ටික දලා රත්වෙනකොට ඉහත සිනි ප්රමාණයෙන් මේස හැදි 1 දලා රන්වන් පාට එනතෙක් බදින්න. හැබැයි මේක දලා වෙන වැඩ වලට යන්න එපා. 
  • සිනි කරවෙන්න දෙන්නත් එපා මද ගින්නේ නොනවත්වා හැදි ගාන්න ඔනා. සිනි ටික රන්වන් පාට වෙලා උතුරන කොට එකට මිරිස්කුඩු දලා කලවම් කරන්න. 
  • අඹ ටික තැම්බෙන්න වතුර දලා කලවම් කරන්න. වතුර ගොඩාක් ඔනා වෙන්නේ නැ අඹ කියන්නේ ඉක්මනින් තැම්බෙන්න දෙයක් නේ. එක නිසා අඹ වැහෙනකම් වතුර දාන්න එපා එතකොට ගොඩාක් බෙරි වෙයි.
  • ටිකක් වෙලා ගිහිලා (විනාඩි 5 කට පස්සේ වගේ) ඉතිරි සිනි ටිකත් දලා කලවම් කරන්න. දැන් කරි එක සැරින් සැරේ හැදි ගාමින් වහලා අඹ තැම්බෙනකන් උයා ගන්න. අවසානයේ ලිපෙන් බාන්නට පෙර ලුණු රස සිනි රස ඇති යන්න බලලා ලිපෙන් බාන්න.

May 22, 2023
1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • සව් ඇට කොප්ප 1,
  • ෆෙෂ් මිල්ක් කොප්ප 3 1/2,
  • සීනි කොප්ප 1/2 ටිකක් වැඩිපුර හෝ හකුරැ කොප්ප 1,
  • දොඩම් යුෂ කොප්ප 1/4,
  • කරාබුනැටි 3,
  • ලුණු ටිකක්,
  • බටර් මේස හැදි 2,
  • ආමන්ඩ් හෝ කජු ටිකක්,
  • මුද්දරප්පලම් ටිකක්,
  • වැනිලා තේ හැදි 1 1/2

සාදන ක්‍රමය

  • පලමුවෙන්ම සව් ඇට හොදට හොදලා වතුර පෙරලා ගන්න. ටිකක් ලොකු භාජනයකට කිරි ටික දලා ටිකක් රත් වෙනකොට සව් ටික සීනි හෝ හකුරැ ටික, වැනිලා ,ලුණු කුඩු දලා මද ගින්දරේ දිගටම හැදිගාමින් උයාගන්න ඔනා. සව් හොදට තැම්බු නාම විදුරැ බොල වගේ තමයි පෙන්නේ.
  • අඩිය අල්ලන්න දෙන්න එපා නොනවත්වා හැදි ගාන්න ඔනා. අවසානයට දොඩම් යුෂ ටිකක් දලා බටර් ටිකකුත් දලා කලවම් කරන්න. මේ සව් එකට මේ වෙලාවේම ඔයාට ඔනා නම් මුද්දරප්පලම් කජු පොඩි කැලිවලට කපලා දාන්න පුලුවන්. ගොඩාක් රසයි එතකොට.
  • ඔයාට සව් එක කැද වගේ බොන්න ඔනා නම් සව් තැම්බුනාට පස්සේ ගොඩාක් වෙලා තියන්නෙ නැතුව ලිපෙන් බාගන්න.
  • සව් පුඩිං එක හැදුවේ සිනි දලා නිසා සුදු පාටට තියෙනවා. හකුරැ දාම්මා පැණිපාටට එනවා. එක ඔයා කැමති විදිහට දාගන්න.
  • කැමති කෙනෙක්ට මෙකට කස්ටඩ් පවුඩර් කිරිපිටි ටිකකුත් එකතු කරලා රසට කස්ටඩ් සව් පුඩිං උනත් හදාගන්න පුලුවන්. 

May 20, 2023
117.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැකුළු හාල් ග්‍රෑම් 500 යි,
  • පොල් ගෙඩි 1 ක කිරි,
  • ලුණු අවශ්‍ය පදමට,
  • පොල් පැණි සඳහා ගාගත් පොල් ගෙඩියක්,
  • සීනි ග්‍රෑම් 500 ක් පමණ,
  • කරදමුංගු ඇට කිහිපයක්,
  • ලුණු බිංදු කිහිපයක්

සාදන ක්‍රමය

  • හාල් ගරා සෝදා වතුර සාමාන්‍ය බතකට දමනවාට වඩා වැඩියෙන් දමා ලිප තබන්න. මද ගින්නෙන් බත ඉදී වතුර සිඳෙන විට මිරිකාගත් කිරි වලට ලුණු ද අවශ්‍ය ලෙස දමා හොඳින් කළවම් කර කිරිබත උයාගන්න.
  • බඳුනක් ගෙන එයට සීනි දමන්න. ළිප තැබූ එම බඳුන තුල වූ සීනි දියවී කරවේගෙන එනවිට වතුර ටිකක් දමන්න. හොඳින් හැඳි ගාමින් උණු කරගන්න. තලාගත් කරඳමුංගු, පොල් හා ලුණු ස්වල්පයක් එක්කරමින් පොල් පැණි මලවාගන්න. 
  • අඬු කෝප්පයක් වැනි කෝප්පයකින් අඩකට කිරිබත් දමා. පසුව පොල් පැණි දමා නැවත කිරිබත් ඒ උඩින් දමා ඉඹුල් කිරිබත් සාදාගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!