හොට් බටර් මශ්රූම්

අවශ්‍ය ද්‍රව්‍ය
- හතු 100g,
- කෝන් පිටි 100g,
- ලුණු තේ හැඳි 1\4,
- කහ ස්වල්පයක්,
- චොප් කරගත් සුදු ළූණු,
- බටර් මේස හැඳි 1,
- සීනි තේ හැඳි 1\2,
- චිලි පේස්ට් මේස හැඳි 1,
- තෙල් තේ හැඳි 1,
- කපාගත් මාළු මිරිස් කරලක්,
- දිගට කපාගත් ළූණු කොළ ටිකක්,
- කපාගත් වියලි මිරිස් කරල් කීපයක්,
- දියාරුවට සාදාගත් කට්ලට් බැටර් එක
සාදන ක්‍රමය
- හතු ලුණු වතුරේ දමා සෝදා, හොඳින් දිය මිරිකා තීරු වලට ඉරාගන්න.
- කෝන් පිටි වලට ලුණු සහ කහ ඇඟිලි තුඩින් ගන්න තරම් ප්‍රමාණ දෙකක් විතර දාල මික්ස් කරගන්න.
- හතු වලට කට්ලට් බැටර් එක එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. කෝන් පිටි වල හතු තීරු දවටා රත් වූ ගැඹුරු තෙලේ ක්‍රිස්පි ගතියට එනතුරු බැදගන්න.
- වෙනම භාජනයක් රත් වෙන්න තබා එයට තෙල් තේ හැන්දක් එක් කර එයට සුදු ළූණු, බටර්, චිලි පේස්ට්, තෙල්, සීනි එක් කර මිශ්‍ර කරගන්න.
- එයට බැදගත් හතු, මාළු මිරිස්, වියලි මිරිස් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. ලිප නිවා ළූණු කොළ එක් කර මිශ්‍ර කරගන්න.
- මස් මාළු නොකන බිත්තර විතරක් පාවිච්චි කරන අයට මේ රෙසිපි එකේ කට්ලට් බැටර් එක වෙනුවට බිත්තර සුදු මදයක් ගන්න පුළුවන්.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
