පූරි

අවශ්‍ය ද්‍රව්‍ය
ආට පිටි ග්‍රෑම් 500ක්,
දුන්තෙල් ග්‍රෑම් 50ක් ,
ලුණු මේස හැදි 1/2ක් ,
බේකින් පවුඩර් තේ හැදි 1 ක් ,
අවශ්‍ය පමණට වතුර ,
බැද ගැනීමට තෙල්
සාදන ක්‍රමය
- පිටි හලා භාජනයකට දමා පිටි, බේකින් පවුඩර්, දුන්තෙල් එකතු කර හොඳින් අනන්න.
- දැන් අවශ්‍ය පමණට වතුර එකතු කර අතේ නොඇලෙන පදමට පිටි මාංශය සාදාගන්න.
- පැයකට පමණ පසු නැවතත් මේ පිටි මාංශය අතින් අනාගන්න. අනන්න. එයින් බිත්තරයක ප්‍රමාණය කුඩා බෝල සාදා ඒවා අඟල් 1/2 පමණ ඝනකමට තුනී කරන්න.
- දැන් තෙල් තාච්චිය ලිප තබා රත් වූ පසු එකවර ක එය එක වරක එක බැගින් ගැඹුරු තෙලේ ලා දුඹුරු පැහැවන තුරු බැද ගන්න.
