නූඩ්ල්ස් බිරියානි

අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් නූඩ්ල්ස් ග්‍රෑම් 500,
- පෙති කපාගත් සොසේජස් ටිකක් ,
- ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 2,
- මීකිරි මේස හැඳි 2,
- කපාගත් ළූණු ගෙඩි 2,
- කපාගත් තක්කාලි ගෙඩි 2,
- කපාගත් අමුමිරිස් කරල් 2,
- කරදමුංගු ඇට 2,
- කුරුඳු පොතු කෑලි 2,
- සීනි තේ හැඳි 2,
- බිරියානි මසාලා පව්ඩර් තේ හැඳි 2,
- මිරිස්කුඩු තේ හැඳි 1,
- කහකුඩු තේ හැඳි 1/2,
- ගම්මිරිස් ඇට 4-5,
- එළවළු තෙල් ටිකක්,
- බැදගත්ත කජු ටිකක්
සාදන ක්‍රමය
- භාජනයක් ලිපේ තියලා රත්වෙනකොට තෙල් ටික දාගන්න. මේකට ඉඟුරු සුදුළූණු පේස්ට්, ගම්මිරිස්, කරදමුංගු, කුරුඳු, අමුමිරිස් හා ළූණු එකතු කරන්න.
- ළූණු රන්වන්පාට වේගෙන එනකොට තක්කාලි හා සොසේජස් ටික දාගෙන තෙම්පරාදු කරගන්න.
- සොසේජස් යන්තම් බැදිල තෙම්පරාදු උනාම බිරියානි මසාලා, මිරිස්කුඩු, කහකුඩු, සීනි හා ලුණු එකතු කරලා මීකිරි දාගන්න.
- විනාඩියක් දෙකක් පිසෙන්න ඇරල අන්තිමට නුඩ්ල්ස් එකතු කරලා හොඳට කලවම් කරගන්න. කජු ටිකක් උඩින් ඉහගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
