කිඹුලා බනිස්

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කිලෝ 1ක් ,
ඊස්ට් ග්‍රෑම් 15 ක් (මේස හැඳි 1 1/2 ක්),
ලුණු ග්‍රෑම් 15 ක්,
සීනි ග්‍රෑම් 50 ක්,
බටර් හෝ මාගරින් ග්‍රෑම් 50 ක් ,
කිරිපිටි ග්‍රෑම් 50 ක්,
අයිස් වතුර මිලිලීටර් 500 ක්
සාදන ආකාරය
- බදුනකට පිටි, සීනි ,ලුණු, ඊස්ට්, කිරි පිටි දමා මිශ්‍ර කරන්න. ඊට වතුර එකතු කර අතේ නොඇලෙන ප්‍රමාණයට අනා අවසානයේ බටර් දමා අනන්න.
- අත්තේ ඇලේ නම් තෙල් ටිකක් ගා මිශ්‍රණය විනාඩි 10ක් පමණ අතින් අනන්න. එය විනාඩි 45ක් පිපෙන්න තබන්න .
- මෙම මිශ්‍රණය තෙත රෙදි කැබැල්ලකින් වසන්න. දැන් මෙම මිශ්‍රණය ග්‍රෑම් 75 ක බර කොටස් වලට කපා එය රෝල් කර විනාඩි 10ක් තබන්න.
- ඉන්පසු කිඹුලා බනිස් හැඩේට සාදාගෙන උඩින් වතුර ටිකක් ගාන්න.
- සීනි කොලයකට එක දමා එය බනිස් ගෙඩිය උඩ තවරා පිපීමට විනාඩි 15ක් සෙල්සියස් අංශක 200ක උෂ්ණත්වයකින් විනාඩි 15ක් බේක් කරන්න.
