බ්‍රෙඩ් කැසරෝල්

අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් භාගයක්,
- සොසේජස් 4,
- ළූණු ගෙඩියක්,
- මාළුමිරිස් කරලක්,
- තක්කාලි ගෙඩියක්,
- ගම්මිරිස් කුඩු,
- ලුණු කුඩු,
- බිත්තර 3
සාදන ක්‍රමය
- භාජනයක් ලිපේ තියල එකට තෙල් ටිකක් එකතු කරන් පොඩියට කපාගත්ත සොසේජස් දාල බැදගන්න.
- ඒ ටික බැදුනම ඒකටම කපාගත්ත ළූණු, මාළුමිරිස්, තක්කාලි එක්ක ගම්මිරිස් කුඩු, ලුණු කුඩු ටිකක් එකතු කරල කලවම් කරගෙන, ඒකට පාන් පොඩියට කඩල එකතු කරගන්න.
- කැමති නම් තම්බල බැදගත්ත හතු ටිකක් හෝ මස් වර්ගයක් උනත් මේකට එකතු කරගන්න පුළුවන්. මේ මිශ්‍රණය බටර් ගාපු තැටියකට දාගෙන පැතලි කරන් ඒකට උඩින් හොඳින් ගසාගත්තු බිත්තර වත් කරගන්න. දැන් මේක සෙල්සියස් 180ට ප්‍රී හීට් කරගත්ත අවන් එකක විනාඩි 20-30 බේක් කරගන්න උඩ දුඹුරු පාට වෙනකම්. (ගන්න ප්‍රමාණ අනුව අවන් එකේ තියන වෙලාව වෙනස් වෙනව. මතුපිට රන්වන් පාට වෙලා එන ගාණට තිබ්බම ඇති)
- අවන් නොකර හදාගන්න නම් නන්ස්ටික් පෑන් එකක එළවළු තෙම්පරාදු කරගෙන ඒකටම පාන් ටිකත් එකතු කරන් ඒ පෑන් එකටම බිත්තර එකතු කරල අඩුම ගින්දරේ පියනකින් වහල තියන්න විනාඩි 20ක්.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
