කහ බත්

අවශ්‍ය ද්‍රව්‍ය
- සම්බා සහල් ,
- කැට් උම්බලකඩ ග්‍රෑම් 100ක්,
- ගම්මිරිස් ඇට 20ක්-25ක්,
- කරපිංචා ,රම්පේ, සේර,
- ලුණු ,
- දුන්තෙල් ,
- රතු ලූනු පෙති අවශ්‍ය පමණ,
- කරාබු නැටි 7ක් – 8ක් ,
- කරද මුංගු කරල් 15ක් ,
- බත් පාට කිරීමට අවශ්‍ය කහ,
- පොල්කිරි අවශ්‍ය පමණ
සාදන ක්‍රමය
- සාස්පානක් හෝ හට්ටියක දමා දුන්තෙල් රත්කොට රම්පෙ, කරපිංචා, සේර කුඩා කැබලි වලට කපා සපයා ගත් රතු ළූණු පෙති වලින් 1/3 පමණ ගෙන එයත් සමග බදින්න .
- ලූණු බැදුණා ට පසු සෝදන ලද හාල් ද එහි දමා විනාඩි 3ක් පමණ කලවම් කර කරදමුංගු හැර අනෙක් ද්‍රව්‍ය සියල්ලම මිශ්‍ර කර පොල්කිරි වත් කරන්න .
- හාල් මඳක් තැම්බුණු පසු කරද මුංගු එකතු කළ යුතුයි .
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
