කී රොටිය

May 25, 2023by iwumphihum_ad0
177.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

ආප්ප මිශ්‍රණය සඳහා,

  • හාල්පිටි කෝප්ප 2 1/2,
  • සීනි තේ හැඳි 2,
  • ලුණු තේ හැඳි 3/4,
  • මිටි කිරි කෝප්ප 1/2,
  • බේකින් සෝඩා තේ හැඳි 1/4,
  • පොල් වතුර 1/2,
  • කිරිපිටි මේසහැඳි 1,

සිරප් එක සඳහා,

  • හකුරු 250g,
  • දිය කිරි කෝප්ප 2,
  • මිටිකිරි කෝප්ප 1,
  • තලාගත් සුදුළූණු බිකි 3,
  • ගම්මිරිස් කුඩු මේසහැඳි 1/2,
  • බැදපු හාල්පිටි මේසහැඳි 2

 

සාදන ක්‍රමය

  • ඉස්සෙල්ලම හාල්පිටි ටික භාජනයකට දාලා ඒකට පොල් වතුර ටිකින් ටික හිමීට දාලා අතින් අනන්න ඕනි. ඊට පස්සේ සීනි තේ හැන්දක් දාන්න. මේකත් තලපයක් එන විදියට අනාගන්න. දැන් මේ මිශ්‍රණය පැය 6ක් පිපෙන්න තියන්න. 
  • ඊට පස්සේ මේකට මිටිකිරි කෝප්ප 1/2 එකතු කරන්න. එක පාරට ම නැතුව ටික ටිකයි දාන්න ඕනි. මේක අනාගත්තාට පස්සේ ලුණු ප්‍රමාණය දාගන්න. 
  • ඒ වගේම සීනි තේ හැන්දකුත් බේකින් සෝඩා තේ හැඳි 1/4ත් දාලා කලවම් කරන්න. කිරිපිටි මේසහැන්ද ඊළඟට එකතු කරගන්න. මේ මිශ්‍රණය පැය භාගයක් තියෙන්න අරින්න. දැන් මිශ්‍රණය හදලා ඉවරයි.
  • ඒ අතරතුර පොල්පැණි සිරප් එක හදාගන්න. භාජනයක් ලිප තියලා ඒකට දියකිරි කෝප්ප 1 1/2ක් දාන්න. මේකට හකුරු 150g එකතු කරගන්න. අඩු ගින්දරේ දියකරගන්න. දියවුණාට පස්සේ ඉතුරු හකුරු ටික එකතු කරන්න. ඒකත් දිය වුණාට පස්සේ මේ ද්‍රාවණය පෙරාගන්න ඕනි. 
  • පෙරාගත්තු මිශ්‍රණය භාජනයකට දාලා ලිපේ තබන්න. එයට ගම්මිරිස්, සුදුළූණු දාලා කලවම් කරලා ටික වෙලාවක් ලිප තියාගන්න. මිටිකිරි කෝප්පයෙන් ටිකක් එක් කරගන්න. බැදපු හාල්පිටි මේසහැඳි 2 මෙයට එක් කරන්න. හොඳින් හැඳි ගාලා විනාඩි කීපයක් ලිප මත මද ගින්නේ තබන්න. ලුණු ඩිංගක් එකතු කරගන්න.
  • අඩු ගින්දරේ තාච්චියක් ලිප තියලා කී රොටී ටික හදාගන්නේ මෙහෙමයි. අඩු ගින්දරේ තෙල් ගාපු තාච්චියට මිශ්‍රණයෙන් ඩිංග ඩිංග එකතු කරලා රොටිය හදාගන්න. මේකට සාමාන්‍ය ආප්පයක් හදනවාට වඩා කාලයක් යනවා. 
  • ටික වෙලාවකින් තාච්චියේ පියන ඇරලා ඇඟිලි තුඩුවලට වතුර ටිකක් අරගෙන ඉහින්න. ආයෙත් පියනෙන් වහලා තම්බගන්න. එක පැත්තක් විතරයි තම්බගන්නේ. කී රොටිය හොඳට තැම්බුණාට පස්සේ කලින් හදාගත්තු සිරප් එක ඇතුළට රොටිය දාන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!