චිකන් මග්ලුබා රයිස්

අට දෙනෙක් සඳහා
අවශ්‍ය ද්‍රව්‍ය
- සම ඉවත් කර ගත් කුකුල් මස් ග්‍රෑම් 500 ක්
- බාස්මතී හාල් කිලෝ ග්‍රෑම් 1 ක්
- බැදගත් කෝන් පිටි ග්‍රෑම් 500
- බැදගත් වම්බටු කිලෝ 1 ක්
- වියලි දෙහි ගෙඩි 1 ක්
- තක්කාලි ග්‍රෑම් 200 ක්
- සිහින්ව කපාගත් බී ලූනු බීලූනු ග්‍රෑම් 200 ක්
- කුරුදු පොතු කැබැල්ලක්
- ලුණු හෝ ගම්මිරිස් පදමට
- මාගරින් ග්‍රෑම් 150 ක්
- සුප් කැට එකක් (අවශ්‍ය නම් පමණක් )
සාදන ක්‍රමය
- ප්‍රථමයෙන් කපාගත් කුකුළු මස් ටික හොඳට සෝදා ලුණු මිස්ට වතුර මත හොඳින් තම්බා ගන්න. දැන් මෙයට සෝදාගත් ඉතිරි සියලුම ද්‍රව්‍ය එක්ක හොඳට හොදට කලවම්කර උතුරුවා ගන්න.
- දැන් මූඩිය කින් වසා විනාඩි 12 -20 අතර කාලයක් බත පිසගන්න.මෙම බත පිස ගත් පසු එම බත් එක විශාල බඳුනක් මතට අනෙක් අතට හරවා පිළිගැන්වීම මෙහි සාම්ප්‍රදායික ක්‍රමයයි .
- අවසානයට චොප් කරගත් පාස්ලි ස්වල්පයක් දමා පිළිගන්වන්න . මෙය අරාබි කරයේ විශේෂ උත්සව අවස්ථා සඳහා පිළිගන්වන ආහාරකි.
