රෝස්ට් පාන්

June 6, 2023by iwumphihum_ad0
133.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

පාන් පිටි කිලෝ 1යි ,

ඊස්ට් ග්‍රෑම් 15යි,

ලුණු ග්‍රෑම් 15යි,

සීනි ග්‍රෑම් 50 යි ,

මාජරින් ග්‍රෑම් 50 යි ,

කිරි පිටි ග්‍රෑම් 50 ,

අයිස් වතුර මිලිලීටර් 500, 

පාන්පිටි ග්‍රෑම් 10ක්,

 දුන් තෙල් මේස හැඳි 2ක් 

සාදන ක්‍රමය 

  • පාන් පිටි ,සීනි, ලුණු ,ඊස්ට් කිරිපිටි එකට මිශ්‍ර කර වතුර දමා අතේ නොඇලෙන සේ අනා  ආවසානය මාගරින් දමා අනා විනාඩි  10 ක් පමණක් අනා විනාඩි 45 ක් පමණ තෙත රෙදි කැබැල්ලකින් වසන්න.
  • දැන් 500g කොටස් වලට කඩන්න. එය රෝල් කර විනාඩි 10 ක් තබන්න. කොටස් තුනී කර දික් අතට රෝල් කරන්න.
  • පාන් පිටි සහ දුන් තෙල් එකට මිශ්‍ර කර තැටියක් ගෙන එයට  දිගට  සාදාගත් පාන් තබා දුන්තෙල් මිශ්‍රණය එහි ආලේප කරන්න. ඉන්පසු අනිත් පාන් කොටස තබාගන්න.
  • මේ ආකාරයට දුන්තෙල් මිශ්‍රණයේ ගා තබා ගන්න. මෙය විනාඩි 15ක්  තැබූ විට පිපේ. එය අවන් එකේ  සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයට විනාඩි 20ක් බේක් කරගන්න.
  • මේ නිවෙන්නට හැර ගලවන්න තැටියේ උඩට දුන්තෙල් මිශ්‍රණය දුන්තෙල් මිශ්‍රණය ගාපන් ටික පැතිලි අතට තබා උඩටද දුන්තෙල් පිටි මිශ්‍රණය ගා සෙල්සියස් අංශක 150 තුළ විනාඩි 15ක් රෝස්ට් කර ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!