බීට් වයින්

අවශ්‍ය ද්‍රව්‍ය
බීට් කිලෝ 2 ක් ,
සීනි කිලෝ 2 ක් ,
යීස්ට් ග්‍රෑම් 30 ක් ,
කුරුඳු පොතු කෑලි 2 ක්,
කරද මුංගු ස්වල්පයක්,
කරාබුනැටි ස්වල්පයක් ,
වතුර බෝතල් 1 1/2 ක්,
ලෙමන් මේස හැඳි 8 ක්
සාදන ක්‍රමය
- බීට් පිරිසිදු කර පුංචි කෑලි වලට කපාගන්න. බීට් කුඩාවට කැපීම තුලින් බීට් වල ඇති සියලුම සීනි ප්‍රමාණය හා වර්ණය වතුරට එකතු වීමක් සිද්ධ වෙනවා.
- දැන් කපාගත් බීට් වලට වතුර දමා හොඳින් තම්බා ගන්න. තම්බාගත් බීට් ටික ඉන්පසු පෙරා කෑලි අයින් කර වතුර පමණක් සූදානම් කරගන්න. සුදානම් කරගත් බීට් වතුර ටික හොඳින් නිවා ගැනීම නිවාගැනීම කරන්න ඕනේ.
- දැන් නිවාගත් බීට් වතුරට සීනි, ඊස්ට්, ලෙමන් යුෂ කරදමුංගු, කරාබු නැටි දමා හොදින් මිශ්‍ර කරන්න. අනෙක් වර්ග සෑදූ ආකාරයටම දින 7ක් කළුවර තබා පෙරා ගැනීම කළ යුතුමයි.
- වතුර බෝතලයට දැමූ පසු බෝතලේ මූඩිය තබා ගැනීම ඉතා ඉතාමත් අවශ්‍ය දෙයක්. මූඩිය බුරුල් වෙලා තිබුනොත් ඇතුලත තියෙන ස්ප්රිට් ගතිය අඩුවෙන්න පුළුවන්.
- එහෙම වුනොත් වයින් එකේ තියෙන පෝෂණ ගතිය නැති වෙලා යනවා. ඒ වගේම බෝතලය අරින්න මත්තෙන් පොඩ්ඩක්වත් හොලවන්න එපා. පෙන ගතිය වැඩි වගේ නම් මූඩිය ස්වල්පයක් බුරුල් කර තබා ඉන් පසුව තමයි අරින්න ඕන.
- බෝතලය සෙලවුවොත් උතුරලා යන්න පුළුවන් මුලින් ආකාරයටම 7 තවත් පෙරා ගත් බීට් වයින් අවුරුදු දෙක තුනක් පරණ කිරීමෙන් පසු පාවිච්චියට ගන්න පුළුවන්.
