ක්‍රිස්පි ප්‍රෝන්ස් ප්රීටර්ස්

අවශ්‍ය ද්‍රව්‍ය
- පිටි ග්‍රෑම් 100 යි,
- සෙල්ෆ් රේසිං පිටි ග්‍රෑම් 100 යි,
- ලුණු තේ හැඳි 1 යි ,
- සුදු ගම්මිරිස් තේ හැදි කාලයි ,
- වතුර කෝප්ප එකහමාරයි,
- ඉස්සො ,
- බී ලූණු ගෙඩි 1 යි ,
- සුදු ළූණු බික් 2 යි ,
- ලූණු කොළ ඉති කිහිපයක් ,
- කර්නල් කෝන්ස්
සාදන ක්‍රමය
- පළමුවෙන්ම ඉස්සන් ඔලු කපා සෝදා පොතු ඉවත් කර ගන්න. ලූනු කොල, බී ළූණු, සුදු ළූණු, සියල්ල වෙන වෙනම සිහින්ව කපාගන්න.
- පසුව පාන් පිටි හා සෙල්ෆ් රේසිං පිටි එකට මිශ්‍රකර මිශ්‍ර කර හොඳින් කලවම් කර එයට ලුණු, සුදු ගම්මිරිස් සහ වතුර දමා හොඳින් අනා ගන්න.
- ඉන් පසුව කපාගත් බී ළූණු, සුදු ළූණු ,ලූනු කොල , කර්නල් කෝන්ස් ද එයට මිශ්‍ර කර හොඳින් අනා ගන්න .
- අවසානයේ සාදාගත් මිශ්‍රණය ටිකෙන් ටික ගෙන ගුලි සාදා ඒවා එකිනෙකට ඉස්සෙක් බැගින් දවටා ගැඹුරු තෙලේ බැදගන්න . ( කර්නල් කෝන්ස් හා ග්‍රීම්ස් පේස්ට් සුපිරි වෙළඳසැල් වලින් ලබා ගත හැක ).
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
