මාළු සඳහා Curry Paste

අවශ්‍ය ද්‍රව්‍ය
වියළි මිරිස් කරල් ග්‍රෑම් 100 ක් ,
වියලි ගොරකා බික් තුනක් 4 ක් ,
ලුණුකැට හෝ මේස ලුණු තේ හැඳි 1 ක් ,
කරපිංචා ,
සූදුරු ටිකක් ,
කහ ස්වල්පයක්
සාදන ක්‍රමය
- වියලි මිරිස් නැති කඩා සෝදා වේලෙන්නට තබන්න.ගොඩක් අද සෝදා වේලා ගන්න.
- හොඳින් තෙත හිදි වේළුණු පසු මිරිස් සහ ගොරකා ලුණු වතුරේ දමා දින දෙකක් පමණ පෙඟෙන්නට හරින්න .
- ඉන්පසු කෑලි වලට කඩා ලුණුකැට ද කිසිසේත් මිශ්‍ර නොකර ගලේ අඹරන්න ද කිසිසේත් මිශ්‍ර නොකර ගලේ අඹරන්න.අඹරන්න ට වතුර අවශ්‍ය නම් ලුණු වතුර ගන්න. ඔබට මෙය ගයින්ඩරයේ ද හොඳින් කුඩු කර ගත හැකිය.
- අවශ්‍ය නම් සුදුලූනු දෙකක් කුරුඳුපොතු කැබැල්ලක් ආදියද දැමිය හැකිය .
- කරපිංචා සෝදා අව්වේ වේලා එය අතින්ම කුඩු කර ගත හැකිය .සූදුරු ටික ද තරමක් කබලේ බැදගත් කර එයද අඹරා මිරිස් කුලියට මිශ්‍ර කරන්න.
- කරපිංචා කුඩු ද එකතු කරගන්න .නැතහොත් මිරිස් සමග අන් සියලු ද්‍රව්‍ය එකට අඹරා ගන්න පුළුවන්. මේවා අඹරන විට වතුර එකතු නොකරන්නට වගබලාගන්න.
- එසේ වුවහොත් දින කිහිපයක් තබා ගැනීම අසීරු වේ.
