චිකන් බිරියානි

අවශ්‍ය ද්‍රව්‍ය
හාල් කිලෝ 1ක් ,
ලුණු තේ හැඳි 2ක්,
මුදවපු කිරි මේස හැඳි 5ක් ,
වතුර කෝප්ප 5 ක්,
සුදුරු ඇට තේ හැඳි 4ක්,
කරාබු නැටි 10ක්,
කුකුල් මස් ග්‍රෑම් 750,
රතු ළූණු හෝ ලොකු ළූණු කෝප්ප 1ක් ,
සුදු ළූණු බික් 10ක්,
ඉඟුරු සිහින්ව ලියාගත් තේ හැඳි 2ක් ,
කහ කුඩු තේ හැදි 1/2 ක්,
මාජරින් මේ හැඳි 3ක්
සාදන ක්‍රමය
- හාල් ගරා සෝදා ගත් පසු විනාඩි 15 පමන වතුරේ තබන්න .
- කුකුල් මස් කුට්ටි වලට කපා විනාඩි 20ක් පමණ මුදවාපු කිරි වල දමා තබන්න. සූදුරු සුදු ළූණු ඉඟුරු සිහින්ව අඹරන. ළූණු ලියන්න. බඳුනක් ගෙන එයට මාජරින් දමා රත් කරන්න.එය රත් වූ පසු ලියාගත් ළූණු දමා රන්වන් පැහැවන තෙක් බදින්න.
- එයට කරාඹු නැටි කරදමුංගු කුරුඳු සහ මස් එකතු කර බැදගන්න . එය දුඹුරු පැහැ වන තෙක් බදින්න.
- වතුරේ දමා ඇති සහල් බේරා එක්කර ගන්න . සහල් ඉතා ස්වල්ප වෙලාවක් බැදගන්න . ඉන්පසු බතට වතුර එක් කරන්න . දැන් හාල් ඉදෙන තෙක් පිසින්න.
- බත තුන් කාලකට තැම්බුණු පසු කහ කුඩු තේ හැඳි භාගයකට දමා මදගින්නේ පිසින. දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
