මාළු සහ ඉස්සන් යෙදවූ බත

අවශ්‍ය ද්‍රව්‍ය
- සම්බා හාල් ග්‍රෑම් 200 ක්
- උණු වතුර කෝප්ප 1 1/2
- මාළු ග්‍රෑම් 100 ක්
- ඉස්සෝ ග්‍රෑම් 100 ක්
- කුඩාවට කපාගත් ලොකු ළූණු ගෙඩි එකක්
- සුදු ළූණු බික් තුනක්
- ඉඟුරු කැබැල්ලක්
- සූදුරු තේ හැඳි එකක්
- කුඩාවට කපාගත් තක්කාලි ගෙඩි එකක්
- තක්කාලි සෝස් මේස හැඳි එකක්
- රස අනුව ලුණු
- තෙල් මේස හැඳි දෙකක්
- දෙහි ඇඹුල් තේ හැඳි එකක්
සාදන ක්‍රමය
- සාමාන්‍ය ආකාරයට බත උයන්න.
- තෙල් ලිප තබා රත්වන විට ලුණු එකතු කර ගන්න.කුඩාවට කපාගත් මාළු හා කුඩාවට කපාගත් ඉස්සන් එක්කර බදින්න ඉඟුරු සුදුලූනු සුදුළූණු වියළි මිරිස් කැබලි හා සූදුරු ආදිය ද එයට එක්කර බදින්න.
- කපාගත් තක්කාලි හා තක්කාලි සෝස් ද එක්කර ගන්න. බත් ටික ටික දමා තෙම්පරාදු කරන්න.කුඩාවට කපාගත් ළූණු කොල දමා සරසා ගන්න.දෙහි ඇඹුල් ස්වල්පයක් බත් එක් කිරීමෙන් පසු එක් කිරීමෙන් වඩා රසවත් වේ.
- මෙම වත සාදා නිම කළ විට වියළි ගතියෙන් තිබිය යුතුය.
