තක්කාලි සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය
තක්කාලි ග්‍රෑම් 250 ක්,
විනාකිරි මේස හැදි 4 ක්,
මිරිස් කුඩු තේ හැඳි 1 ½ ක්,
සිහින් ව ලියා ගත් සුදුළූණු තේ හැඳි ½ ක්,
සීනි මේස හැඳි 5 ක් ,
කෝන් පිටි මේස හැදි 1 ක්
සාදන ක්‍රමය
- තක්කාලි උණු වතුර දමා පිටපොත්ත හැලෙන තෙක් තම්බන්න.
- ඉන්පසු තක්කාලිවල තක්කාලි වල පොතවල පොත්ත ඉවත් කර පොඩි කර හොඳින් පෙරා ගන්න .
- එයට සියලුම ද්‍රව්‍ය එකතුකර එකතු කර ලිප තබා උකුවන තෙක් පිසගන්න.එය උකු වේගන එන විට කෝන්පිටි මේස හැන්දක් ඇල් වතුරෙ දියකර එයට එක්කරන්න.
- සෝස් ප්‍රමාණයට එනවිට ලිපෙන් ඉවතට ගත යුතුය.
- එයට ලුණු තේ හැඳි එකක් ද එක් කරන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
